Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බරක් ඔබාමා ජනපති පදවිය දරන සමයේ ඔහු හා හිලරි ක්ලින්ටන් අතර හුවමාරු වූ ඊමේලයන්හි දැක්වෙන යුරේනියම් ගිවිසුමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට රිපබ්ලිකන් ‍‍‍ජ්‍යෙෂ්ඨයන් සමත් වෙති. මෙහිදී එක් කමිටුවක් පරීක්ෂණ පවත්වනු ඇත්තේ 2010 වසරේදී ඔබාමා පාලනය දුන් අවසරය නිසා ඇමරිකාවේ යුරේනියම් නිධිවලින් සියයට විස්සක් පාලනය කිරීමට රුසියාවට ඉඩ ලැබුණු ආකාරය ගැනය. ඉතිරි කමිටු දෙක සොයා බලන්නේ තම පුද්ගලික ඊමේල් ලිපිනය හරහා හිලරි ක්ලින්ටන් රාජකාරි ලිපි යැවීම ගැන පරීක්ෂණ පැවැත්වීමෙන් එෆ්.බි. අයි. සංවිධානය වැළකී සිටීමේ හේතුවය. මෙම පරීක්ෂණවලට ඩිමොක්‍රටික් පක්ෂය විරෝධය පළකොට තිබේ.
මෙහිදී රිපබ්ලිකන්වරුන් නගන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ලිපි සම්බන්ධව නොසලකා හැරි එෆ්.බි.අයි. හිටපු ප්‍රධානියා පසුගිය ජනපතිවරණ සමයේ රුසියාව වත්මන් ජනපතිවරයා දිනවීමට කටයුතු කළ බවට ඇති චෝදනාව ගැන පරීක්ෂණ පැවැත්වීමට ඉතා උනන්දුවෙන් සූදානම් වීමය. 
 
සී.එන්.එන්.

ප්‍රීතිමත් ජීවිතයක් පිළිබඳ තම න්‍යාය විස්තර කරමින් ඇල්බට් අයින්ස්ටයින් ලියූ සටහන් අඩංගු කොළ දෙකක් ජෙරුසලමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 කට වෙන්දේසි වී තිබේ. 1922 වසරේ දිනක තෝකියෝවේදී අයින්ස්ටයින් විසින් තමා වෙත පාර්සලයක් ගෙන ආ සේවකයකුට දීමට සන්තෝසමක් එවෙලෙහි නොතිබූ බැවින් මෙම සටහන් අඩංගු කොළ දෙක දී තිබේ. තමාට ලැබි ඇති සම්මානයක් පිළිබඳ පුවතද ඒ වනවිට දැනගන්නට ලැබි තිබිම හේතුවෙන් අතිශයින් සතුටට පත්ව සිටි ඔහු මෙම සටහන් අඩංගු කොළ දෙක දී පවසා ඇත්තේ වාසනාවක් තිබුණොත් ඉන් ප්‍රයෝජනයක් ගත හැකි බවය.
දිගු කලක් තිස්සේ සිහින දකිමින් සිටි ඉලක්කයක් වෙත ළඟාවීමේ අරුත ඉන් තමාට සතුට ලැබිම පමණක් නොවන බව මෙම සටහන්වල දැක්වෙයි. භෞතික විද්‍යාව සඳහා නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ජර්මනියේ උපන් ඇල්බට් අයින්ස්ටයින් මෙම සිදුවීම වන අවස්ථාවේ ජපානයේ දේශන පැවැත්වීම සඳහා සංචාරයක යෙදී සිටියේය.
 
බි.බි.සී.

