Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

උතුරු කොරියාව, වෙනිසුවෙලාව හා චැඩ් රාජ්‍යයද එක්වන ලෙස ඇමෙරිකාව ඇතැම් විදෙස් රටවලට පනවා ඇති ගමන් තහනම දීර්ඝ කොට තිබේ. විදෙස් රටවල් සමග සන්නිවේදන කටයුතු හුවමාරුවත් සමග ලැබුණු තොරතුරු මත නැවත ගමන් තහනම දිගු කළ බව ධවල මන්දිරයේ ප්‍රකාශකයෙක් පවසා තිබේ. මීට අමතරව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත්කොට ඇත.

තමා පළමු තැන දෙන්නේ ඇමෙරිකාව සුරක්ෂිත රටක් කිරීමට බවද, එම තත්ත්වය ආරක්ෂා කිරීමට නොහැකි අයට තම රට තුළ තැනක් දිය නොහැකි බවද ජනපතිවරයා පවසයි. කෙසේ වුවද වෙනිසුවෙලාවට පනවා ඇති තහනම බලපාන්නේ රජයේ නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල උදවියට පමණකි.


සී.එන්.එන්.

රිච්ටර් පරිමාණයේ 7.1ක අගයක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවක් පසුගිය 19 වෙනි දින මෙක්සිකෝව දෙදරුම් කවමින් පැතිර ගිය අතර මෙම සටහන ලියන අවස්ථාව වන විට පළ වී තිබූ වාර්තා අනුව සිය ගණනක් මරණයට පත්ව තිබිණි. මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ යනු ඇති බවද, සමහර විට එය දහස් ගණනක් විය හැකි බවද ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය. රිච්ටර් පරිමාණයේ 7 ට වැඩි අගයකින් යුතු භූමිකම්පා සැළකෙන්නේ ප්‍රබලම ගණයේ භූමිකම්පා හැටියටය.

අගනුවර වන මෙක්සිකෝ නගරයේ පමණක් ගොඩනැගිලි පනහකට ආසන්න සංඛ්‍යාවක් දැඩි ලෙස හානියට පත්ව හෝ කඩා වැටී හෝ ඇති බව සඳහන් වෙයි. මේ අතර තට්ටු ගණන් උස මහල් නිවාස සංකීර්ණද පවතින බව පැවැසෙන අතර මේවායේ සුන්බුන් යට විශාල පිරිසක් සිරවී සිටින බව සඳහන්ය. තට්ටු හයක මහල් නිවාස ගොඩනැගිල්ලක්ද කඩා වැටුණු ගොඩනැගිලි අතර ඇති බව වාර්තා වෙයි. ‘මගේ බිරිඳත් මේ ගොඩනැගිල්‍ලේ  සිටියා. මට ඇය ගැන කිසි ආරංචියක් දැනගන්න විදියක් නැහැ. ඇය දුරකථනයට පිළිතුරු දෙන්නෙත් නැහැ. දැන් මෙහෙ බලධාරීන් කියනවා නගරයේ ගෑස් කාන්දුවක් තියෙන නිසා ජංගම දුරකථනත් ඕෆ් කරගන්න කියලා’ එක් තරුණ සැමියෙකු හඬමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ ඒ ආකාරයෙනි. කුඩා ළමුන් පවා සිය ගණනක් මෙම සුන්බුන් අතර සිර වී සිටිනු ඇති බැව් ප්‍රකාශයට පත්ව තිබේ. කඩා වැටුණු ගොඩනැගිලි අතර පාසල් රාශියක් ඇත බව මාධ්‍ය අනාවරණය කර තිබුණි. පාසල් ගොස් සිටි සිය දරුවන් ගැන ආරංචි නොමැති වීමෙන් මව්පියන් දැඩි කම්පනයට පත්ව හඬා වැටෙමින් සිටින අයුරු දැකිය හැකි විය.

මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ  ජනතාව භූමිකම්පාවලින් බේරීම පිළිබඳ අභ්‍යාසයක නිරත වෙමින් සිටියදී වීම තවත් විශේත්වයකි. මෙයට වසර 32කට පෙර, 1985 දීද මේ ආකාරයෙන්ම සිදු වූ අති ප්‍රබල භූමිකම්පාවකින් මෙක්සිකෝවේ  10,000කට ආසන්න පිරිසක් මිය ගිය අතර එම වසරේ පටන් සෑම වසරකම සැප්තැම්බර් 19 වෙනි දින එය සමරමින් මේ ආකාරයේ අභ්‍යාස පැවැත්වීම සිදු කෙරේ. මෙවර භූමිකම්පාව සිදුව ඇත්තේ විශාල පිරිසක් මෙම අභ්‍යාසවල නිරත වෙමින් සිටියදීය.

