Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොරියානු රැකියා ඇපය අත්හිටුවයි

කොරියානු රැකියා සඳහා පිටත් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඇප මුදලක් ලෙස රුපියල් ලක්ෂ පහක මුදලක් අය කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන තිබූ තීරණය වහාම අත්හිටුවීමට විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පියවර ගෙන ඇත.
එරටට රැකියා සඳහා යන ශ්‍රමිකයන් බොහෝ විට වෙනත් ස්ථානවලට පැන යාම ආදී හේතු වැළැක්වීම සඳහා මෙසේ රුපියල් ලක්ෂ පහක ආරක්ෂිත මුදලක් 2017.5.5 දින සිට අය කිරීමට මෙසේ තීරණය කර තිබි ඇති අතර ඇමැතිනියගේ උපදෙස් මත මෙසේ ඊයේ (9) සිට අත්හිටුවීමට පියවර ගනු ලැබූ බව කාර්යාංශය පවසයි.
දකුණු කොරියාව සඳහා නීත්‍යනුකූලව පිටත් වන ශ්‍රමිකයන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වන ඇප බැඳුම්කරයට අමතරව මෙම මුදල අය කිරීමට තීරණය කර තිබිණ.
එම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසත් ඒ පිළිබඳව කොරියානු භාෂා විභාගය සමත් අපේක්ෂකයන්ව දැනුවත් කරන ලෙසත් අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදී ඇත.
දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 26,000 ක් රැකියාවල නිරත වන අතර 2016 වසරේදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයන් 6629 ක් පිටත්ව ගොස් ඇති බව කාර්යාංශයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.
 
පද්මිණී මාතරගේ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 749

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 358

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3465

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1962

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3956

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5048

Please publish modules in offcanvas position.