Coss Ear2
lakbima.lk
COSS Ear 1

හිටපු වරාය සේවකයාගේ සිරුර ගොඩ ගැනේ

වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ වරාය හිටපු සේවකයාගේ අතුරුදන් වීම ඝාතනයක් බව තහවුරු වීමත් සමඟ ඔහුගේ මළ සිරුර වළලා ඇතැයි සැලකෙන ස්ථානය මේ වන විට වත්තල මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂණ වලට ලක් වෙමින් තිබේ. ඒ අනුව අද (09) එම ස්ථානයෙන් එම මළ සිරුර ගොඩ ගැනීමට ද සූදානමක් පවතී.

මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකපිට අතුරුදහන් වූ පුද්ගලයාගේ බිරිඳ, දියණිය හා දියණියගේ සැමියා විශේෂ ‍පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.

වරාය අධිකාරියේ සේවකයෙකුව සිටි වත්තල, කෙරවලපිටියේ පදිංචි හෙට්ටිතන්ත්‍රිගේ වෝල්ටර් (65) යන අය දින කිහිපයක සිට දක්නට නොලැබිම නිසා ඔහුගේ අසල්වැසියන් විසින් ඔහුගේ බිරිඳගෙන් මේ පිළිබඳ විමසා ඇත. එහිදී තම සැමියා හදිසියේ කතරගම ගොස් ඕස්ට්‍රේලියාව බලා ගිය බව බිරිඳ අසල්වැසියන්ට පවසා තිබිණි. මේ පිළිබඳ සැක පහල වීම නිසා අසල්වැසියන්  ඒ සම්බන්ධයෙන් ‍පොලීසියට පැමිණිල්ලක් කර ඇත. මෙම පැමිණිල්ලට අනුව ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අතුරුදන් වූ පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ද ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ තම සැමියා විදෙස් ගත වූ බව යි. විදෙස් ගත වූ බවට සනාථ කෙරෙන ලිපි ‍ලේඛන ද රැගෙන ‍පොලීසියට පැමිණෙන්නැයි ‍පොලීසිය දැනුම් දීමෙන් පසු එම නිවසේ ජීවත් වූ බිරිඳ සහ දියණිය නිවසින් පලා ගොස් තිබිණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වු ‍පොලීසිය විශේෂ ‍පොලිස් කණ්ඩායමක් යොදා ඊයේ (08) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. ‍පොලිස් විමර්ශනයේදී දීර්ඝ ලෙස කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම අතුරුදහන්වීම ඝාතනයක් බව තොරතුරු හෙළි වී තිබේ. මෙහි දී එම මරණය ඔහුගේ බෑනා විසින් පසුගිය 25 වෙනිදා පිහි ඇණුමකින් සිදුකර ඇති බවද එම සිරුර දින දෙකකට පසු ගෙවත්තේ වළ දමා ඇති බවද ප්‍රකාශ වී තිබේ.

බස්නාහිර පළාත භාර අපරාධ හා රථවාහන ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය ‍පොලිස්පති කපිල ජයසේකර මහතාගේ උපදෙස් පරිදි කැළනිය කොට්ඨාසය භාර ‍පොලිස් අධිකාරි උපාලි ජයසිංහ, කැළනිය සහකාර ‍පොලිස් අධිකාරි ජේ. එම්. එම්. ජයලත් යන නිලධාරිහූ  විමර්ශන කටයුතු සිදු කරති. ඒ අනුව වත්තල මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණයෙන් අද දිනය තුළ මෘතදේහය ගොඩ ගැනෙනු ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් කුපිත වූ ප්‍රදේශ වාසීහු මේ වන විට එම නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදී සිටිති.




කමණී හෙට්ටිආරච්චි/ ප්‍රසංග පෙරේරා{jcomments on}

 

 

 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 629

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1146

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1006

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 779

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5437

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3591

Please publish modules in offcanvas position.