lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

කසළ ප්‍රශ්නය තුළ ඇති කසඩ දේශපාලනය ඉවත් කළ යුතුයි

අධිකරණ නියෝගයකට අනුව මාස 06 කට පමණක් තාවකාලිකව කසළ බැහැර කිරීමට අවසර ලබාදීමත් සමඟ 2009 සිට ටොන් 600 බැගින් කොළඹ නාගරික බල ප‍්‍රදේශයේ කසලත් ඊට අමතරව කොලොන්නාව නගර සභාව හා ඇතැම් ස්ථාන වලිනුත් කඩුවෙලිනුත් මෙම ස්ථානයට කුණු රැගෙන ආවා.එම කුණු කන්දක් මීටර් 30 සීමාවට වඩා ඉහළ ගොස් මීටර් 48.5 ක බවට පත් වී, 50% කටත් වඩා වැඩිපුර කසල ප‍්‍රමාණයක් රඳවා ගැනීම හේතුවෙන් මේ ව්‍යසනයට අඩිතාලම වැටී තිබෙනවා. මේ අනතුර නාගරික සංවර්ධන අධිකාරිය කලින් හඳුනානොගත්තේ ඇයිදැයි විවිධ පිරිස් ප‍්‍රශ්න කරනවා. මේ අනුව නාගරික සංවර්ධන අධිකාරිය 2015 මැයි 20 යොමු කර ඇති ලිපියෙන් කඩිනමින් ඉවත් කළ යුතු නිවාසලාභීන් 100 දෙනෙකුගේ ප‍්‍රමුඛතා ලැයිස්තුව අනුව කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් අද මේ ඛේදවාචකය සිදු වී අපට නිවාස 98 ක් දෙන්න සිදුවෙලා තිබෙනවා. ඒ වගේම සැප්තැම්බර් මස 06 වන දිනත් මෙම නිවාස වාහාම ඉවත්කර ගන්නා ලෙස කොළඹ නගර සභාව දැනුම් දුන්නත් එය කෙසේ හෝ යටපත් වී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුණා.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කර සිටියේ අද(20) දින මීතොටමුල්ල කුණුකන්දේ ඛේදවාචකය සමග සමාජගත වෙමින් පවතින කැළි කසළ බැහැර කිරීම, කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණය සහ පසුගිය කාලසීමාව තුළදී මේ සම්බන්ධව සිදු කළා යැයි පැවසෙන තොරතුරු සම්බන්ධයෙන් නිවැරදි කරුණු සමාජගත කිරීමේ අරමුණින් පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. මෙම මාධ්‍ය සාකච්ඡාව බත්තරමුල්ල සුහුරුපායේ 18 වන මහලේ පිහිටි අමාත්‍යාංශයේදී පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

සමාජය කසල ප‍්‍රශ්නය පිළිබඳව ඉතා සංවේදී විය යුතුයි. ඒ වගේම මේ කසළ ප්‍රශ්නය තුළ ඇති කසඩ දේශපාලනය ඉවත් කළ යුතුයි. මේ රටට කසළ කළමණාකරණය සඳහා විද්‍යාත්මක විසඳුමක් ලබාගැනීමට ඉඩ නොදුණහොත් ඉදිරියේදී මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දීමට අපට සිදු වනවා.

මෙම අවස්ථාවට මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරූ නිහාල් රූපසිංහ, අතිරේක ලේකම් පී. සුරේෂ්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ, කසළ කළමණාකරණ ව්‍යාපෘති තාක්ෂණ කමිටුවේ ප‍්‍රධානී ආචාර්ය මයික් ජයවීර,  යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

අද අපේ රටේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ

IMAGE 2017 Apr 30 22:20
අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි? ‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි...
Views - 3

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1662

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1370

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10973

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4881

Please publish modules in offcanvas position.