භූමිකම්පාව නිසා ගෑස් නළ පුපුරා යාමෙන් ගෑස් කාන්දු සිදුවීමද බරපතළ අනතුරක් ඇති කර තිබේ. මේ නිසා දුම්බිම, ජංගම දුරකථන භාවිත කිරීම වැනි කටයුතුවලටද සීමා පනවා ඇත. කෙසේ නමුත්, මේ වනවිටත් ඇතැම් ස්ථානවල ගිනිගැනීම් වාර්තා වී ඇතැයි සඳහන් වෙයි.

භූමිකම්පාවෙන් වඩාත්ම හානි සිදුව ඇත්තේ මෙක්සිකෝ, මොරෙලොස්, පුවබේලා යන ප්‍රාන්තවලටය. මෙම භූමිකම්පාව හටගෙන ඇත්තේ පුවබේලා ප්‍රදේශයේ සිට කි.මී. 50ක් පමණ ‍පොළොව යට බව භූ විද්‍යා අංශ ප්‍රකාශ කර තිබේ. සුළු භූ චලනයක් ලෙස ආරම්භ වූ මෙය කෙටි වේලාවක් තුළ දරුණු භූමිකම්පාවක් බවට පත් වූ බවත්, සැනෙකින් නිවාස, ගොඩනැගිලි කඩා වැටෙන්නට පටන් ගත් බවත්, මහත් භීතියට පත් ජනයා විලාප තියමින් සිය වාසස්ථානවලින් පිටතට දිව එන්නට පටන් ගත් බවත් සිද්ධිය ඇසින් දුටුවන් විස්තර කර ඇත.

භූමිකම්පා අනතුරු අඟවන සංඥාද මෙම අවස්ථාවේ නිකුත් වී ඇති නමුත් බොහෝ දෙනෙකු සිතා ඇත්තේ එය ඒ වනවිට සිදු කෙරෙමින් තිබූ අභ්‍යාසයේම කොටසක් කියාය. භූමිකම්පාවට හසු වූ ප්‍රධාන නරගයක් වන මෙක්සිකෝ නගරය මිලියන 20 කට ආසන්න ජනතාවක් වාසය කරන නගරයකි.
මරණ සංඛ්‍යාව තවත් බොහෝ ගණනකින් වැඩි වනු ඇති බවට  ඇතැම් පාර්ශ්ව අනුමාන කරන්නේ මේ නිසාය.

මෙක්සිකෝව පිහිටා ඇත්තේ ‍පොළොව අභ්‍යන්තරයේ ප්‍රධාන භූ තැටි (Tectonic plates) තුනක් හමුවන සන්ධිස්ථානයකය. එනම් උතුරු ඇමෙරිකානු භූ තැටිය, කොකෝස් භූ තැටිය සහ පැසිෆික් භූ තැටියයි. මෙම භූ තැටිවල චලනයන් සහ ගැටීම් සිදුවන සෑම අවස්ථාවකම පාහේ මෙක්සිකෝවට බලපාන භූ චලන සහ භූමිකම්පා ඇති වන අතර මෙම කලාපය සැලකෙන්නේ ලෝකයේ භූමිකම්පා බහුලම කලාපයක් වශයෙනි.

කිත්සිරි මල්වත්ත

trumඅනවසරයෙන් රැදී සිටින දහස් ගණනක් ළාබාල වියේ සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීම වැළැක්වීමට තමා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ගිවිසු මකට එකඟ වූ බව ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන් පවසති.එම පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයන් වන නැන්සි ‍පොලෝසි හා චක් ෂුමර් පවසා ඇත්තේ මෙක්සිකෝව වෙන්කරන පවුර වෙනුවට දේශසීමාව ආරක්ෂා කිරීමේ වඩා පුලුල් වැඩපිළිවෙළකටද ජනපතිවරයා හා එකඟවීමට තමා සූදානම් බවය. කෙසේ වුවද පවුර ඉදිකිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ජනපතිවරයා එකඟ නොවූ බව ධවල මන්දිරයේ ප්‍රකාශකයෙක් පැවැසීය.මෙම මස මුලදී ජනපතිවරයා ළාබාල වියේ පසුවන අනවසර සංක්‍රමණිකයන් වෙනුවෙන් වෙන්කරන ප්‍රතිපාදන සම්පූර්ණයෙන් කපා දැමුවේය.

