Coss Ear2
lakbima.lk
COSS Ear 1

හින්දු අන්තවාදී දේශපාලනයට විරුද්ධව නිරතුරු හඬ නැගූ ඉන්දියාවේ නිර්භීත මාධ්‍යවේදිනියක් ලෙස හැඳින්වෙන ගෞරී ලංකේෂ් කර්නාටක ප්‍රාන්තයේදී ඝාතනය කොට තිබේ. පනස්පස් හැවිරිදි ඇය බැංගලෝරයේ පිහිටි තම නිවසේ දොරකඩ ‍ලේ විලක් මැද වැටී තිබියදී හමු වූ බව වාර්තා වෙයි.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් ඇගේ හිසට හා පපුවට වෙඩි තබා ඇති අතර මෙයට හේතුව පැහැදිලි නැත.
මෑත කාලයේදී මරා දැමූ ඉහළම මට්ටමේ ඉන්දීය මාධ්‍යවේදිනිය වන්නේ ඇයයි.
හින්දු අන්තවාදීන් නිරතුරුවම මාධ්‍යවේදීන්ට හිරිහැර කරන බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් චෝදනා කරති.                                     
නිශානි දිසානායක

දස වසරක් තුළ හැමූ දරුණුතම සුළිකුණාටුව ඉර්මා නමින් කැරිබියානු දූපත් වෙත හමා එමින් සිටියදී ජනතාව ඊට සූදානමින් සිටින බව වාර්තා වෙයි. මෙම සුළි කුණාටුව දරුණු විපත් ගෙනදිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවති. ඉහළම මට්ටමේ සුළිකුණාටුවක් වන මෙය මේ වනවිටත් දැඩි සුළං තත්ත්වයක් ඇති කරමින් සිටියි. ලීවඩ් දුපත් වෙත කඩාවැදුණු සුළිකුණාටුව එතැන් සිට පුවටෝ රිකෝ හා ඩොමිනිකන් ජනරජය වෙත ඇදෙනු ඇතැයි පැවැසෙයි.
මෙහි බලපෑම ඇතිවිය හැකි බවට සැකකෙරෙන ෆ්ලොරිඩාවේ කොටසක ජනතාවටද ඉන් ඉවත්වන ලෙස දන්වා තිබේ. දෙදහසක ජනතාවක් ඇති බාබුඩා දුපත වෙතද ඉර්මා සුළිකුණාටුව කඩාවැදුණු බව කියැවේ.
 
සී.එන්.එන්.

