Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඒකාබද්ධයේ කණ්ඩායමක් ශ්‍රීලනිපයෙන් ඡන්දයට

 

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මැතිවරණයට ඉදිරිපත් වන බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, අමාත්‍ය එස්. බි. දිසානායක මහතා පැවැසීය.
කම්කරු දින සැමරුමට සහභාගි වීමෙන් අනතුරුව එම පිරිස මෙම තීරණය ගෙන ඇති බවත් ඔවුන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ගේ පවුල්වල සාමාජිකයන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බවට තොරතුරු ලැබුණු බව මහනුවර පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කීවේය.
හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සංවිධානය කළ මැයි දින රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූයේ කෝපයෙන් බවත් ඒ බව තමන්ට හොඳින් වැටහුණු බවත් කී අමාත්‍යවරයා මෙසේ කීවේය.
මහින්ද රාජපක්ෂ මහතාට මෙම මැයි රැලියට සහභාගි වීමට නොහැකියි. නමුත් ඔහු පැමිණි අයුරින් වැටහෙනවා, ඔහු පැමිණියේ අකමැත්තෙන්, කේන්තියෙන් බව. ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතාට වත්මන් ආණ්ඩුවේ ප්‍රබල පාර්ශ්වයකින් දුන් ‍පොරොන්දුවක් මතයි. ඒ ‍පොරොන්දුව තමයි, පළාත් පාලන මැතිවරණය ස්ථීර ලෙසම පැරණි ක්‍රමයට පැවැත්විය යුතු යැයි සඳහන් වීම. ඒ ‍පොරොන්දුව වෙනුවෙන් නව පක්ෂයක් නිර්මාණය කළා. නව ‍පොහොට්ටු පක්ෂය නිර්මාණය කරනවාට මහින්ද රාජපක්ෂ මහතා කිසිසේත්ම මනාප වුණේ නැහැ.
නමුත් පැහැදිලිවම කිව යුතුයි කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන මැතිවරණයක් සඳහා නීති මේ වන විට සම්පාදනය කොට අවසන්. තම අපේක්ෂාව ඉටු නොවුණු නිසා එතුමා බලවත් කෝපයෙන් සිටින බව මම දැක්කා. ඒ නිසා තමයි, එතුමාට වැරදුණේ.
පළාත් පාලන සහ ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ තිබුණත් ඒකාබද්ධ විපක්ෂය ඉන් පරාජයට පත්වෙනවා. ඔවුන්ගේ ශක්තිමත් ආසන සඳහා අපගේ ප්‍රබල අපේක්ෂකයන් ඉදිරිපත් කළහොත් නිසැක වශයෙන්ම ඔවුන් පරාජයට පත්වෙනවා. මේ සත්‍යය මහින්ද රාජපක්ෂ මහතා හොඳින්ම දන්නවා. එම පක්ෂයේ වැඩි දෙනකු අපේ පක්ෂය යටතේ තරග කරන තත්ත්වයට අප පත්කරනවා. ඒ සඳහා අවශ්‍ය ව්‍යාපාරය මේ වනවිට පක්ෂයේ ගොඩ නැගෙමින් අවසන්. එපමණක් නොව ඊට අවශ්‍ය ව්‍යාපාරය ඔහුගේ පවුල තුළින්ම  ගොඩනැගෙනවා. පවු‍ලේම බලගතු දෙතුන් දෙනකු ඉදිරියේදී අප සමග එක්වෙනවා යැයි සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්. බි. දිසානායක මහතා සඳහන් කළේය.
 
නදීක දයා බණ්ඩාර - මහනුවර අතිරේක
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3122

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2966

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6014

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3593

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2182

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2996

Please publish modules in offcanvas position.

Web Analytics