Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉන්දීය සාගරය ආශ‍්‍රිත වැඩකටයුතු පිළිබඳවත්, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ක‍්‍රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික හා තාක්ෂණ ගිවිසුම පිළිබඳවත් සිය නිල සංචාරයේදී ඉන්දීය රාජ්‍ය නායකයන් සමග සාකච්ඡා කිරීමට හැකි වූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ නවදිල්ලි නුවරදී ඉකුත් 24දා ප‍්‍රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.
පසුගිය අපේ‍්‍රල් මාසය වන විට අප එකඟතාවකට පැමිණ සිටි ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳව අගමැතිතුමා සමග පැවැති හමුවේදී සාකච්ඡා කළා. ඇතැම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී ප‍්‍රමාදයන් ඇති වී තිබුණා.
ඉන්දීය සාගරය ආශ‍්‍රිත වැඩකටයුතු පිළිබඳවත්, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ක‍්‍රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික හා තාක්ෂණ ගිවිසුම පිළිබඳවත් අප මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළා. අපේ ආර්ථික සම්බන්ධතාවල මූලික රාමුවට අනුකූලව මෙම ආර්ථික තාක්ෂණ ගිවිසුම සැකසීමට අප මෙහිදී තීරණය කළා. දැන් තිබෙන්නේ එම වැඩකටයුතු අවසන් කොට ඉදිරියට යාමටයි.
 

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.
පියසිරි විජේනායක ජාතික සංවිධායක ධුරයේ කටයුතු කරමින් සිටියදී පක්ෂය හා පක්ෂ නායකත්වය බරපතළ ලෙස විවේචනය කිරීම ඔහුට විරුද්ධව ඇති චෝදනා අතර වේ.
ජාතික නිදහස් පෙරමුණේ නව ප්‍රධාන ‍ලේකම් ලෙස ඉකුත් සතියේ පත් වූ කපිල ගමගේ අත්සනින් යුතු ලිපියක් මේ වන විට පියසිරි විජේනායකට යවා ඇතැයි එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර “ලක්බිම ඉරිදා සංග්‍රහය” කළ විමසීමකදී සඳහන් කළේය.
ප්‍රියන්ජිත් විතාරණ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ‍ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ඒ මහතා ඉකුත් සතියේ පැවැති එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වීමට ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබිණි. තමාගේ සෞඛ්‍ය තත්ත්වය හා පෞද්ගලික හේතූන් මත එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රියන්ජිත් විතාරණ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.
පියසිරි විජේනායක ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් කර වෙනත් අයකු පත් කරන්නැයි මීට මාසයකට පමණ ඉහතදී එහි දේශපාලන මණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර ප්‍රියන්ජිත් විතාරණ මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබූ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

කමණි හෙට්ටිආරච්චි

චීනයේ සංචාරයකින් පසුනොරොච්චෝ‍ලේ තාප විදුලි බලාගාරය වසර 10කට වඩා පැරණි ටර්බයින .ඇතුළු ප්‍රධාන යන්ත්‍ර සූත්‍ර ඉවත් කර අලුත් උපකරණ නොමි‍ලේ සවි කිරීමට චීන රජය තීරණය කර තිබේ.
පසුගිය කාලය තුළ නොරොච්චෝ‍ලේ තාප විදුලි බලාගාරයේ හදිසි බිඳ වැටීම් 78කට වඩා වාර්තා වීම හේතුවෙන් චීනය මෙම තීරණය ගෙන ඇත.
දිගින් දිගටම නොරොච්චෝ‍ලේ තාප විදුලි බලාගාරයේ වන බිඳ වැටීම් ගැන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකාව කළ දැනුම් දීමක් අනුව චීනය මේ තීරණය ගෙන ඇත.
රජය චීනය සමග ඇතිකර ගෙන තිබෙන අතිශය යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කෙරෙහි අවධානය යොමු කරමින් නොරොච්චෝ‍ලේ තාප විදුලි බලාගාරයේ නවීකරණ කටයුතු සියල්ලක්ම හැකි ඉක්මණින්ම කිරීමට කටයුතු කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු කලාපයේ උප අධ්‍යක්ෂිකා ෂෙන් ෂියෝ ෂිආ මහත්මිය බෙයිජිං නුවර දී පැවැසීය.

