Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රාලහාමි සිරිකොත අලියාට වෙඩි තැබුවේ 'කෙසෙල් ගස' රජ කර වන්නලු

පසුගිය මැයි 1දා සවස පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඇති අලියාගේ ලකුණට වෙඩි තැබූ කොස්තාපල් වරයා මානසික ව්‍යාකූල තාවයකින් පෙළෙන්නකු බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහු මුලින් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ වර්තමානයේ පවතින පක්ෂ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ පියවරක් ලෙස තමන් අලියාට වෙඩි තැබූ බවය.

එහෙත් ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි දැඩි ඇල්මකින් යුත් අයෙකු බවද ඔහුගේ ප්‍රකාශ මගීන් තහවුරු වී ඇත.

මෙම කොස්තාපල් වරයා 1995 දෙසැම්බර් 15 දා ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ධ වී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළකු වශයෙනි. ඉන් පසුව 1996 සිට වසර 2000 දක්වා නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරිවල යෙදුණු මොහු වසර 2000දී සේවයෙන් පැන ගොස් තිබේ.

ඒ ඔහු විසින් සිදු කරන ලද විනය විරෝධි ක්‍රියා සම්බන්ධ පරීක්ෂණ වලින් මඟ හැර යාමටය. කෙසේ හෝ 2011 වසරේ ජනවාරි 11දා ඔහු නැවත සාමාන්‍ය පොලිස් සේවයට අනුයුක්ත කර ඇති අතර බුලත්සිංහල මතුගම කොට්ටාව යන පොලිස් ස්ථාන වල සේවය කිරීමෙන් අනතුරුව මිරිහාන පොලීසියේ සේවයට පැමිණ ඇත.

ඔහු පොලිස් සේවයේ යෙදී සිටින අතරේ මත්ද්‍රව්‍ය පානයට යොමු වී ඇති බවත් මතුගම පොලීසියේ සේවය කරන කාලයේ කපා ගත් කෙසෙල් ගසක් ප්‍රදර්ශනය කරමින් තමන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම වෙනුවෙන් කෙසෙල් ගස ලකුණ යටතේ චන්ද ඉල්ලන බවත් ප්‍රසිද්ධියේ පවසා ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ අලියා ඡන්ද ලකුණ, එක්සත් ජාතික පක්ෂය සමග හෝ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග හෝ අමනාපයක් නැතැයි මූලික ප්‍රශ්න කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර තිබේ. එම මූලික පරීක්ෂණයේ දී කොස්තාපල් වරයා මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝගයක් සම්බන්ධයෙන් කළුතර නාගොඩ රෝහලෙන් ප්‍රතිකාර ගත් බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා ඔහුගේ බිරිඳ විසින් ඉදිරිපත් කර තිබේ.

මොනරාගල උපන් මෙම කොස්තාපල්වරයා පසුව සිය දෙමාපියන් සමග මීගහ තැන්න පොලිස් වසමේ පදිංචි වී සිටි බව ඔහු පිළිබද ලේඛන වල සදහන්ය.

මෙම පොලිස් නිලධාරියාගේ මානසික තත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා තෙක් ඔහු ලබන 15දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4639

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4250

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7376

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4644

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2974

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3782

Please publish modules in offcanvas position.

Web Analytics