පසුගියදා ජපානයේ පැවැති හදිසි මහා මැතිවරණය ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් සිදුවීමක් විය. එරට මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන වසරේ වූවද පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණයක් පැවැත්වීමට අගමැති ෂින්සො අබේ පසුගිය සැප්තැම්බරයේ තීරණය කළේය. ඒ අනුව ඔක්තෝබර් 22 වෙනි දින මැතිවරණය පවත්වන ලද අතර එයින් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගැනීමට අගමැතිවරයාගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රධාන සන්ධානය සමත්ව සිටියි. එරට පාර්ලිමේන්තුවේ  තුනෙන් දෙකක 'සුපිරි බහුතරයක්' දිනාගන්නටද ඔහුගේ සන්ධානයට හැකි වනු ඇති බවට මෙම ලිපිය ලියන අවස්ථා වනවිට අනාවැකි පළවී තිබිණි. ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ආසන 465න් ආසන 312ක් පමණ දිනා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇතැයි බලා‍පොරොත්තු පළ වී තිබිණි.
ෂින්සො අබේ මේ ආකාරයෙන් හදිසි මැතිවරණයක් කැඳවීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ මේ වනවිට ජපානය මුහුණ දී සිටින ජාතික ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා අලුත් ශක්තිමත් ජන වරමක් අවශ්‍ය බවට ඔහු දැරූ ස්ථාවරයයි. මෙම ජාතික ගැටලු අතරින් ප්‍රධානම ගැටලුවක් ලෙස අවධානයට හසු වූයේ මේ වනවිට උතුරු කොරියානු න්‍යෂ්ටික මිසයිල වැඩපිළිවෙළ හරහා ජපානයට එල්ල වී ඇති තර්ජනයයි. උතුරු කොරියානු අභියෝගයට සාර්ථකව මුහුණදීම හදිසි ජාතික අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවද, ඒ සඳහා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවද ෂින්සො අබේ අවධාරණය කළේය. දැන් ඔහුගේ එම ඉල්ලීමට ජපාන ඡන්දදායකයන්ගෙන් ඉතා යහපත් ප්‍රතිචාරයක් ලැබි ඇති බව දැකගත හැකි වෙයි.
දැන් කාලයක සිටම උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යමින් සිටින බව රහසක් නොවේ. මෙයට ඇමෙරිකාවෙන්ද, ඇමෙරිකාවේ මිතුරන් වන දකුණු කොරියාවෙන් සහ ජපානයෙන්ද එල්ල වන්නේ දැඩි විරෝධයකි. ඔවුන් පවසන්නේ එය සිය රටවල ආරක්ෂාවට විශාල තර්ජනයක් බවයි. නමුත් උතුරු කොරියාව කියමින් සිටින්නේ ඇමෙරිකානු පාර්ශ්වය සිය රටේ පාලනය වෙනස් කර ඔවුන්ට හිතවත් පාලනයක් උතුරු කොරියාව තුළ ස්ථාපිත කර ගැනීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව සහ එය වැළැක්වීමට නම් තමුන් න්‍යෂ්ටික බලවතෙකු බවට පත් විය යුතු බවයි. සිය න්‍යෂ්ටික වැඩසටහන ඔවුන් සාධාරණීකරණය කරන්නේ ඒ ආකාරයෙනි. මෙහිදී ඇමෙරිකාව උතුරු කොරියාවේ ප්‍රධාන ප්‍රතිවාදියා වන අතර ජපානය සහ දකුණු කොරියාවද ඇමෙරිකානු කඳවුරේ සිටින බැවින් ඔවුහුද උතුරු කොරියානු පාලකයන්ගේ උදහසට ලක්ව සිටිති. ජපානය මුහුදේ ගිල්වන බවට උතුරු කොරියාව වහසිබස් කියා තිබූ බවක්ද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.  මෙයට සති කිහිපයකට පෙර ජපානයට ඉහළින් මිසයිල දෙකක් ගුවන් ගත කිරීමටද උතුරු කොරියාව කටයුතු කළ අතර එය ජපානය තුළ කිසියම් කම්පනයක් ඇති කළ සිදුවීමක් වූ බැව් පෙනිණි.
