lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

"කොළඹ කුණු අපට එපා" කී කිරිඳිවැලට කඳුළු ගෑස්

කිරිඳිවැල මාලිගාවත්ත කසල කළමණාකරන මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසල ලොරි 10ක් රැගෙන ඒම නිසා හංවැල්ල කිරිඳිවැල මාර්ගයේ මාලිගාවත්ත හන්දියේ ඇති වූ ජනතා උද්ඝෝෂණයක් මැඩලීම පිණිස කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට අද පොලීසියට සිදුවිය.

මෙහිදී “කොළඹ කුණු අපට එපා”යන තේමාව යටතේ සැලකිය යුතු පිරිසක් උද්ඝෝෂණයේ යෙදුණු අතර තවත් පිරිසක් කියා සිටියේ කොළඹ මහ නගර සභාව මේ වන විට මුහුණ දී තිබෙන කැලි කසල අර්බුදයට විසඳුමක් ලෙස දිනකට ටොන් 80 බැගින් ලබන 28 වෙනිදා දක්වා කැලිකසල සීමිත ප්‍රමාණයක් පමණක් බාරගැනීමට ගනු ලැබූ එකගතාවයකට අනුව මෙම පියවර ගත් බවය.

ඒ කෙසේ හෝ විපක්ෂ ප්‍රාදේශීය දේශපාලඥයන්ගේද මැදිහත් වීමෙන් පැවැති මෙම උද්ඝෝෂණය නිසා අද පැය කිහිපයක් හංවැල්ල කිරිඳිවැල ප්‍රධාන මාර්ගය අවහිර වී තිබිණ.

මේ අතර මෙම කසල කළමණාකරන මධ්‍යස්ථානයට නිශ්චිත කසල ප්‍රමාණයක් හෙළීම පාරිසරික හානියක් නොවන බව පිරිසක් කී අතර උද්ඝෝෂකයන් කියා සිටියේ එම කසල බැහැර කිරීම අදාල ප්‍රමිතීන් උල්ලංඝණය කරමින් සිදුකරන්නක් බවය.

එස්.ටී.පි සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

අද අපේ රටේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ

IMAGE 2017 Apr 30 22:20
අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි? ‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි...
Views - 3

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1655

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1367

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10970

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4879

Please publish modules in offcanvas position.