Coss Ear2
lakbima.lk
COSS Ear 1

පින්බර වෙසක් තෙමඟුල උදා වූ වගයි

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2560 ශ‍්‍රී වෛශ්‍යාඛ මංගල්‍යය දැන් උදා වී ඇත. මෙවර වෙසක් පුර පසලොස්වක පෝය මැයි 10 වන දින පූර්ව භාග 1.07 ට උදා වන අතර මැයි 11 වන දින පූර්ව භාග 3.12 ට පොහොය ගෙවීමට නියමිත ය. සෑම ශ්‍රී ලාංකීය බෞද්ධයකුම පාහේ බුද්ධාභිවන්දනා මුල් කොට ගත් දාන ශීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වල යෙදෙන මෙම උතුම් දිනයේ දිවයිනේ සෑම බෞද්ධ විහාරස්ථානයකම විශේෂ ආගමික වැඩ සටහන් පැවැත් වේ. දිවයින පුරා තොරණ, පහන් කූඩු ආදියෙන් ඔපවත් කෙරෙන වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආලෝක මංගල්‍යය ලෙසද හැදින් වේ. 
 
මෙවර වෙසක් උත්සවය වඩාත් උත්කර්ෂවත් වනුයේ 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල ද මෙවර ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන නිසා ය. 
 
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මැයි 07 සිට 13 වන දා දක්වා වෙසක් සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇති අතර මැයි 10,11 දෙදින තුල සුරාසල්, මස් මාංශ අලෙවි හල්, සූදු ක‍්‍රීඩා පවත්වන ස්ථාන, සමාජ ශාලා වැසීමට රජය තීරණය කොට ඇත. මේ පිළිබඳ නිවේදනය ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පළාත් ප‍්‍රධාන ලේකම්වරුන් සහ දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත දන්වා යවා තිබේ. 
 
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ද රථ වාහන පොලිසිය කොළඹ නගරය සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක‍්‍රියාත්මක කරන අතර මෙම වෙසක් සතිය නිමිත්තෙන් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක‍්‍රියාවට නංවා තිබේ. 
 
එමෙන්ම ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා සහභාගී වන රාජ්‍ය නායකයන් මුල්කොට දේශපාලන විරෝධතා හර්තාල් සිදුකිරීමට ඇතැම් පිරිස් ගනු ලබන උත්සාහයන් වැළැක්වීමට ද අවශ්‍ය වැඩකටයුතු සකස් කොට තිබේ. 
 
තවද ඔළුබක්කන් නැටීම ඇතුළු බෞද්ධ ආගමික හරයන්ට හානි වන විකාර රූපී නාටක හා සංදර්ශන නවත්වන ලෙස ද පොලිස්පතිවරයා දිවයිනේ සියලූම පොලිස් ස්ථානවලට නියෝග කොට තිබේ. 
 
එමෙන්ම නීති විරෝධී මත්පැන් අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ඒකක සීරුවෙන් තබා ඇත. මේ අතර දිවයිනේ පැවැත්වෙන සියලුම දන්සල් මේ වන විට බුද්ධ ශාසන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කොට ඇති අතර ඒවායෙහි ආහාර පානවල සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව විමසිලිමත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සූදානමින් සිටිති. 
 
එස්. ටී. සිල්වා

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1226

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 700

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4090

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2351

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4380

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5534

Please publish modules in offcanvas position.