Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බිරිඳ මරා ලොරියකින් රැගෙන ගිහිල්ලා

බීමතින් නිවසට පැමිණ තම සිඟිත්තා විලාප දෙද්දී බිරිඳට පහරදී මරා දමා ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයකින් මළ සිරුර ‍රැගෙන යමින් සිටි පුද්ගලයෙකු හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.
 
මෙසේ ඝාතනය වී ඇත්තේ හබරණ,ගල් ඔය,සිංහගම පදිංචිව සිටි කාංචනා දිල්රුක්ෂි(29) නම් එක් දරු මවකි. පොලිසිය පවසන අන්දමට මාළු වෙළඳාමේ යෙදෙන මිය ගිය අයගේ සැමියා දිනපතාම පාහේ මත් පැන් බී නිවසට පැමිණ රෑ තිස්සේ බිරිඳට පහර දෙන බවත් ඊයේ (07) රාත්‍රියේ මාස අටක කුඩා දරුවා විලාප තියද්දී බිරිඳට පහර දෙන බවත් ඇසූ අසල්වැසියෙකු විසින් 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් ඇත. ඒ යන විටත් සැකකරු සිය බිරිඳ ඝාතනය කර ඩීමෝ බට්ටා ලොරි රථයක දමා ගෙන මළ සිරුර ‍රැගෙන පිටව ගොස් ඇත. 

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ආරක්ෂක විධි විධාන තර කර ඇති අතර ලොරි රථය ත්‍රිකුණාමලය දෙසට ගමන් කළ අවස්ථාවේ පොලිසිය අත් අඩංගුවට ගන්නට සැරසෙත් ම පලා ගොස් ඇත. පසු පස ලුහු බැදි පොලිසිය සැකකරු දඹුල්ල දෙසට ලොරිය ධාවනය කරමින් සිටිය දී හිරිවඩුන්නේ දී රාත්‍රී 11.30 ට පමණ අත් අඩංගුවට ගෙන ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් හා ස.පො.අ. ගම්ලත් මහතාගේ මෙහෙයවීමෙන් හබරණ පොලිස් ස්ථානාධිපති පො.ප.පි .ඒ.යු.ඩබ්.පිටිගල මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

ප්‍රියන්ත බණ්ඩාර-පොලොන්නරුව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3123

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2967

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6017

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3594

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2184

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3000

Please publish modules in offcanvas position.

Web Analytics