lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගට එරෙහිව අද (27) පැවැති විනය පරීක්ෂණයේදී වරද පිළිගත් ලසිත් මාලිංගට වසරක තරග තහනමක් පනවා එය මාස 6කට අත්හිටුවීමට විනය කමිටුව පියවර ගෙන තිබේ.
මෙම තහනමට අමතරව මාලිංග ක්‍රීඩා කරන පළමු එක්දින තරගයේ තරග මුදලින් 50ක දඩයක්ද නියම කර තිබේ.
මේ අනුව මාලිංගගේ ඉදිරි මාස 6 තුළ හැසිරීම අනුව ඔහුගේ අනාගතය තීරණය වෙයි.
මෙම දඬුවම පැනවුවද මාලිංග එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියේ තේරීම් සඳහා යොදාගන්නා බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම්වලින් පසු ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍යයට විවේචනාත්මක අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි වන අතර, එම වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙසේ මාලිංගට විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදු විය.
ක්‍රිකට් ආයතනයේ ‍ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා සහ විනය කමිටු සභාපති අසේල රැකව යන මහත්වරු ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව ක්‍රිකට් විධායක කමිටුව මාලිංගට මෙම තහනම පනවා තිබේ.

දේශීය වෙළෙඳ‍පොළේ සහල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඒ අනුව ඉන්දුනීසියාව, තායිලන්තය හා පාකිස්තානය යන රටවලින් සහල් ආනයනය කිරීමට නියමිතව ඇත. ඊට අදාළ මිල ගණන් තම අමාත්‍යාංශය වෙත කඩිනමින් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා එම රටවල තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එම රටවල තානාපතිවරු සමග ඉකුත්දා අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රිෂාඩ් බදියුදීන් මහතා එම ඉල්ලීම කර ඇත.
ආනයනය කෙරෙන සහල්, විශේෂඥ කණ්ඩායමක් යටතේ පරීක්ෂා කර බලා සතොස හරහා කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.
මෙහි පළමු අදියර යටතේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට නියමිතය.
 
ගයාත්‍රි ගීගනආරච්චි

කොළඹ නගරයේ කසළ බැහැර කිරීම පිළිබඳ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා වෙත අද (27) පවරනු ලැබිය.
පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද (27) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම වගකීම පවරනු ලැබිය.
කසළ අංගන අලුත්වැඩියාවන්, ගංවතුර ඇතිවූ ප්‍රදේශයන්හි කසළ ඉවත් කිරීම, කෙටි කාලයක් තුළ කොම්‍පෝස්ට් නිපදවිය හැකි යන්ත්‍ර හඳුන්වාදීම, කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීම, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, ‍පොලිතින්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා වන ගැසට් පත්‍රය පළ කිරීම, කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහය ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
පළාත් පාලන ආයතන විසින් තෝරාගනු ලැබූ ස්ථාන සඳහා කසළ බැහැර කිරීමේදී එම කටයුතුවලට බාධා පමුණුවන පිරිස් වෙත උපරිම අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීමට මෙහිදී ‍පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා එම ස්ථාන සඳහා ආරක්ෂාව සැපයීමටද උපදෙස් ලබා දුන්නේය.
කසළ කළමනාකරණය පිළිබඳව ජනතාව ප්‍රමාණවත් අයුරින් දැනුවත් නොවීම ගැටලු රැසකට ප්‍රධාන හේතුව වී ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කසළ වර්ගීකරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් දුන්නේය.
කොළඹ නගරය තුළ කසළ කළමනාකරණයේ වත්මන් තත්ත්වය පිළිබඳ කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් මෙහිදී කරුණු දැක්වූ අතර කොළඹ නගරය තුළ කසළ බැහැර කිරීමේ කටයුතු පිළිබඳ වගකීම ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා වෙත පවරනු ලැබිය.
එමෙන්ම කසළ කළමනාකරණයේදී පළාත් පාලන ආයතන මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කෙරුණු අතර පළාත් පාලන ආයතන සඳහා අවශ්‍ය යන්තේ‍රා්පකරණ සහ වාහන ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්ද ඉදිරිපත් කෙරිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, ෆයිසර් මුස්තාපා, ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ද, අමාත්‍යංශ ‍ලේකම්වරුන් ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 
පානුක රාජපක්ෂ