කලක් ආසියානු දේශපාලන භූමියේ මහා වීරවරියක ලෙස ගෞරවයට පාත්‍ර වූ  මියන්මාරයේ (බුරුමයේ) අවුන් සාන් සූ කී ගේ එම කීර්තිය මේ වනවිට කමෛන් අර්බුදයට ලක් වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වෙයි. ඇය ප්‍රජාතන්ත්‍රවාදයේ මහා නියෝජිතවරියක ලෙස සැලකූ පාර්ශ්වම මේ වනවිට ඇයට එරෙහිව බරපතළ විවේචන එල්ල කරන්නට පටන් ගෙන තිබේ. 
සූ කී මෙම තත්ත්වයට පත්වීමට පසුබිම සැපයුවේ මියන්මාරයේ එක් ප්‍රාන්තයක් වන රැකයින් නැමැති ප්‍රාන්තයේ වෙසෙන, සුළු ජාතික ජන පිරිසක් ලෙස සැලකෙන රොහින්ග්යා ජනතාව මුහුණ දී සිටින අර්බුදයයි. රොහින්ග්යා ජනතාව මුස්ලිම් ජාතිකයෝ වෙති. මියන්මාරයේ බහුතරයක් සිටින්නේ බෞද්ධයන් බව රහසක් නොවේ. මෙම පසුබිම තුළ රැකයින් ප්‍රාන්තයේ වෙසෙන මුස්ලිම් ජාතික රොහින්ග්යා ජනතාව එම ප්‍රාන්තයෙන් පලවා හැරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වෙයි. මේ පිටුපස එරට ආරක්ෂක අංශද, අන්තවාදී බෞද්ධ බලවේග ද සිටින බව බොහෝ පාර්ශ්වවල අදහස වී තිබේ. මියන්මාරයේ වැඩි දෙනෙකු සිතන්නේ රොහින්ග්යා ජනතාව යනු මියන්මාරයට අයිති නැති පිරිසක් කියාය. ඔවුන්  යාබදව පිහිටි බංග්ලාදේශයේ සිට කලකට පෙර මියන්මාරයට පැමිණ  නීති විරෝධීව පදිංචි වූවන් බව බහුතරයේ අදහසයි. ඔවුන් නැවත බංග්ලාදේශයට පලවා හරින්නට කටයුතු කරන්නේ ඒ නිසාය.
මෙම තත්ත්වයට එරෙහිව රොහින්ග්යා ජනතාව අතරින් පැන නැගුණු සටන්කාමී කණ්ඩායම් ද දැන් කාලයක සිටම එම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙයි. මෙම සටන්කාමීන් සහ මියන්මාර ආරක්ෂක අංශ අතර නිතර ගැටුම් ඇති වන අතර එහිදී  සාමාන්‍ය වැසියන්ද දරුණු පීඩාවන්ට ලක් වන බව වාර්තා වේ. ඝාතනය කිරීම්, ස්ත්‍රී දූෂණ ආදිය සම්බන්ධයෙන්ද විශාල වශයෙන් චෝදනා එල්ල වනු දක්නට ලැබේ.
මෙම ගැටුම් පිළිිබඳව අලුත්ම සිද්ධිය වාර්තා වූයේ පසුගිය අගෝස්තු 25 වෙනිදා ය. එදින රොහින්ග්යා  සටන්කාමීන්  විසින් ‍පොලිස් මුර‍පොළ කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන ලද අතර ඒ සමගම ආරක්ෂක අංශ පෙරලා පහර දීම ආරම්භ කළේය.  මෙම ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීමත් සමග අසරණ වූ සාමාන්‍ය වැසියන්  විශාල වශයෙන් රැකයින් ප්‍රාන්තයෙන් පිටව බංග්ලාදේශය වෙත සංක්‍රමණය වීමට පටන් ගෙන තිබේ. පසුගිය දිනවල දවසට විසි තිස් දහස බැගින්  ජනතාව මේ ආකාරයෙන් සිය ගම්බිම් අතහැර යන බව වාර්තා වෙයි. අගෝස්තු 25 වෙනි දින සිට මේ වනවිට ලක්ෂ එකහමාරක පමණ පිරිසක් බංග්ලාදේශය වෙත සංක්‍රමණය වී ඇතැයි පැවසේ. ආරක්ෂක අංශ  සටන්කාමීන්ට පහර දෙන අතරම ඒ මුවාවෙන් සාමාන්‍ය වැසියන්ද ඉලක්ක කරන බවටත්, ඔවුන්ගේ ගෙවල් දොරවල් පවා ගිනි තබන බවටත් ඇතැම් අංශවලින් චෝදනා එල්ල වෙයි. නමුත් ආරක්ෂක අංශ කියන්නේ සටන්කාමීන්ම ගෙවල්වලට ගිනි තබා එහි වරද ආරක්ෂක අංශ මත පැටවීමට ක්‍රියාකරමින් සිටින බවයි.
මේ අතර මෙම ප්‍රාන්තයේ බෞද්ධ ජනතාවද ගැටලුවලට මුහුණ දී සිටින බව පැවසේ. ඒ රොහින්ග්යා මුස්ලිම් සටන්කාමීන්ගෙන් එල්ල වන ප්‍රහාර හේතුවෙනි. ඔවුන්ගෙන් සමහරුන්ද බංග්ලාදේශයට පලායමින් සිටින බව සඳහන් වේ.
මෙම ගැටුම් හේතුවෙන් අහිංසක වැසියන් මුහුණ දෙමින් සිටින පීඩාව මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයකට ලක්ව ඇති අතර අවුන් සාන් සූකී සම්බන්ධයෙන්ද විවේචන එල්ල වීමට පටන් ගෙන ඇත්තේ ඒ නිසාය. මෙම අර්බුදය විසඳීමට ඇය ප්‍රමාණවත් තරමින් මැදිහත් නොවන්නේය යන කාරණය මුල් කරගනිමිනි, මෙම චෝදනා එල්ල වන්නේ. 
