Coss Ear2
lakbima.lk
COSS Ear 1

GMOA ලේකම් සභාපතිගේ වෘත්තිය පටලවලා

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා එම සංගමයේ සභාපති ළමා ස්නායු රෝග විශේෂඥ අනුරුද්ධ පාදෙනිය මහතා, ළමා මානසික රෝග විශේෂඥවරයෙකු ලෙස මාධ්‍ය හමුවක දී හඳුන්වාදීම මඟින් මෙරට සාමාන්‍ය ජනතාව තුළ විශේෂඥ වෛද්‍ය ක්ෂේත‍්‍රයන් පිළිබඳ වැරදි අවබෝධයක් ඇතිවිය හැකි යැයි පොදු වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යායතන (CGPSL - College of General Practitioners of Sri Lanka) ප‍්‍රකාශකයෙක් පැවසීය. 
 
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩ වර්ජනය පැවැති පසුගිය මැයි 05 වන දා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොළඹ නවලෝක රෝහලේ දී ළමා ස්නායු වෛද්‍ය විශේෂඥ අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීම පිණිස මුදල් ගෙවා අංකයක් වෙන්කර ගැනීම සම්බන්ධ ලියවිලි රාමනායක මහතා විසින් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීම මුල්කොට ඊට පසුව පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ළමා මානසික රෝගවලට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු බැවින් රාමනායක මහතා යා යුතුව තිබුණේ වැඩිහිටියන්ගේ මානසික රෝග සඳහා ප‍්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු වෙත බව ය. 
 
එහෙත් පොදු වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ ප‍්‍රකාශකයා පවසනුයේ විශේෂඥ ළමා මනෝ වෛද්‍යවරයා (Consultant Pediatric Psychiatrist)  සහ විශේෂඥ ළමා ස්නායු රෝග වෛද්‍යවරයා (Consultant Pediatric Neurologist) එකිනෙකට වෙනස් වෘත්තිකයන් වන බැවින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා එහි සභාපතිවරයා ළමා මානසික වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වාදීම සපුරාම වැරදි සහගත බව ය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොදු වෛද්‍ය වෘත්තිකයන්ගේ් විද්‍යායතන ප‍්‍රකාශකයා කියා සිටියේ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සේවය කරන කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියන් දෙදෙනෙකුම සේවය කරන බැවින් ඉහත සඳහන් වෛද්‍ය ක්ෂේත‍්‍ර දෙක පටලවා ඉදිරිපත් කිරීම සාමාන්‍ය ජනතාවට වඩාත් අහිතකර ලෙස බල පෑ හැකි බවයි. 
 
සයිටම් ආයතන වෛද්‍ය උපාධියේ ප‍්‍රමිතිය පිළිබඳව බරපතල විවේචන එල්ල කරන වෛද්‍ය නවීන් ද සොයිසා මහතා තමන් විසින් කරනු ලබන ප‍්‍රකාශ සම්බන්ධයෙන් මීට වඩා දැනුවත් සහ වගකීම් සහගත විය යුතු බව ද එම ප‍්‍රකාශකයා කීය. 
 
දමයන්ති ගමගේ
IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 32

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2968

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6223

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5200

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3115

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3069

Please publish modules in offcanvas position.