lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

සමයං බන්ධනාගාරයේ සිට දුරකතනයෙන් හැමදාම මට කතා කළා - බිරිඳ කියයි

මිනීමැරුම් නඩුවකට අදාළව වසර තුනක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින සැමියා බලන්න මා එක දිනකවත් ගිහින් නැහැ.  එහෙත් ඔහු හැමදාම ජංගම දුරකථනයෙන් කතා කරනවා’ යැයි කළුතර එතනමඩල ප්‍රදේශයේදි බන්ධනාගාර  බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් උදුගොඩ පතිරගේ අරුණ උදයංග පතිරගේ නොහොත් ‘සමයං’ගේ බිරිඳ වන ඩල්සි පතිරගේ සුනන්දි කල්දේරා (අවු 31) යන අය කියා සිටියාය.
කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණයට රැඳවියන් ගෙන යමින් සිටි බන්ධානාගාර බස් රථයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පාතාල නායක සමයං හා ඔහුගේ ගෝලයින් සිව් දෙනෙකුද බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද මිය ගියහ.
කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය ඉදිරියේ පැවැති මෙම  මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී තවදුරටත් සාක්ෂි දුන් ඩල්සි පතිරගේ  සුනන්දි කල්දේරා යන අය මෙසේද කීවාය.
මිය ගිය අරුණ උදයංග මගේ නීත්‍යනුකූල සැමියයි. අපට එක දරුවෙකු සිටිනවා. සැමියාට මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් මිරිහාන  යුනිට් එකෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.
වසර තුනක් තිස්සේ ඔහු බන්ධනාගාර ගතව සිටියත් මා එක දිනක්වත් ඔහු බලන්න ගියේ නැහැ. එහෙත් ඔහු දිනපතාම බන්ධනාගාරයේ සිට ජංගම දුරකථනයෙන් කතා කරනවා.
ඊට පෙර දිනයෙත් කතා කළා. ඔහු කතා කළේ හරිම කලකිරීමෙන්.  ‘මම හුඟාක් වැරදි වැඩ කර තිබෙනවා කියලා කිව්වා.
ප්‍රවෘත්තිවලින් සැමියාට වෙඩි වැදී ඇතැයි දැන ගන්නට ලැබුණා. මා රෝහලට පැමිණ මළ සිරුර භාර ගත්තා. සැමියාට වෙඩි තැබුවේ කවුද කියන්න මා දන්නේ නැහැ.
මෙම සිද්ධියේදී මිය ගිය අන්ජන කළන, නිලංග මල්ලිකාරච්චි යන අයගේ  සොහොයුරා වන අජිත් සසංක මල්ලිකාරච්ච යන අය සාක්ෂි දෙමින් මෙසේ කීය.
මම ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා. මල්ලා මෝටර් කාර්මික ශිල්පියෙක්. මරදාන ‍පොලීසියෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. මා කීප වරක්ම ඔහුව බලන්න හිර ගෙදරට ගිහින් තිබෙනවා.
ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණත් වෙඩි තැබිමක් හා පහරදීමක් සම්බන්ධයෙන් මල්ලී දුරකථනයෙන් ගෙදරට කතා කරනවා.
බන්ධනාගාරයේ   ජේලර්වරුනට ඊ.සි.කෑෂ්ක්‍රමයට මුදල් දමන්න කියා  ඔහු කියනවා. මිය යාමට දින තුනකට පෙර කතා කළ ඔහු මාව කොහොම හරි බේර ගන්න.  නරක යාළුවන් ඇසුරු කරන්නේ නැහැ. රක්ෂාවක් හොයා ගන්නවා කියලා කිව්වා. නැතිනම් මගේ ළඟ හරි රැකියාවට එනවා කියලා  ඔහු කීවා. මම කරන්නේ  එළවළු වෙළෙඳාමයි.
බන්ධනාගාරය තුළ දුරකථන පාවිච්චි කරනවා. සල්ලි දීලා දුරකථන පාවිච්චි කිරීමට පුළුවන බව ඔහු කියා තිබෙනවා. මෙම සිද්ධිය මා දැන ගත්තේ රූපවාහිනි මාධ්‍යවලින්.
මෙහිදී මියගිය අමිල ප්‍රසන්න සම්පත් යන අයගේ බිරිඳ වන වී.එල්. පියුමි ලක්මාලි යන අය   සාක්ෂි දෙමින්  මෙසේ කීවාය.
මිය ගොස් ඇත්තේ මගේ ස්වාමි පුරුෂයායි. අපට   දරුවන් දෙදෙනකු සිටිනවා. ලොකු පුතාට අවුරුදු 11යි.  ‍පොඩි පුතාට අවුරුදු 7යි.
