Coss Ear2
lakbima.lk
COSS Ear 1

වෙසක් සමයේ දැමිය යුතු කොඩි ගැන බෞද්ධයෝ දන්නවා

අදින් ඇරඹෙන වෙසක් සතියේ කොඩි දැමීම සම්බන්ධයෙන් බෞද්ධයන් හොඳින් දන්නා අතර ඔවුන් අමුතුවෙන් දැනුවත් කළ යුතු නැතැයි ද වෙසක් සතිය පුරා තම තමන්ගේ නිවාස, ව්‍යාපාර සහ සේවා ස්ථාන බෞද්ධ කොඩිවලින් සැරසීම වසර 100 කටත් වඩා වැඩි කාලයක් පුරා බෞද්ධයන් නොකඩවා සිදු කරන ක‍්‍රියාවක් යැයි ද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ ප‍්‍රකාශ කරති. උන්වහන්සේ එසේ ප‍්‍රකාශ කරන ලද්දේ ලක්බිම ඔන්ලයින් විසින් ඒ සම්බන්ධයෙන් කරනු ලැබූ විමසුමක දී ය. 
 
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමලරතන හිමියෝ මෙසේ ද කීහ.
 
‘‘පසුගිය වෙසක් උත්සවවලට සාපේක්ෂව මෙවර අප රටේ පැවැත්වෙන වෙසක් උත්සවයේ විශේෂ වැදගත්කමක් තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් උළෙල මේ රටේ දී පැවැත්වෙන නිසයි. ඒ අනුව මෙවර වෙසක් උළෙල ජාත්‍යන්තර අවධානයට යොමු වෙනවා. ඒ වගේම මේ වෙසක් සමයේ ශ‍්‍රී ලාංකීය බෞද්ධයන්ගේ ක‍්‍රියාකලාපයන් ජාත්‍යන්තරයට යාම වළක්වන්නට බැහැ. ඒ අනුව මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් අපේ රටේ සිදු කරන සැරසිලි ද මාධ්‍ය මගින් සෙසු රටවලට සන්නිවේදනය විය හැකියි. ඒ වගේම මෙවර 14 වෙනි එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල වෙනුවෙන් බෞද්ධ රටවල් කිහිපයක රාජ්‍ය නායකයන්ද මෙහි පැමිණෙනවා. ශ‍්‍රී ලාංකික බෞද්ධයන් වශයෙන් ඔවුන් කරුණා මෛත‍්‍රිය පෙරදැරිව ගෞරවයෙන් පිළිගැනීම කාගේත් යුතුකමක්. ඒ වගේම මේ වෙසක් උත්සවය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයන් වෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් තම සංචාර යොදා ගනිතැයි සිතන්න බැහැ. ඔවුන් එසේ නොකරනු ඇතැයි අප තරයේම විශ්වාස කරනවා’’ විමලරතන හිමියෝ කීහ.  
 
එස්. කොඩිතුවක්කු

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 510

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 231

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3181

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1788

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3771

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4860

Please publish modules in offcanvas position.