Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වෙසක් සතිය සාමකාමීව සමරන්න රට පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක්

මහජනතාවට වඩාත් නිදහස්ව හා සාමකාමිව වෙසක් සිරි නැරඹිමට ඉඩ ප්‍රස්ථාව සලසමින් වෙසක් සතිය පුරා මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

ඒ අනුව කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කෙරෙන විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙල යටතේ වෙසක් කලාප ලෙස නම් කර ඇති දියවන්නාව, චෛත්‍ය පාර, හුණුපිටිය ගංගාරාමය වැනි ප්‍රදේශයන් තුළ මහජනතාව හැසිරිමට හා රථ වාහන පාලනය සඳහා වැඩි පොලිස් නිළධාරින් සංඛ්‍ය‍ාවක් යොදවනු ලබන අතර රථ වාහන කළමණාකරණයට අතිරේක පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.

මෙම වෙසක් සමය තුළගැට කපන්නන් ඇතුළු අපරාධ සිදු කිරිමට උත්සුක වන පුද්ගලයින් පිළිබඳව ආවේක්ෂණය කිරිමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර කොළඹ නගරයේ දැනට ක්‍රියාත්මක සිසිටිවි කැමරා පද්ධතියට අමතරව අතිරේක කැම‍රා කිහිපයක්ද වෙසක් කලාප ආවරණය වන පරිදි යෙදවිමටත් ආවේක්ෂණ කැමරා  වාහන යොදා ගනිමින් වැදගත් ස්ථාන ආවරණය කිරිමත් මෙහිදි සිදු කෙරේ.

එමෙන්ම වෙසක් නැරඹිමට පැමිණෙන කුඩා ළමුන් රැගත් වැඩිහිටියන් දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත් හැකි සෑම අවස්ථාවකම මාර්ග තදබදය පවතින ස්ථානයන් ඔස්සේ රිය ධාවනයෙන් වළකින ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

තවද මෙම කාලයේ මාර්ග භාවිතා කරන පදිකයින්ට, සෙසු රියදුරන්ට අවහිර වන පරිදි යතුරුපැදි ධාවනය පුද්ගලයින් සම්බන්ධයෙන් නිතිය තදින් ක්‍රියාත්මක කරන බවද පොලිස් මුලස්ථානය පවසයි.

කමණි හෙට්ටිආරච්චි/ශානිකා මාධවී පිරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3880

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3626

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6707

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4130

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2568

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3371

Please publish modules in offcanvas position.

Web Analytics