උතුරු කොරියාවෙන් එල්ල වන මෙම තර්ජනයත් සමග ජපානය තුළ කිසියම් දුරකට දේශප්‍රේමීත්වය පිළිබඳ මානසිකත්වයක් වර්ධනය වූ ආකාරයක්ද දැකිය හැකි විය. උතුරු කොරියානු අභියෝගය ජය ගැනීම උදෙසා නැවත ජනවරමක් ඉල්ලමින් අගමැතිවරයා හදිසි මැතිවරණයක් කැඳවූයේ මෙම පසුබිම තුළය. එය එක්තරා ආකාරයකින් රට තුළ පැවැති මානසිකත්වය ප්‍රයෝජනයට ගනිමින් සිය බලය තහවුරු කරගැනීමට ගත් පියවරක් ලෙසද සැලකිය හැකිය. මේ අවස්ථාවේ ජපානයේ විපක්ෂය තරමක් විසිරුණු සහ දුර්වල තත්ත්වයක පසුවීමද අගමැති ෂින්සො අබේට වාසිදායක පසුබිමක් නිර්මාණය කර දුන් සාධකයක් බවට පත් විය. සමහර විට මැතිවරණය නියමිත පරිදි ලබන වසරේ පැවැත් වී නම් විපක්ෂය මීට වඩා බලවත්ව අබේට යම් අභියෝගයක් එල්ල කිරීමට ඉඩ තිබිණි. මේ වසරේ මුල් හරියේදී කරන ලද ජනමත සමීක්ෂණවලට අනුව පෙනී ගියේ ඒ වනවිට අබේගේ ජනප්‍රියත්වය  පහත වැටෙමින් තිබූ බවයි. ඊට හේතු වූයේ යම් යම්  දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මතු වෙමින් තිබූ චෝදනා වාගයකි. නමුත් උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනය ප්‍රධාන මාතෘකාවක් බවට පත්වීමත් සමග එම කාරණා යට ගිය ආකාරයක් දිස් වූ අතර උතුරු කොරියාවට එරෙහිව අබේ පෙන්නුම් කළ දැඩි ස්ථාවරය හේතුවෙන් නැවතත් ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ නගින්නට පටන් ගත්තේය.
කෙසේ වෙතත්, ෂින්සො අබේ  පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණය කැඳවූ අවස්ථාවේ ඇතැම් නිරීක්ෂකයන් සඳහන් කළේ එය සමහර විට පාරාවළල්ලක් වී ඔහුට අවාසියක් ඇති කිරීමටද ඉඩ ඇති බවයි. පසුගිය දිනවල බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ අත් වූ ඉරණම ගැනද මෙහිදී අවධානය යොමු කෙරිණි. ඇයද වැඩි බලයක් අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත මැතිවරණයක් කැඳ වූ අතර එහිදී ඇයට කලින් තිබූ බලයවත් දිනා ගන්නට හැකියාව නොලැබිණි. නමුත් ෂින්සො අබේ නිරීක්ෂකයන්ගේ එම සැක සංකා පරාජය කිරීමට සමත්ව ඇති බව පෙනේ. බ්‍රිතාන්‍යයේ පැවැති පසුබිම සහ ජපානයේ පැවැති තත්ත්වය එකිනෙකට  බෙහෙවින් වෙනස් වීම මෙයට හේතුව ලෙස සැලකිය හැකිය.
ජපාන ව්‍යවස්ථාවේ යම් යම් වෙනස්කම් කිරීමටද අබේ බලා‍පොරොත්තු වෙයි. ඔහු ශක්තිමත් ජන වරමක් ඉල්ලා සිටියේ මෙයද අරමුණු කර ගනිමිනි. මේ වනවිට පවතින ව්‍යවස්ථාව 1947 වසරේ, දෙවෙනි ලෝක යුද්ධය අවසන් වූ වකවානුවේ සකස් කරන ලද්දකි. එම ව්‍යවස්ථාව  අනුව යුද්ධ කිරීමේ අරමුණ ඇතිව ආරක්ෂක හමුදාවක් පවත්වා ගෙන යාම නීති විරෝධීය. ඒ අනුව ජපානය වෙනත් පාර්ශ්ව සමග ගැටලු විසඳා ගත යුතු වූයේ සාමකාමී මාර්ග ඔස්සේය. නමුත් මේ වනවිට ජපානය යම් ආකාරයක හමුදාවක් පවත්වාගෙන යන අතර එය සැලකෙන්නේ හුදෙක් ආත්ම ආරක්ෂාව සඳහාත්, සාමය පවත්වාගෙන යාම සඳහාත් ක්‍රියාත්මක වන්නක් වශයෙනි. එහෙත් උතුරු කොරියාව වැනි පාර්ශ්වවලින් එල්ල වන තර්ජන මෙන්ම සමස්තයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වෙමින් ඇති බල අරගලද හමුවේ රටේ හමුදාවෙහි බලය වැඩිකිරීමට යම් අවශ්‍යතාවක් මතුවෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වෙයි. ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කතාබහක් ඇති වන්නේ මෙම පසුබිම තුළය.
උතුරු කොරියානු තර්ජනය හැරුණු කොට තවත් ජාතික ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ අවධානය යොමු විය. ජපානය තුළ වයස අවුරුදු 65  ඉක්ම වූ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිම රට මුහුණ දී ඇති විශාල ගැටලුවක් ලෙස සැලකේ. 2014 වසරේ කළ සමීක්ෂණකට අනුව වයස අවුරුදු 65 ඉක්ම වූ ජනගහනය සමස්ත ජනගහනයෙන් සියයට 20ද  ඉක්මවා ඇති බව අනාවරණය විය. මෙම ගැටලුව කළමනාකරණය කිරීම සඳහා  වඩාත් ඵලදායක ක්‍රියාමාර්ග ගැනීමට ෂින්සො අබේ බලා‍පොරාත්තු වෙයි. එමෙන්ම  ළමා සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි අංශවල රජයේ ආයෝජන වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම ඔහුගේ තවත් ප්‍රධාන අරමුණක් වී තිබේ.