මියන්මාරයේ සිට පලා එන සරණාගතයන් වෙනුවෙන් බංග්ලාදේශයේ කඳවුරු පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ. නමුත් පැමිණෙන සරණාගතයන් ගණන දිනෙන් දින වැඩි වීමත් සමග දැන් එම කඳවුරුද පිරී ඉතිරී ගොස් ඇති බවත්, අනාථ ජනයා අව්වෙන්, වැස්සෙන් බැටකමින් පාරවල්වල පවා නිදාගන්නා තත්ත්වයක් ඇති වී තිබෙන බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. එමෙන්ම ඔවුන් ආහාර පාන හිඟකමෙන්ද පීඩාවට පත්ව ඇති බව සඳහන් වෙයි. 
රෝහින්ග්යා ජනතාව මුහුණ දී සිටින මෙම ඛිෙදවාචකය විශේෂයෙන් ආසියාවේ මුස්ලිම් රටවල දැඩි අවධානයට යොමුව ඇති බව පෙනේ. ඉන්දුනීසියාව, මැ‍ලේසියාව, පාකිස්තානය, මාලදිවයින වැනි රටවල් මියන්මාරයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සිය නොසතුට ප්‍රකාශ කර ඇති අතර ඉන්දුනීසියාව තුළ ඊට එරෙහිව විරෝධතා පවා පැවැත්වෙමින් ඇත. මාල දිවයින මේ වනවිට මියන්මාරය සමග  වෙළෙඳ සබඳතා පවා අත්හැර දමා තිබේ. තුර්කිය වැනි රටවලින්ද යම් යම් විරෝධතා මතු වන්නට පටන් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වෙයි. කිර්ගිස්තානය සහ මියන්මාරය අතර පැවැත්වීමට නියමිතව තිබූ, ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ පූර්ව වටයක තරගයක්ද කල්දමා ඇත. ඒ විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වනු ඇතැයි යන සැකසංකා නිසාය.
අවුන් සාන් සූකි මියන්මාරයේ ජනාධිපතිනිය නොවුණද එහි අප්‍රකාශිත නායිකාව ලෙස පිළිගැනෙන්නේ ඇයයි. (ඇයට ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි වී ඇත්තේ එරට ව්‍යවස්ථාවේ පවතින වගන්තියක් නිසාය.) මේ වනවිට ඇය අගමැති ධුරයට බෙහෙවින් සමාන ධුරයක් දරමින් සිටියි. මේ නිසා රොහින්ග්යා ජනතාව මුහුණ දී සිටින  අර්බුදය සම්බන්ධයෙන් කාගේත් ඇඟිල්ල දිගු වන්නේ ඇය දෙසටය. මෙම අර්බුදය විසඳා සාමාන්‍ය ජනයාට එල්ල වී ඇති පීඩාවන්ගෙන් ඔවුන් ගලවා ගැනීම පිණිස ඇය පියවර නොගන්නා බවට දැන් කලෙක සිටම ජාත්‍යන්තරයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.
මේ අතර සූකී ට මෙයට වසර 26කට පෙර, එනම් 1991 වසරේ පිරිනැමුණු නොබෙල් සාම ත්‍යාගය ආපසු ලබා ගත යුතුය යනුවෙන්ද හඬක් නැගෙන්නට පටන් ගෙන තිබේ. ඒ රොහින්ග්යා ජනතාවගේ ඛිෙදවාචකය විසඳීමට පියවරක් නොගන්නා ඇය එවැනි  සම්මානයකට සුදුසු නොවන බව කියමිනි. ඒ අතර නොබෙල් සම්මානලාභීන් කිහිපදෙනෙකු විසින් අත්සන් කරන ලද විවෘත ලිපියක්ද පසුගිය වසරේ ප්‍රසිද්ධියට පත් කෙරුණි. මියන්මාරයේ විශාල ජන සංහාරයක් සිදු විය හැකි බවට ඔවුන් ඒ මගින් අනතුරු අඟවා තිබිණි. මෙයට අත්සන් තැබූවන් අතර ඩෙස්මන්ඩ් ටුටූ, මලාලා යූසෆ්සායි වැනි අයද වූහ. 
මෙම ගැටලුවේදී අවුන් සාන් සූ කී ද විශාල පීඩනයකට මුහුණ දී සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. රොහින්ග්යා ජනතාව මියන්මාරයට අයත් නොවන, බංග්ලාදේශයෙන් නීති විරෝධී ලෙස පැමිණ සිටින පිරිසක් බව රටේ බහුතරයක් පවසද්දී සහ එරට ඉතාම බලවත් පාර්ශ්වයක් වන හමුදාව ද එම අදහස අනුමත කරන ආකාරයෙන් කටයුතු කරද්දී සූ කී කිසියම් දුරකට අසරණ වන බවක්ද පෙනී යයි. රටේ බහුතරයට විරුද්ධව යමින් රොහින්ග්යාවරුන් වෙනුවෙන් පෙනී සිටින්නට ගියහොත් තමාගේ දේශපාලන අනාගතය මුහුණ දිය හැකි අනතුර ගැන ඇගේ සිතේ දෙගිඩියාවක් තිබෙනවා වන්නට පිළිවන. කෙසේ හෝ වේවා, මෙම පසුබිම තුළ ඉදිරියේදී ඇය මෙම අර්බුදයට කවරාකාරයෙන් විසඳුමක් සොයනු ඇත්ද යන්න තවමත් පැහැදිලිව සිතාගත නොහැකි කාරණයක් වී තිබේ.
 
