lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

සයිටම් විමර්ශනයේදී කෝප් කමිටුව බෙදෙයි

පාර්ලිමේන්තු ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් කරන විමර්ශනයේදී දෙපාර්ශ්වයකට බෙදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සයිටම් ආයතනයට විරුද්ධව අදහස් දක්වා ඇති අතර එක්සත් ජාතික පක්ෂය මෙයට පක්ෂව අදහස් දක්වා තිබේ. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෝප් කමිටුවෙන් නැගිට ගොස් ඇත.
කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම තත්ත්වය හටගෙන තිබේ.
සයිටම් පෞද්ගලික වෛද්‍යායතනයට උපාධි පිරිනැමීමේ අවසරය දෙමින් එවකට උසස් අධ්‍යාපන ඇමැති එස්.බි. දිසානායක මහතා නිකුත් කළ ගැසට් පත්‍රයට පදනම් වූ විශේෂඥ කමිටු වාර්තාව මෙහිදී සාකච්ඡාවට ගෙන ඇත.
එම කමිටු සාමාජිකයන්ද කෝප් කමිටුව හමුවේ පෙනී සිටි බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම කමිටු වාර්තාව 2011 අප්‍රේල් මස 20 දින නිකුත් කර ඇති අතර එහිදී කමිටු සාමාජිකයන් සියලු දෙනාම ඊට අත්සන් කර නැති බවද මෙහිදී හෙළිදරව් වී තිබේ. මෙම කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයන් හතර දෙනෙකුගේ මෙන්ම එවකට කොළඹ, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරුන් හා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුගෙන් සමන්විත වී ඇත. එයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයන් හතර දෙනා මීට එකඟ වී වාර්තාවට අත්සන් තබා ඇතත් හිටපු උපකුලපතිවරුන් හා වෛද්‍ය සභා සාමාජිකයන් එයට එකඟව අත්සන් කර නැත. ඒ අනුව සාමාජිකයන් අට දෙනාගෙන් හතර දෙනෙකුගේ අත්සන් නැතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව මෙහිදී අනාවරණය වී ඇති අතර නැවත දිනකදී ඉදිරි පරීක්ෂණ සඳහා රැස්වීමට මෙහිදී තීරණය වී තිබේ.

ලසන්ත වීරකුලසූරිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 11

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2888

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1477

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 9694

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 4253

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1554

Please publish modules in offcanvas position.