lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

කොරියානු විභාගයට ඉල්ලුම්පත් 22905ක්

මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයැදුම්කරුවන් 22905 දෙනකු ඉල්ලුම්පත් භාරදී ඇති අතර එහි වැඩිම අයැදුම්කරුවන් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මෙම අයැදුම්පත් භාරගැනීම පසුගිය මාර්තු මස 14, 15, 16, 17 දක්වා දිවයිනේ මධ්‍යස්ථාන 19ක දී සිදුකර තිබේ. කාර්යංශය පවසන අන්දමට මෙවර වැඩිම අයැදුම්පත්‍ර ප්‍රමාණයක් වන 3388ක ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ කාර්යංශයේ තංගල්ල විගමනික සම්පත් පුහුණු මධ්‍යස්ථානයෙනි.
මීට අමතරව ගාල්ල මධ්‍යස්ථානයෙන් අයැදුම්පත් 3102ක්ද, අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයෙන් 2917ක්ද, රත්නපුර මධ්‍යස්ථානයෙන් 2403ක්ද, මහනුවර මධ්‍යස්ථානයෙන් අයැදුම්පත් 2107ක්ද නිකුත් කර ඇත. එසේම අවමය වන අයැදුම්පත් 05ක ප්‍රමාණය යාපනය මධ්‍යස්ථානයෙන් නිකුත් කර ඇත. 2016 වර්ෂයේ අයැදුම්පත්‍ර 26139ක් නිකුත් කර තිබේ.
ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මත පවත්වන මෙම විභාගය පැවැත්වෙන ස්ථාන හා වේලාවන් දැනුම්දීම පසුව සිදුකරන අතර වැඩි විස්තර ඹඹඹ.ඵතඡටඥ.තඬ වබේ අඩවියෙන් ලබාගැනීමට හැකි බවද කාර්යංශය පවසයි.
මෙවර විභාගය පවත්වනු ලබන්නේ නිෂ්පාදන හා ධීවර අංශයේ රැකියා සඳහා පමණක් යැයිද කාර්යංශය සඳහන් කර සිටී.
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පරිපාලනය කරනු ලබන්නේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහයෙන් විභාගය පැවැත්වේ. රැකියා සඳහා තෝරාගනු ලබන්නේ කොරියාවේ නිෂ්පාදන හා ධීවර අංශවල පවතින පුරප්පාඩු මත බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු බලපෑමක් කළ නොහැකි බවත් කාර්යංශය අවධාරණය කරයි. මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 30,000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරත වේ.

පද්මිණී මාතරගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 14

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2888

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1479

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 9695

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 4254

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1554

Please publish modules in offcanvas position.