ලසන්ත වීරකුලසූරිය

දැනට වෙළඳපොළේ රුපියල් 100 ද ඉක්මවා ඉහළ යමින් තිබෙන  පොල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් පොල් සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි ජීවන වියදම් කමිටුවේ අවධානය යොමුවී තිබේ. එමෙන්ම පසුගිය කාලයට සාපේක්ෂව පොල්මිල මෙතරම් ඉහළ යාමට හේතුව නිරීක්ෂණය කොට ඒ සඳහා සුදුසු විසඳුම් ඉදිරිපත් කිරීමටද රජයේ අවධානය යොමුවී තිබේ.

මේ අතර පොල්වගා කිරීමේ මණ්ඩලය ප්‍රකාශ කරන අන්දමට පසුගිය පොල් වෙන්දේසීයට අනුව රුපියල් 49ක් වු පොල් ගෙඩියක තොග මිල අනුව තොග වෙළෙන්ඳාට රුපියල් 10කුත් සිල්ලර වෙළෙන්ඳාට රුපියල් 10කුත් වශයෙන් මිල වෙන්කළ පසු පවා රුපියල් 70ක සාමාන්‍ය මිලක් යටතේ පාරිභෝගිකයා අතට පත්විය යුතු පොල්ගෙඩිය  රුපියල් 100 දක්වා මිල නියම කිරීම තුළ පොල් වෙළඳාමේ නිරත අතර මැදි පිරිසක් විසින් පොල් සඳහා “කළුකඩ මිලක්”නිර්මාණය කීරීම බව පැහැදිලිව පෙනෙන බව පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා කීය.

මේ තත්වය යටතේ පසුගිය ඔක්තෝම්බර් 02 වෙනිදා සිට පොල් අලෙවි කිරීමේ මණ්ඩලය සහ සතොස මඟින් රුපියල් 65 ගණනේ පාරිභෝගිකයන් වෙත පොල් බෙදා දුන් අතර ඊට එරෙහි වෙළඳ මාෆියාව තවමත් ක්‍රියාත්මක වන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයාගේ අදහසය.

ඒ කෙසේ හෝ මේ තත්වය යටතේ පොල් ආනයනය කිරීම තුළින් රුපියල් 50ක් වැනි සිල්ලර මිලකට පාරිභෝගිකයන් වෙතට පොල් බෙදා හැරිය හැකි මුත් එමඟින් පොල් ආශ්‍රීත රෝග රැසක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති අතර ශ්‍රී ලංකාවේ පොල් පළදාව සීඝ්‍රයෙන් පහළ වැටීමට පවා එය හේතුවිය හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලය රජයට පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉදිරියේ දී මේ කරුණු සොයාබලා පොල් සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි ජීවන වියදම් කමිටුවේ විශේෂ අවධානය යොමුව තිබේ.

එස්.ටී.පි.සිල්වා

2018 අයවැය යෝජනාවල කිසිදු වෙනසක් සිදුකිරීමේ තිරණයක් ගෙන නොමැති බැවින් බීර මිල යළි ඉහළ නැංවීමට අවශ්‍යතාවයක් නැතැයි මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියයි.

එමෙන්ම මෙවර අයවැය යෝජනාවලට අනුව සිදුව ඇත්තේ මත්පැන්වල සැර සංයුතිය අනුව බදු පැනවීමේ මිල සුත්‍රයක් ක්‍රියාත්මක කිරීම මිස බීරමිල පහත දැමීමක් නොවන බව පැවසු එම ප්‍රකාශකයා නැවත බීර මිල ඉහළ නංවන්නේ නම් මධ්‍යසාර බදු සම්බන්ධ අයවැයෙන් යෝජනා වු මිල සුත්‍රය සම්පුර්ණයෙන් වෙනස් කළ යුතු බවද ඔහු කීය.

