Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මැතිවරණයෙන් මාස තුනකට පසුවත් ජර්මනියට ආණ්ඩුවක් නැහැ

මේවනවිට ජර්මනිය සහ එහි චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් මුහුණ දී සිටින දේශපාලන අර්බුදය යුරෝපය සම්බන්ධයෙන් වඩාත්ම කතාබහට ලක්වන කාරණාවක් බවට පත්ව තිබේ. 2005 සිට වසර 12 ක කාලයක් අඛණ්ඩව ජර්මනිය පාලනය කළ මර්කල්ගේ ජනප්‍රියත්වය කමෛන් බිඳ වැටෙමින් ඇති බව දක්නට ඇති අතර ඇයට තව වැඩි කලක් බලය රැකගෙන සිටිය හැකි වේවිද යන්න ගැන බරපතළ සැක සංකා මතුවෙමින් ඇති අන්දම දැකිය හැකි වෙයි. ජර්මනියේ පසුගිය මහා මැතිවරණය පවත්වා දැන් මාස තුනකට ආසන්න කාලයක් ගත වූ පසුවත් තවමත් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි තත්ත්වයක් මතුව තිබිම මෙම අර්බුදය වඩාත් බරපතළ කිරීමට හේතු වී තිබේ.

ජර්මන් මැතිවරණය පැවැත්වුණේ පසුගිය සැප්තැම්බර් මාසයේය. නමුත් ආසන 709 කින් සමන්විත වූ මෙවර පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගන්නට කිසිදු පක්ෂයකට හැකියාව ලැබුණේ නැත.  මැතිවරණයට කලින් ජර්මනිය පාලනය කරමින් සිටියේ මර්කල් නායකත්වය දැරූ සන්ධානයක් විසිනි. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (Christian Democratic Union) සහ ක්‍රිස්තියානි සමාජ සංගමය (Christian Social Union) මෙම සන්ධානයට ඇතුළත් විය. නමුත් මෙම පාර්ශ්වයට  සැප්තැම්බර් මැතිවරණයේදී දිනාගන්නට හැකි වූයේ ආසන 246 ක් පමණි. ආණ්ඩුවක් පිහිටුවීමට නම් අවම වශයෙන්  ආසන 355 ක් දිනාගත යුතුව තිබිණි. මෙයට කලින් 2013 වසරේ පැවති මැතිවරණයෙන් මර්කල් ගේ මෙම සන්ධානයට ආසන 311 ක් දිනාගැනීමට හැකිව තිබුණු අතර මෙවර එය ආසන 65 කින් පහතට වැටී තිබිම කැපී පෙනුණු කාරණාවක් විය. 2013 දී මර්කල්ගේ පාර්ශ්වය ආණ්ඩුව පිහිටුවූයේ එරට තවත් ප්‍රධාන පක්ෂයක් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Social Democratic Party) සමග එක් වෙමිනි. එම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එවර ආසන 193 ක් දිනාගන්නට සමත්ව තිබිණි.

2013 දී මෙන්ම මෙවරද ආණ්ඩුවක් පිහිටුවීමට නම් මර්කල්ගේ පාර්ශ්වය (CDU+CSU) තවත් පක්ෂයක් සමග එක් විය යුතුය. නමුත් මෙවර ගැටළුව බවට පත්ව ඇත්තේ කිසිදු පක්ෂයක් ඒ සඳහා කැමති කර ගැනීමට තවමත් මර්කල් අසමත්ව සිටීමයි. මේ සඳහා මුලින්ම ඇය සාකච්ඡා කළේ වාමාංශික පක්ෂයක් වන හරිත පක්ෂය සහ ව්‍යාපාරික හිතවාදී පක්ෂයක් වන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදීන් (Free Democrats) නැමැති පක්ෂය සමග ය. නමුත් පසුගිය නොවැම්බරයේ එම සාකච්ඡා බිඳ වැටුණි. මර්කල්ට ඉහත කී පක්ෂ දෙක සමග සාකච්ඡා කිරීමට සිදු වූයේ පසුගිය වතාවේ ඇය සමග එක්ව ආණ්ඩු කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙවර ඇය සමග ආණ්ඩු කිරීමට ඇකැමැති වීම හේතුවෙනි. ඔවුන් මේ ආකාරයෙන් අකැමැති වීමට ප්‍රධාන හේතුවක් වූයේ මර්කල් සමග එක්ව ආණ්ඩු කළ කාලය තුළ ඔවුන්ගේ ජනප්‍රියත්වය වඩාත් පහත වැටුණු බව පෙනී යාමයි. 2013 මැතිවරණයේ දී ආසන 193 ක් දිනාගෙන සිටි ඔවුන්ට මෙවර දිනාගත හැකි වූයේ ආසන 153 ක් පමණි. මෙයට හේතුව ඔවුන් මර්කල්ගේ සන්ධානය සමග එක්ව සිටියදී ඔවුන්ගේ අනන්‍යතාව විශාල වශයෙන් දියවී යාම බවට බොහෝ අදහස් පලවන්නට පටන් ගෙන තිබිණි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ මර්කල්ගේ පාර්ශ්වය අතර ප්‍රතිපත්තිමය වශයෙන්ද බොහෝ වෙනස්කම් මතු වී තිබිණි. 2017 වසරේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ  නායකත්වයට අලුත් කෙනෙකු, එනම්  මාටින් ෂුල්ස්  පත්වීමද, ඔහුගේ අදහස්වල තිබූ විශේෂතා ද තවත් සාධකයක් විය.