නිහාල් පීරිස්

තම පෙම්වතිය මරාදැමූ මිනීමරුවෙකුගේ රුවින් සඟරාවේ කවරය සැරසීම ගැන ප්‍රංශයේ ප්‍රකට සංගීත සඟරාවකට ප්‍රබල විරෝධයක් එල්ලවී තිබේ. ඉන්රොකුපටිබල්ස් නම් මෙම සඟරාවේ කවරය සැරසුණේ 2003 වසරේදී පහරදී තම නිළි පෙම්වතිය වූ මරී ට්‍රින්ටිග්නන්ට් මරාදැමූ රොක් ගායක බර්ට්‍රන්ඩ් කැන්ටට්ගේ රුවිනි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සඟරාවේ කර්තෘ මණ්ඩලය පවසා ඇත්තේ තමා කළ දෙය විවාදයට තුඩුදී ඇති බැවින් ඉන් කිසිවෙකුගේ හෝ සිත් රිදීමක් වී ඇතිනම් ඒ ගැන කනගාටු වන බවය. මේ කවරය ගැන විරෝධය පළකළ ප්‍රංශයේ සුප්‍රකට එ‍ලේ සඟරාව එහි කතුවැකියෙන් මියගිය නිළියට උපහාරය පළකොට තිබිණි. එහි සඳහන් වන්නේ එම කතුවැකිය පිරිමින්ගේ හිංසාවට ලක්වන සියලු කාන්තාවන්ට උපහාරයක් ලෙස ලියන බවය.
 
නිශානි දිසානායක

ගේම් ඔෆ් තේ‍රා්න්ස් නම් වන ලොව පුරා අතිශයින් ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවේ රඟපාන නිළි ලීනා හීඩි ද පසුගියදා නිළියන්ට ලිංගික අතවර කළ බවට නැගුණු චෝදනා නිසා ආන්දෝලනයට ලක්වූ සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක හාවි වෙයි න්ස්ටේන් තමාටද ලිංගික අතවර කිරීමට තැත්කළ බවට චෝදනා කරයි. තමා ඔහුව ප්‍රතික්ෂේප කිරීම නිසා වෙයින්ස්ටේන් අතිශයින් කෝපයට පත්වූ බවද ඇය කියයි. වෙයින්ස්ටේන් ලිංගිත අතවර කළ බවට චෝදනා කරන කාන්තාවන් හතළිස්දෙනා අතරට අලුතින්ම එක්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික හීඩිය.
පසුගිය අඟහරුවාදා වෙයින්ස්ටේන් තම නිෂ්පාදක සමාගමෙන් ඉවත්වූ අතර තමාට විරුද්ධව නගා ඇති ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර හා හිරිහැරකිරීම් සම්බන්ධ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.
 
බි.බි.සී.

ඉරාකයේ උතුරුදිග පිහිටි කුර්කික් නගරය හා වෙනත් ප්‍රධාන ස්ථාන කිහිපයක් ඉරාක හමුදාව විසින් අත්පත්කර ගැනීමත් සමග එරට කලබලකාරී තත්ත්වය මැඩ පවත්වාගන්නා ලෙස ඇමෙරිකාව ඉල්ලා තිබේ. ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා හෙදර් නවුගට් දෙපාර්ශ්වයෙන් ඉල්ලා ඇත්තේ තවදුරටත් ගැටුම් ඇති කරගැනීමෙන් වළකින ලෙසය. කුර්දිස්ථානය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස පැවැත් වූ ආන්දෝලනාත්මක ජනමත විචාරණයකින් සති තුනකට පසු ඉරාක හමුදාව කිර්කුක් නගරයට ඇතුළුවිය. අයි.එස්. ගරිල්ලන් කලාපය හරහා තම බලය පැතිරවීමත් සමග කුර්දිවරුන් අත්පත්කරගෙන සිටි ප්‍රදේශ නැවත අත්පත්කර ගැනීමට ඔවුහු මාන බලමින් සිටියෝය.
කිර්කුක් ඇතුළුව කුර්දිවරුන් යටතේ ඇති ප්‍රදේශවල ජනතාව බහුතරයක් සැප්තැම්බර් විසිපස්වැනිදා පැවැත් වූ ජනමත විචාරණයේදි කුර්දිස්ථානය වෙනම රාජ්‍යයක් කිරීමට ඡන්දය දී තිබිණි. 
 
බි.බි.සීි.

Page 2 of 8

IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 184

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3484

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2128

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1574

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3823

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6396

Please publish modules in offcanvas position.