එහෙත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කීවේ අයවැයෙන් අඩු කළ බීර මිල වැඩිකිරීමට කටයුතු කරන බවය.

එමෙන්ම කෙසේ හෝ 2018 අයවැය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බැවින් පසුව එම යෝජනාවල වෙනසක් කිරීම සිදු නොවන බව කී මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ එම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස කාරක සභාවක් රැස් කොට ඇතිබවත් ඒවා ක්‍රීයාත්මක කිරීම සම්බන්ධයෙන් අදාල අමාත්‍යංශය දැනුවත් කිරීම දැනටමත් අරඹා ඇතැ බවත්ය.

එස්.ටී.පි.සිල්වා

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කර ගැනීමට දේශපාලන පක්ෂ නායකයන්ගේ පොදු එකඟතාව මේ වන විටත් ලැබි ඇතැයි වාර්තාවේ.

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කර ගැනීමට දේශපාලන පක්ෂ නායකයන්ගේ පොදු එකඟතාව මේ වන විටත් ලැබි ඇතැයි වාර්තාවේ.

එක්සත්ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඒකාබද්ධ විපක්‍ෂය, ජනතාවිමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්‍ෂවල නායකයන් මේ වන විටත් ඊට කැමැත්ත පළකර තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගත හැකි නීති මයක‍්‍රියාපටිපාටිය දැනුම් දෙන ලෙස නවදිල්ලි නුවර සිට ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමකට දන්වා ඇති අතර ඔවුන්ගෙන් ලත් උපදෙස් මත මෙම සාකච්ඡාවපවත්වා ඇත.

කෙසේ හෝ අද පස්වරු 5.30ට පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවැත්වෙන පක්ෂ නායක හමුවෙන් පසුව මෙම යෝජනාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමට කටයුතු යොදනු ඇත.

එස්.ටී.පි.සිල්වා

2015 වසරේ දෙසැම්බර් 15 වෙනි දින දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගත් බවට  චෝදනා ලත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ  ආධාරකරුවන් සයදෙනෙකුට අද කොළඹ මහාධිකරණයේදී වසර දෙක බැගින් සිරදඩුවම් නියම කරන ලදි.මෙම තීන්දුව ප්‍රකාශකළ  කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා එය වසර 12කට අත්හිටවන ලදී.

එහිදි එම චෝදනාවට තමන් නිවරදිකාරීය බව  අධිකණය හමුවේ ප්‍රකාශකිරීම නිසා  ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව මෙම නඩුව තවදුරටත් විභාගවීමට නියමිතය. මෙහිදී එක් විත්තිකරුවකුට රුපියල් 32000ක බැගින් දඩ නියම කළ විනිසුරුවරයා පැහැරගැනීමට ලක් වු පුද්ගලයාට විත්තිකරුවන් විසින්  රුපියල් 285000ක මුදලක් ගෙවිය යුතුබවට නියම කරන ලදි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබු අතර සෙසු දෙදෙනා රජයේ සේවකයෙකු හා පාසල් සිසුවකු වූ බැවින් විත්ති පාර්ශවයට කරන ලද ඉල්ලීමකට අනුව  එම පැහැරගැනීමට ලක් වු පුද්ගලයා වෙත  රුපියල් 75000ක වන්දියක් ගෙවන ලෙස රජයේ සේවකයාට නියම කළ විනිසුරුවරයා  පාසල් සිසුවාට ඉදිරි දෙවසර තුළ යහපත් කල් ක්‍රීයාවෙන් සිටින ලෙස අවවාද කොට විනිසුරුවරයා ඔහු රුපියල් ලක්ෂයක බැදුම්කරයක් මත මුදාහැරීමට නියෝග කළේය.

ඒ.ජි.රේණුකා

 

ඉදිරි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ පොදු අවශ්‍යතාව පදනම් කර ගනිමින් අද (24) පස්වරු 5.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීම සඳහා ඉන්දීය නිල සංචාරයක යෙදී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන් සහභාගි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.

