lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

පැරිසියේ සිංහල අවුරුදු උළෙල මහ ඉහළින්

පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් අප්‍රේල් 16 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි  ලාකුරනව් ඩෙලානු  ක්‍රීඩාංගනයේ දි ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත් වුයේය. පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිරිත් පරිදි එදින උදේ 10 ට ප්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජයන් එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත්රානුකුලව හිසතෙල් ගෑමෙන් දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලූ පිළිගැන්වීමෙන් හා අවුරුදු සංග්‍රහ වලින් පසු උත්සවයේ කටයුතු ආරම්භ වුයේය .
 
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් සහභාගි වන මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරඟ වලින් සමන්විත වුයේය. කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ සිදු කළේය. සිඟිති කුමරු කුමරියන් සඳහා දහම් පාසැලේ දු දරුවන් බොහොමයක් සහභාගි වුයේය.
 
පැරීසියේ තිසරාවී රංඟ කලායතනයේ දු දරුවන්ගේ අළංකාර නර්තන වලින් සංස්කෘතික ප්‍රසංගයේ බක්මහ වේදිකාව වර්ණවත් වුනි. පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ලා බුර්ජේ ජාත්යයන්තර බෞද්ධ මධ්යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්රරතන හිමි, පැරිස් ජේතවනාරාමයේ විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, පැරිස් කතෝලික දේවස්ථානයේ නිලන්ත පියතුමා, ඇතුලූ  ගෞරවණීය අමුත්තෝ රැසක් සංස්කෘතික ප්‍රසංගයට සහභාගී වුහ.


සුනිල් ආනන්ද පැරිසියේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

අද අපේ රටේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ

IMAGE 2017 Apr 30 22:20
අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි? ‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි...
Views - 3

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1662

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1369

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10973

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4881

Please publish modules in offcanvas position.