පළාත් පාලන මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණද ඔක්තෝබර් මාසයෙන් පසු පැවැත්විය හැකි බැවින් ඡන්ද රාජකාරි කටයුතු සඳහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන්ට සූදානමින් සිටින ලෙස දැනුම් දීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
ඡන්ද නිලධාරීන් කැඳවීමේ චක්‍ර‍ලේඛය ජූලි 1දා නිකුත් කරනා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ඡන්ද රාජකාරි සඳහා සහභාගි කරගන්නා නිලධාරීන් සංගණනය කරනා බවද හෙතෙම පැවැසීය.
රාජගිරිය මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේ අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කීවේය. ඡන්ද මධ්‍යස්ථාන ලැයිස්තුද මේ වන විට සකස් කර අවසන් බවද ඔහු පැවැසීය.
නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභාවන් හි නිල කාලය සැප්තැම්බර් මස අගවන විට අවසන් වන බව පැවැසූ සභාපතිවරයා නිල කාලය අවසන් වී සතියක් ඇතුළත මැතිවරණ දින ප්‍රකාශ කිරීමේ බලය හිමිවන බවද පැවැසීය.
13 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව මැතිවරණ කොමිසමට ඡන්දය පැවැත්විය හැකි අතර එය නැවැත්විය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් හා ජනමත විචාරණයකින් පමණක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත වී ඡන්දය ප්‍රකාශ කළහොත් ඡන්දය පැවැත්වීමට දින 75ක කාලයක් අවශ්‍ය වන බවත් පළාත් සභා ඡන්දය දින 55ක් තුළ පැවැත්විය හැකි බවත් සභාපතිවරයා කීවේය.
පළාත් පාලන මැතිවරණයට හා පළාත් සහ මැතිවරණයට අවශ්‍ය මුදල් වෙන් කර තිබෙන බවද ඒ මහතා පැවැසීය.
 
