Coss Ear2
lakbima.lk
COSS Ear 1

කැබිනට් ප්‍රකාශක අර්බුදය උග්‍රවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (09) තීරණය කර තිබේ. ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයක් මුල් කර ගනිමින් ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා සමග පසුගියදා ඇති වූ ආරවුල හේතුවෙන් මෙම තීරණය ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 
ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා හා රාජිත සේනාරත්න මහතා අතර ඇතිවූ මතගැටුම පිළිබඳව අද (09) කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ බවත් එය සුහදත්වයෙන් සමථයකට පත් කර ගැනීමට හැකි වූ බව ත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ අතර පක්ෂ දෙකෙහිම ඇමැතිවරු සාමූහිකව කටයුතු කළ යුතු බැවින් ගැටලු මතු වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටින්නැයි එහිදී ජනාධිපතිවරයා දෙපාර්ශ්වයට අවවාද කළ බව මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. නැවත එවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන බව රාජිත සේනාරත්න මහතා හා සෙනෙවිරත්න මහතා කැබිනට් මණ්ඩලයේදී එකඟත්වය පළ කළ නිසා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් කනගාටුව ප්‍රකාශ කළ බවද අමරවීර මහතා එහිදී පැවැසීය. කැබිනට් මණ්ඩලයේදී මෙම ගැටලුව සමථයකට පත් නොවුණේ නම්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් මණ්ඩලය වර්ජනය කිරීමට තීරණය කර තිබූ බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
 
කමණී හෙට්ටිආරච්චි
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1771

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1043

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3110

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4187

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7183

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6328

Please publish modules in offcanvas position.