නිහාල් පීරිස්
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

බැලස්ටික් මිසයිලයක් ඇතුළුව තවත් මිසයිල යැවීමට උතුරු කොරියාව සූදානම් වන බව දකුණු කොරියාව කියයි.පසුගිය සති අන්තයේ උතුරු කොරියාව කළ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම සමග දකුණු කොරියාවේ ආරක්ෂක අංශ ප්‍රධානීහු එරට පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් සිටිති. ඉහත අත්හදා බැලීමට ප්‍රතිචාර දක්වන දකුණු කොරියාව ‍පොළොව මත යුද අභ්‍යාස හා ගුවනෙහි රොකට් යවා තිබේ.
උතුරු කොරියාවට අනතුරු අඟවමින් ඇමෙරිකාව කියන්නේ තම රටට හෝ තම මිතුරු රටවලට හානියක් කිරීමට උතුරු කොරියාව උත්සාහ කළොත් එහි ප්‍රතිඵලය හානිකර විය හැකි බවය. දිගුදුර මිසයිලයකට සම්බන්ධකොට යැවිය හැකි හයිඩ්‍රජන් බෝම්බයක් තමා අත්හදා බැලූ බව උතුරු කොරියාව කියා තිබිණි. 

බි.බි.සීි.

හාවි සුළිසුළඟ කළ විනාශයෙන් ටෙක්සාස් ප්‍රාන්තය යළි ගොඩනැංවීමට ඇමෙරිකානු ඩොලර් බිලියන එකසිය අසූවක් පමණ වැයවිය හැකි බව එහි ආණ්ඩුකාර ගේ‍රග් ඇබොට් පැවැසීය. 2005 වසරේ නිව් ඔලින්ස් වැනසූ කැට්‍රිනා සුළිසුළඟට වැඩි විනාශයක් හාවි සුළිසුළඟින් සිදුව ඇති බවද ඔහු කියයි. මේ අතර වොෂින්ටනය පවසා ඇත්තේ අදාළ ප්‍රදේශයට සිදු වූ පාඩුව පියැවීම වොෂින්ටනය මත පමණක් තැබිය යුතු නැති බවය. මෙම සුළිකුණාටුව ප්‍රාන්තයේ සියල්ලන්ටම පාඩමක් වියයුතු බවද රජය කියයි.
තවමත් බොහෝ ප්‍රදේශ ගංවතුරින් යටව තිබුණද ටෙක්සස් හා ලුයිසියානා ප්‍රදේශවල මේ වනවිට සහන සේවා කටයුතු සාර්ථකව සිදුවන බව වාර්තා වෙයි.

සී.එන්.එන්.

ඉදිරි දින කිහිපය තුළ හුස්ටන් නගරයේ න්‍යෂ්ටික බලාගාරයක් පුපුරාගොස් ගිනිගැනීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා තිබේ.හාවි සුළිසුළඟ සමග ඇතිවූ දැඩි වර්ෂාපතනයෙන් ආර්කීමා බලාගාරයට හානි පැමිණ ඇති බවත්, එය ගිනිගැනීම වැළැක්විය නොහැකි බවත් පැවැසෙයි. මේ වනවිට කුණාටුව හා ගංවතුරින් මියගිය ගණන තිස් තුනකි. ඇමෙරිකාවේ ඉන්ධන සැපයුමටද බාධා සිදුව ඇත්තේ අදාළ ආයතන විසින් ඉන්ධන නළ වසාදැමීම හේතුවෙනි.
මේ වනවිට සුළිකුණාටුව නිවර්තන කැලඹීමක් දක්වා ඇමෙරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පහළ දමා ඇති නමුත් ටෙක්සාස් නැගෙනහිර ප්‍රදේශයට හා බටහිර ලුයිසියානා ප්‍රදේශයට ඉදිරි දිනවලදීත් මහ වැසි ඇදවැටිය හැකි බව පැවැසෙයි.

බි.බි.සී.

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4093

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2704

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3774

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2280

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7521

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4635

Please publish modules in offcanvas position.