ලසන්ත වීරකුලසූරිය

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික ‍පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ දිවයිනේ ‍පොලිස් ස්ථානාධිපතිවරු 20 දෙනකුට සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබා දී ඇත. 
එසේ මාරුවීම් ලද ස්ථානාධිපති ලැයිස්තුව මෙසේය. 
  ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක- ඒ.එම්.එම්.කේ. අලගියවන්න- ස්ථානාධිපති දෙහිඅත්තකණ්ඩිය සිට ස්ථානාධිපති ඇල්ල ලෙස, ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක- එච්.එම්.සී.සී. හේරත්- ස්ථානාධිපති කන්දේකැටිය සිට ස්ථානාධිපති දෙහිඅත්තකණ්ඩිය ලෙස, ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඩබ්.බි.එච්.සී. ප්‍රනාන්දු- ස්ථානාධිපති- කොක්කඩිචෝ‍ලේ සිට ‍පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත, ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක- ආර්.ඩී. අලුත්ගමගේ- ස්ථානාධිපති ත්‍රිකුණාමලය වරාය සිට කොළඹ දකුණ කොට්ඨාසය වෙත, ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක- කේ.ඒ.කේ. කුමාර- රථවාහන මූලස්ථානය සිට ස්ථානාධිපති රථවාහන මූලස්ථානය වෙත, ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක- එම්.ජී.එච්.එම්.කේ. විජයවර්ධන- නුගේගොඩ කොට්ඨාසය සිට මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක මිරිහාන, ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක- එම්.වී.ඩී.ජී. සමන්තිලක- මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක මීගමුව සිට ස්ථානාධිපති කුරුඳුවත්ත, ප්‍රධාන ‍පොලිස් 
පරීක්ෂක- එෆ්.යූ.කේ. වුඩ්ලර්- ‍පොලිස් මූලස්ථානයේ සිට මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක මීගමුව, ‍පොලිස් පරීක්ෂක- එස්.කේ.ඩී. ද සිල්වා- ස්ථානාධිපති සියඹලාණ්ඩුවේ සිට මාතර කොට්ඨාසය වෙත, ‍පොලිස් පරීක්ෂක- ජී.එම්.පී.ආර්. බණ්ඩාර- ස්ථානාධිපති උහන සිට ස්ථානාධිපති සියඹලාණ්ඩුව වෙත, ‍පොලිස් පරීක්ෂක- එල්.ඩී.එල්. කරුණාරත්න- ස්ථානාධිපති ඇල්ල සිට ස්ථානාධිපති උහන වෙත, ‍පොලිස් පරීක්ෂක- ඩබ්.එම්. සිරිවර්ධන- ස්ථානාධිපති වාන්ඇළ සිට ස්ථානාධිපති කන්දකැටිය වෙත, ‍පොලිස් පරීක්ෂක- එස්.එස්.ඩබ්. විමලගුණරත්න- ස්ථානාධිපති නාගොඩ සිට ස්ථානාධිපති වාන්ඇළ වෙත, ‍පොලිස් පරීක්ෂක- ඩබ්.ජී.එස්. බණ්ඩාර- ස්ථානාධිපති රත්තොට සිට ස්ථානාධිපති කොක්කඩිචෝ‍ලේ වෙත, ‍පොලිස් පරීක්ෂක- කේ.එස්. දිසානායක- ස්ථානාධිපති උඩුදුම්බර සිට ස්ථානාධිපති රත්තොට, ‍පොලිස් පරීක්ෂක- කේ.එම්.ඩී.එම්.ඩී. කාන්ගර- ගම්‍පොළ කොට්ඨාසයේ සිට ස්ථානාධිපති උඩුදුම්බර වෙත, ‍පොලිස් පරීක්ෂක- ඊ.එම්.එස්. එදිරිසිංහ- වැඩබලන ස්ථානාධිපති කොඩිකාමන් සිට ස්ථානාධිපති කොඩිකාමන් වෙත, ‍පොලිස් පරීක්ෂක- ඩී.එම්.ඒ. සමරකෝන්- වැඩබලන ස්ථානාධිපති යක්කල සිට ස්ථානාධිපති යක්කල වෙත, ‍පොලිස් පරීක්ෂක- පී.බි.එම්.සී. බස්නායක- ස්ථානාධිපති තිස්සමහාරම සිට මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක නුවරඑළිය වෙත, ‍පොලිස් පරීක්ෂක- පී.එන්. ජයසේකර- ප්‍රවාහන කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති පල්‍ලේකැ‍ලේ වෙත.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මේ දිනවල වැඩියෙන්ම බැණුම් අහන පුද්ගලයා තමා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (27) ප්‍රකාශ කළේය.
ඡන්දය කෝ මැකෝ යනාදී ප්‍රකාශ සටහන් කරමින් ෆේස්බුක් ගිණුම හරහා මෙන්ම කෙටි පණිවුඩ හරහාද තමන්ට පණිවුඩ ලැබෙන බව සඳහන් කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි දේ පවා පණිවුඩ ලෙස ලැබෙන බවද කීවේය.
රාජගිරිය මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත කොට පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් කැමැත්ත පළ කළ බවද ඒ මහතා කීවේය.
ඡන්ද කොට්ඨාස ගණනය කිරීම හා සීමා නිර්ණය ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බවත් පළාත් පාලන ඡන්ද පනතේ පැවැති තාක්ෂණික දෝෂ නිවැරදි කර ගැනීම සඳහා සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනා බවත් ප්‍රකාශ කළේය.
ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමේ අවශ්‍යතාවය වුවත් පනතේ ගැටලු මත ඡන්දයක් කැඳවීමේ හැකියාවක් කොමිසමට නොමැති බවද ඔහු වැඩිදුරටත් කීවේය. ඡන්දය නොපවත්වන බව පවසමින් දිනකට පණිවුඩ හා සටහන් පහක් හයක් ලැබෙනා බව පැවැසූ සභාපතිවරයා තරුණයන්ට සිය කේන්තිය ප්‍රකාශ කිරීමේ අයිතිය සලකා නිශ්ශබ්දව සිටින බවද කීවේය.
 
ලසන්ත වීරකුලසූරිය

කරදියාන කුණු දැමීමේ ස්ථානය සඳහා කුණු රැගෙන ඒමේදී නිසි ලෙස වර්ගීකරණය නොකළ කුණු රැගෙන එන කුණු ලොරි සඳහා රුපියල් 1000ක දඩයක් එම රියැදුරන්ගෙන් ලබාගැනීමට තීරණය කර ඇතැයි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.
බස්නාහිර පළාත් මහඇමැති කාර්යාලයේදී අද (27) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ ඇමැතිවරයා මේ අදහස් පැවැසීය.
එලෙස වර්ගීකරණය නොකළ කුණු ලොරි සඳහා රුපියල් 1000ක දඩයක් ගසනුයේ එම කම්කරුවෝ උන්දුකරවීමට බවත් ඒ මහතා සඳහන් කළේය.
මීතොටමුල්ල වැනි කසළ කඳු මෙරටට අවශ්‍ය නැති බවත් සඳහන් කළ මහ ඇමැතිවරයා නිසි ස්ථානවලට කුණු රැගෙන යාමේදී උද්ඝෝෂණ කරන්නන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.
මෙම කුණු ප්‍රශ්නය මාස තුනක් තුළ සම්පූර්ණයෙන්ම විසඳීමට කටයුතු කරන බවත් බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.
 
