lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

චීන ආයෝජන නාවොත් බදු වැඩි කරන්න වේවි - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

චීන සමාගමේ ආයෝජනයක් හම්බන්තොට සිදු නොවන්නේ නම් අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම සඳහා බදු ප්‍රතිශතය ඉහළ නැංවීමට සිදුවන බවත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
චීන සමාගම හම්බන්තොට ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 1.1ක ආයෝජනයක් සිදුකරන බවත් එම ආයෝජනය වැළැක්වී යන්නේ නම් රජය අපේක්ෂා කරන ආදායම මෙරට ජනතාව මගින් උපයා ගැනීමට සිදුවන බවත් අමාත්‍යවරයා කීවේය.
මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ අන්තර්ජාතික ශිෂ්‍ය දින සැමරුම් උත්සවය මහවැලි රිච් හෝටලයේ දී පැවැති අතර එම උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිට පාලන සමයේදී එකදු කර්මාන්ත ශාලාවක් හෝ ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණු  බව කී අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා සිදුකළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්ත ශාලා තුන්සියයෙන් එකසිය පනහක් වසා දැමීමට කටයුතු කිරීම යැයි කීවේය.
දැඩි ආර්ථික ණය බරක හිර වී සිටින ශ්‍රී ලංකාව ඉන් මුදවා ගැනීමට නම් විදේශීය ආයෝජන මෙරටට අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා සියල්ලන්ගේම සහයෝගය අවශ්‍ය වන බව ද ඔහු කීහ. නමුත් ඒකාබද්ධ විපක්ෂය නිරන්තරයෙන්ම සිදුකරන්නේ රජයේ වැඩපිළිවෙළ කඩා බිඳ දැමීමට යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉන්දියන් සහකාර මහ කොමසාරිස් රාධා වෙන්කටරාමන් මෙනවිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
 
නදීක දයා බණ්ඩාර - මහනුවර අතිරේක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

දිඹුලාගලින් දුටු ආලෝක ධාරා පිටසක්වල යානා ද?

IMAGE 2017 Feb 27 14:10
ඵෙතිහාසික දිඹුලාගල ආරාණ්‍ය සේනාසනය පිහිටි දිඹුලාගල කන්දට 27 වෙනිදා අළුයම 1.00ට පමණ අහසින් ආ...
Views - 797

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ට හවුලේ අනඟ සුව - room share

IMAGE 2017 Feb 27 11:23
ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්කෘතියෙහි මෙතෙක් සමාජය හමුවේ අනාවරණය නොවූ එක්තරා...
Views - 1819

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 2337

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 2714

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 3525

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 1666

Please publish modules in offcanvas position.