Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු සොයන මෙහෙයුමක්

ද්විත්ව පුරවැසි භාවය සහිත මැති ඇමැතිවරුන් තවදුරටත් පාර්ලිමේන්තුව තුළ සිටීද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේම තොරතුරු එක්රැස් කිරීමට පැෆරල් සංවිධානය තීරණය කර තිබේ.
තොරතුරු දැනගැනීමේ පනතේ වගන්තිවලට අදාළව එම තොරතුරු එක්රැස් කිරීමට නියමිත බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. එවැනි ජනතා නියෝජිතයන් සිටිත් නම්, ඔවුන් පිළිබඳව තොරතුරු ජනතාවට හෙළි කිරීම තම සංවිධානයේ අරමුණ බවත්, එවැනි පුද්ගලයන් රටේ නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුතු සඳහා සුදුසු පුද්ගලයන් නොවන බව තම සංවිධානයේ විශ්වාසය බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය. යම් අවස්ථාවකදී එවැනි මන්ත්‍රීවරයකු නියෝජනය කරන රටවල් දෙක අතර තීරණාත්මක අවස්ථාවක් ඇතිවුවහොත් එයට අදාළ මන්ත්‍රීවරයා කුමන රටකට පක්ෂපාතීව කටයුතු කරයිද යන්න සැකසහිත බවද හෙතෙම අවධාරණය කළේය. වෙනත් රටක පුරවැසි භාවය ලබන්නේ තම රටේ සිටීමට ඇති අකමැත්ත නිසා බවත්, එවැනි අකමැත්තක් ඇති පුද්ගලයකු තම රටේ ජනතාවට සේවය කරයි යැයි විශ්වාස කළ නොහැකි බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

ගයාත්‍රී ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4470

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4134

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7238

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4538

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2886

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3695

Please publish modules in offcanvas position.

Web Analytics