හිටපු වාමාංශික ගරිල්ලා නායිකාවක් වන ලුසියා ටො‍පොලැන්ස්කි උරුගුවායි රාජ්‍යයේ උප ජනපතිනිය ලෙස පත්ව සිටින අතර උප ජනපති පදවියට එරටදී කාන්තාවක් පත් වූ පළමු අවස්ථාවද මෙයයි. සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කළ ඇය එරට හිටපු ජනපති හොසේ මුජිකා ගේ බිරියයි. වසර දහතුනක් සිරගතව සිටි ඇය එහිදී වධ බන්ධනයන්ටද ලක්වූවාය.වාමාංශික දේශපාලන පක්ෂයක් විසින් පාලනය කරනු ලබන උරුගුවායි රාජ්‍යයට ඔවුන් විසින් සමාජ හිතවාදී බොහෝ ප්‍රතිසංස්කරණයන් හඳුන්වාදී තිබේ. එරට ව්‍යවස්ථාවට අනුව හිටපු උප ජනපතිවරයා වෙනුවට පත්වන්නේ පසුගිය මැතිවරණයේදී වැඩිම ඡන්ද ගණනක් ලබාගත් සෙනෙට් සභිකයාය.

සී.එන්.එන්.

hilaඇමෙරිකාවේ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ කෙස් කැරැල්ලක් ගෙන එන්නෙකුට ඇමෙරිකානු ඩොලර් පන්දහසක් ලබාදෙන බවට මුහුණු ‍පොතේ සටහනක් තැබූ සුප්‍රකට ඖෂධ සමාගමක ප්‍රධාන විධායකවරයාට එරට අධිකරණයක් මගින් සිර දඬුවම් නියමකොට තිබේ. මාටින් “ෆාමබ්‍රෝ”ෂ්කරෙල්ලි නම් වන මොහුට ලබාදෙන දඬුවම ඉදිරියේදී අධිකරණය විසින් තීන්දු කරනු ඇත. මොහු මෙසේ සිරගත කොට ඇත්තේ ඉහත දැක්වෙන ආකාරයේ සටහනක් තැබිම මගින් මොහු සමාජයට අනතුරුදායක පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි බව කියමිනි.
2015 දී මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූ තිස් හතර හැවිරිදි මොහු ඇමෙරිකානු ඩොලර් මිලියන පහක ඇප මත මුදාහැර තිබේ. තම ඔසු සමාගම ඒඩ්ස් රෝගීන් සඳහා ගෙන්වන බෙහෙත්වල මිල ඉහළ නැංවීම හේතුවෙන් ඇමෙරිකාවේ වඩාත්ම වෛරයට පාත්‍ර වූ පුද්ගලයා ලෙස මොහු හැඳින්විණි. මෙම වසරේ අගෝස්තු මාසයේදී ද වංචා චෝදනා කිහිපයකට ලක් වූ මොහු ඉන් තුනකට වැරදිකරු වූ අතර පහකින් නිදහස් කෙරිණි.


සී.එන්.එන්.

රොහින්ගියා මුස්ලිම්වරුන් සම්බන්ධ ගැටලුවේදී ඇය ක්‍රියාකළ ආකාරය ගැන එල්ලවන විවේචන දැඩිවෙද්දී මියන්මාරයේ අවුන් සන් සුකී ලබන සතියේ පැවැත් වෙන එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගි නොවන බව වාර්තා වෙයි. තමාට සහය පළ කරන බටහිර රටවලින් රොහින්ගියා මුස්ලිම් අර්බුදයේදී නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවට සුකීට දැඩි විවේචන එල්ලවී තිබේ. පසුගිය සතියේ රකිනේ ප්‍රාන්තයේ ඇති වූ භීෂණකාරී තත්ත්වය සමග 370,000ක රොහින්ගියා මුස්ලිම්වරුන් මියන්මාරය අතහැර බංග්ලාදේශයට පලාගොස් ඇති බව වාර්තා වෙයි.
තමා රොහින්ගියා කැරළිකරුවන්ට විරුද්ධව සටන් වදින බව කියන මියන්මාර රජයේ හමුදාවන් සාමාන්‍ය වැසියන්ට ප්‍රහාර එල්ලකරන බවට ඇති චෝදනා බැහැර කර ඇත. සුකී වෙනුවෙන් කතාකරමින් රජයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ පසු ගිය සතියේ එහි ගොස් සභාව ඇමැතුවද මෙවර සුකී එක්සත් ජාතීන්ගේ සැසියට නොයන බවය. වැඩිදුර විස්තරයක් එම ප්‍රකාශයේ සඳහන් නොවේ.
 
බි.බි.සීි.

Page 5 of 8

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3879

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3626

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6707

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4130

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2568

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3371

Please publish modules in offcanvas position.

Web Analytics