මිරිහාන ‍පොලීසියෙන් සැමියාව අත්අඩංගුවට ගෙන තිබුණේ මම රට ගිය දවසෙයි. ඔහු මට නිතර දුරකථනයෙන් කතා කළා. මොහු මියගිය ගොස් ඇති බව අන්තර්ජාලය ඔස්සේ දැන ගත්තා. ඒ අනුව මම ලංකාවට ආවා.
මියගිය නකුස්රානි දේවගේ  ... ප්‍රසන්න කුමාර යන අයගේ මස්සිනා වන ලසන්ත  සසින් යන අය මෙසේ කීය.
මම මස්සිනාව බලන්න හිර ගෙදරට ගිහින් නැහැ. ඒත් දුරකථන මගින් කතා කරනවා.
මොවුන් ගෙන යන විට  ‍පොලිස් ආරක්ෂාව තිබුණා නම් මෙම මරණ සිදු වන්නේ නැහැ. අපට සාධාරණයක් ඉෂ්ට කර දෙන්න කියලා ඉල්ලනවා.
මියගිය වාද්දුව පතිරගේ  කැළුම්  ප්‍රියනාත් පෙරේරා යන අයගේ බිරිඳ වන  ඉෂානි මධුෂානි යන අය සාක්ෂි දෙමින් මෙසේ කීවාය.
මිය ගොස් ඇත්තේ මගේ නීත්‍යානුකූල සැමියායි. අපට දරුවන් දෙදෙනකු සිටිනවා. පුතාට අවුරුදු පහයි. දුවට අවුරුදු 2යි. මොහු බන්ධනාගාර ගත කර සිටිනුයේ මිනීමැරුම් නඩුවකට අදාළවයි.
මම සැමියාව බලන්න ජනවාරි මාසයෙ දිනක් ගියා. ඔහු හැමදාම රාත්‍රියට මට දුරකථනයෙන් කතා  කරනවා. වැඩියෙන් කතා කරන්නේ දරුවන් සමගයි.  26 වැනිදා රාත්‍රියේත් කථා කළා.
අපි 27 වැනිදා කඩුවෙල උසාවියට වී බලා සිටියේ මොහු ගෙන එනතුරුයි. එහිදී මොහුට වෙඩි තබා  ඇතැයි දැන ගන්නට ලැබුණා.
කඩුවෙල උසාවියෙන් මුලින්ම මොහුව යවා තිබුණේ වැලිකඩ බන්ධනාගාරයටයි. එහි ආරක්ෂාව මදි බව පවසමින් කළුතර බන්ධනාගාරයට යවා තිබුණා.
මෙම  ප්‍රහාරයෙන් මියගිය බන්ධනාගාර ජේලර් බණ්ඩාර විජේරත්න මහතාගේ පුතු වන තරිඳු විජේරත්න බණ්ඩාර යන අය සාක්ෂි දෙමින් මෙසේ කීය.
තාත්තා සේවය කළේ කළුතර බන්ධනාගාරයේයි. සිද්ධිය වූ දින තාත්තා මාවත් නංගිවත් වාද්දුව දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇරලවා බන්ධනාගාරයට ගියා. පසුව තාත්තාට වෙඩි වැදී ඇතැයි දැන ගන්නට ලැබුණා. මා රෝහලට පැමිණ තාත්තාගේ මළ සිරුර හඳුනා ගත්තා.
මිය ගිය බන්ධනාගාර නියාමක ෆර්ම්ෆර් ධර්මලිංගම් යන අයගේ පියා වන පර්ලිංගම් ෂිවානන්දන් යන අයද එහිදී සාක්ෂි  දුන්නේය.
බන්ධනාගාරයේ කිසිදු නිලධාරියෙකු මෙදින සාක්ෂි  දීමට පැමිණ නොසිටි අතර සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස ඔවුනට දැනුම් දුන්නාදැයි විනිසුරුවරිය ‍පොලීසියෙන් ප්‍රශ්න කළාය.
ඔවුනට දැනුම් දී ඇති බව උතුරු කළුතර ‍පොලීසියේ නිලධාරීන්  අධිකරණයට ප්‍රකාශ කරන ලදී.
වෙඩි වැදුණු බස් රථය රජයේ රස පරික්ෂකවරයාගේ පරීක්ෂාවට භාජනය වී ඇති හෙයින් එම බස් රජය බන්ධනාගාරයට මුදා හරින ලෙසට නියෝග කරන ලෙස ‍පොලීසිය කළ ඉල්ලීමට විනිසුරුවරිය ඉඩ ලබා දුන්නාය.
මේ අතර  ජංගම දුරකථන කීපයක් පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ දුරකථන සමාගම්වලට නියෝගයක් නිකුත් කරන ලෙසට ‍පොලීසිය කළ ඉල්ලීමටද  විනිසුරුවරිය ඉඩ ලබා දුන්නාය.
මතුගම ‍පොලිස් ස්ථානාධිපති චන්ද්‍ර පද්මලාල් හා උතුරු කළුතර ‍පොලිස් ස්ථානාධිපති සාවින්ද අමරසේකර යන මහත්වරු මෙහිදි සාක්ෂි මෙහෙය වූහ.
මෙහි වැඩිදුර විභාගය මාර්තු මස 24 වන දිනට කල් තබන ලදී.

තාරක දුෂ්‍යාන් - කළුතර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 168

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 690

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 901

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5040

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3199

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5012

Please publish modules in offcanvas position.