ප්‍රසාදිකා ජයවර්ධන

ද්‍රවිඩ ජාතික පුද්ගලයින් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වැලිසර නාවික හමුදා කඳවුර රෝහ‍ලේ, විධායක අධ්‍යක්ෂ ලුතිනන් කමාන්ඩර් ධම්මික අනිල් මාපා මහතාව මුදල් හා ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (27) නියෝග කළාය.
මහාධිකරණය විසින් නිකුත් කරන ලද ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා සැකකාර ලුතිනන් කමාන්ඩර්වරයා ඊයේ විවෘත අධිකරණය හමුවට ඉදිරිපත්කොට තිබුණි.  එහිදී රුපියල් 40,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරුව මුදාහැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය ලබන ඔක්තෝබර් 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද ද සැකකරුට අවවාද කළාය.
2009 වසරේදී වැල්ලම්පිටිය ප්‍රදේශයේදී බොරැල්ල හා කොටහේන යන ප්‍රදේශවල පදිංචිව සිටි වඩුවෙල් පක්කිලසාමි ලෝගනාදන් හා රත්නසාමි පරමානන්දන යන දෙදෙනාව ඔවුන් ගමන් කළ වෑන් රථය සමගම පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකාර නාවික හමුදා නිලධාරිවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට 2018 වර්ෂය සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයැදුම්පත්‍ර භාර ගැනීමේ කාලසීමාව ලබන මස 10දා තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අදාළ කාලසීමාව මේ මස 30දායින් අවසන් වීමට නියමිතව තිබූ අතර, දිනය කල්දමන ලෙස ඉල්ලමින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් මේ වන විට අයැදුම්පත්‍ර තැපෑලට යොමු කර නොමැති දෙමාපියන්, ඒවා තැපෑලට යොමු කරන තෙක් තමන් විසින් සහතික කරන ලද අයැදුම්පතෙහි පිටපතක් අදාළ පාසල් වෙත අතින් භාරදී ඒ සඳහා විදුහල්පතිගෙන් ලිපියක් ලබාගත යුතු බවද එම අමාත්‍යාංශය දැනුම් දෙයි.
එමෙන්ම එලෙස පාසල් වෙත අතින් භාරදෙන ලද අයැදුම්පත් භාර ගැනීමටත් ඒ වෙනුවෙන් ලද බවට ලිපියක් නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට මෙමගිින් දන්වා සිටින බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.
මේ වන විට තැපෑලට යොමු කර ඇති අයැදුම්පත්‍ර යම් හෙයකින් මේ මස 30දා දින පසු වී පාසල් වෙත යොමු වුවද එම අයැදුම්පත්‍ර භාරගැනීමට විදුහල්පතිවරු කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
 
ගයාත්‍රි ගීගනආරච්චි

Kat

මෙරටට නීති විරෝධිව ගෙන ආ රුපියල් මිලියන 15ක් වටිනා දියමන්ති, මැණික් හා රත්රන් තොගයක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන ඇත.
තායිලන්තයේ සිට පැමිණි පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී ඔහු සතු තිබී මෙම ආභරණ තොගය රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත. 

තැපැල් වර්ජනයට සහභාගිවන සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇතැයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කරයි.ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයන් ආරම්භ කර ඇති වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ සාමාන්‍ය තැපැල් කන්තෝරුවල යතුරු රාජකාරි සම්බන්ධ චක්‍ර‍ලේඛයක් ගෙන ඇති බවත් එම රාජකාරි සම්බන්ධව කටයුතු කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවත් තැපැල්පතිවරයා සඳහන් කළේය.
එමෙන්ම වර්ජනය සඳහා ගත යුතු අනෙක් පියවර සම්බන්ධව තැපැල් සේවකයන්ගේ වර්ජනය ක්‍රියාත්මක වීමෙන් පසුව අවධානය යොමු කරන බව සඳහන් කළ රෝහණ අබේරත්න තැපැල් සේවාව අඩාල වීමට ඉඩ නොතබන බවද සඳහන් කළේය.

ප්‍රසාදිකා ජයවර්ධන

Page 1 of 43

 
IMAGE

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 37

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 205

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1152

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 2504

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 963

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 3127

Please publish modules in offcanvas position.