Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගීතා ගෙදර යයි පියසේන ගමගේ එයි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය සඳහා නුසුදුසු බව අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තුවට කළ දැනුම්දීම අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව එහි මහා ‍ලේකම් ධම්මික දිසානායක මහතා  මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත කළ එම දැනුම්දීම අනුව මැතිවරණ කොමිසම රැස්වී ගාල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයාගේ නම මන්ත්‍රී ධුරය සඳහා ගැසට් කිරීමට නියමිතය.
මැතිවරණ කොමිසම විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ගීතා කුමාරසිංහ මහත්මියට පසුව ඊළඟට වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයාගේ නම දන්වන ලෙස ලිඛිතව ගාල්ල දිසාපතිවරයා වෙත දැනුම් දෙනු ඇත. ඉන් අනතුරුව දිසාපතිවරයා විසින් ඊළඟට සිටින අයගේ නම මැතිවරණ කොමිසම වෙත දන්වා එවනු ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වන්නේ හිටපු ඇමැති පියසේන ගමගේ මහතාය. ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස සිටියදී ස්විට්සර්ලන්තයේද පුරවැසි භාවය ලබා සිටීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු කරුණක් බව අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළේය. එම තීන්දුවට ප්‍රකාරව පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමිසම මෙම පියවර ගෙන ඇත.

ලසන්ත වීරකුලසූරිය

IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 31

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2967

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6221

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5199

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3114

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3068

Please publish modules in offcanvas position.