මෙහිදි එම ආරංචි මාර්ග වැඩිදුරටක් පෙන්වා දෙන්නේ මෙම මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා වන විශේෂ යෝජනාවලියක් ද අග්‍රාමාත්‍යවරයා එම රැස්වීමේදි ඉදිරිපත් කරන බවයි.

එස්.ටි.පි.සිල්වා

 

පාසල් ළමුන්ගේ නිළ ඇඳුම් දීමනාව වෙනුවට දීමට නියමිත වවුචර්පත්‍ සහ දුෂ්කර පාසල් වල ඉගෙනුම ලබන සිසුන්ට පාවහන් ලබාදීම පිණිස සැකසු වවුචර් පත් දෙසැම්බර් පාසල් නිවාඩුවට පෙර ලබාදීමට කඩිනමින් කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

රජයේ සියළු පාසල් සිසුන් මෙම නිළ ඇඳුම් වවුචර්පත් සඳහා හිමිකම් කියන අතර තෝරාගත් දුෂ්කර ප්‍රදේශ වල පාසල් හාරදහසක පමණ සිසුන් ලක්ෂ හයක් පමණ පාවහන් වවුචර් ලබා ගැනීම සඳහා හිමිකම් ලබා ඇතැයි වාර්තා වේ.

මෙලෙස නිළ ඇඳුම් හා පාවහන් වවුචර්පත් ලක්ෂ හතලිස් පහක් පමණ විශේෂ ආරක්ෂිත ක්‍රම (security printing) යටතේ මුද්‍රණය කොට බෙදා හැරීමේ වගකීම අමාත්‍යංශය වෙත පැවරී ඇති අතර ඒ කෙසේ හෝ මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතින බව එම ප්‍රකාශකයා කීය.

ඒ.ජි.රේණුකා

ඉදිරි පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම පිණිස  ගතයුතු නෛතික පියවර පිළිබඳ විමසුමක් කොට තමන් වෙත වහාම දැනුම් දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමකට උපදෙස් දී තිබේ.

ලබන පෙබරවාරි 04 වන දිනට පෙර කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි නිතීමය තත්වයන් විමසා තමන් වෙත දැනුම් දෙන ලෙසද  ඔහු එම නීතිඥ කණ්ඩායමට උපදෙස් දී තිබේ. පළාත් පාලන ආයතන සීමා නිර්ණය කරමින් පසුගියදා නිකුත් කෙරුණු  ගැසට් නිවේදනය දෙසැම්බර් 04තෙක් බල රහිත කරමින් අභියාචනාධිකරණය ලබාදුන් වාරණ නියෝගය මුල් කොට අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කොට තිබේ.

එහිදී ඔහු ප්‍රකාශ කොට ඇත්තේ කවර තත්වයක් යටතේ හෝ ප්‍රජාත්‍රන්ත්‍රවාදී මුලික ලක්ෂණයක් වන මැතිවරණ කල් දැමීම තමන් කෙසේවත් අනුමත නොකරන බවය.

දමයන්ති ගමගේ

 

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්වේ.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(24) පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ඉන්දීය නිල සංචාරය නිමකර මෙරටට පැමිණෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද  සහභාගිවීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් මතු කර තිබෙන වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳව මෙම රැස්වීමේදී ප්‍රථමයෙන් ම අවධානය යොමු කෙරෙන බව සභානායක, මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වන ආකාරයට ඉහත තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී ගත යුතු පියවර ගැන ආණ්ඩුවේ ස්ථාවරය  ද පක්ෂ නායක රැස්වීමේදී අනාවරණය කරන්නේයැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ලසන්ත වීරකුලසූරිය, ගයාත්‍රි ගීගනආරච්චි

Page 1 of 167

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3973

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3717

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6786

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4193

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2616

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3422

Please publish modules in offcanvas position.

Web Analytics