විශේෂයෙන් බදු ප්‍රතිපත්ති, සමාජ සුබසාධන ප්‍රතිපත්ති ආදිය සම්බන්ධයෙන් මෙන්ම යුරෝපා සංගමයේ අනාගතයට අදාළ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද මෙම දෙපාර්ශ්වය අතර යම් වෙනස්කම් තිබේ. එමෙන්ම මේ වනවිට ජර්මනියට බලපාන ප්‍රධානම ගැටලුවක් බවට පත්ව තිබෙන සංක්‍රමණිකයින් සහ සරණාගතයින් පිළිබඳ කාරණයේදී ද මෙම පක්ෂවල අදහස් එතරම් නොගැළපෙන බව පෙනී යයි. නිදසුනක් ලෙස සරණාගතයින්ට සලසන සහනවලට සීමා ඇති කිරීමට මර්කල්ගේ පාර්ශ්වය යෝජනා කරද්දී ෂුල්ස් ගේ පාර්ශ්වය ඊට එතරම් එකඟ නොවන බව සඳහන් වේ. එමෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල් අතර සබඳතා වඩාත් ශක්තිමත් කිරීමට ෂුල්ස් ගේ පක්ෂය යෝජනා කරද්දී මර්කල්ගේ පාර්ශ්වය ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් ඊට වෙනස් බව පෙනේ. මෙම තත්ත්වය තුළ මෙවර මර්කල්ගේ පාර්ශ්වය  සහ ෂුල්ස්ගේ පක්ෂය අතර සන්ධානයක් ගොඩ නගා ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුව ඇති බව පෙනී යයි.

කෙසේ හෝ වේවා මෙම සතිය ඇන්ජෙලා මර්කල්ට ඉතා තීරණාත්මක සතියක් බවට පත්ව තිබේ. ඇගේ පාර්ශ්වය සහ  ෂුල්ස් ගේ පක්ෂය අතර අවසන් වරටත් සාකච්ඡා වාරයක් මේ වනවිට පැවැත්වෙමින් ඇති අතර මෙම සාකච්ඡා වාරය තුළද ඔවුන් දෙපාර්ශ්වයට එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ජර්මනියේ දේශපාලන අර්බුදය තවදුරටත් දිග්ගැස්සීමටත්, නැවත මහා මැතිවරණයක් කැඳවීමට සිදුවන තත්ත්වයක් ඇති වීමටත් ඉඩ තිබේ. නමුත්  නැවත  මැතිවරණයකට යාම මෙම ප්‍රධාන පක්ෂ දෙකටම භයානක ප්‍රතිඵල අත්කර දිය හැකි කාරණයක් බව බොහෝ නිරීක්ෂකයින්ගේ අදහසයි. එයට හේතුව නම් මේ වනවිට තුන්වැනි බලවේගයක් ලෙස මතුවෙමින් ඇති 'ජර්මනියට විකල්පයක්' (Alternative for Germany) නැමැති පක්ෂය ඊළඟ මැතිවරණයකදී වඩාත් ශක්තිමත් වීමට ඇති ඉඩකඩයි. ප්‍රධාන පක්ෂ දෙකට යම් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ඔවුන් පිළිබඳ ජනතා විශ්වාසය තවදුරටත් බිඳ වැටීමට ඉඩ ඇති අතර එය 'ජර්මනියට විකල්පයක්' පක්ෂයට වාසිදායක පසුබිමක් නිර්මාණය කරනු ඇති බවට අදහස් පළවෙයි.

'ජර්මනියට විකල්පයක්'
පක්ෂය යනු බොහෝ දුරට ජාතිකවාදී ස්ථාවරයක පිහිටා කටයුතු කරන පක්ෂයකි. ජර්මනියේ ජාතික ආර්ථිකයක් ගැන, ජර්මන් අනන්‍යතාවක් ගැන ඔවුහු නිතර කතා කරති. ඔවුන්ගේ එක් ප්‍රධාන ස්ථාවරයක් වන්නේ ජර්මනිය යුරෝපා සංගමයෙන් හැකිතාක් ඈත් විය යුතුය යන්නයි. එමෙන්ම සරණාගතයින්, සංක්‍රමණිකයින් සම්බන්ධයෙන්ද දැඩි සීමා ඇති කිරීමට ඔවුහු අපේක්ෂා කරති. යුරෝපා සංගමයට වුවමනාවට වඩා බැඳී සිටීම මෙන්ම සංක්‍රමණිකයින්ට ඉඩ දීමද ජර්මන් ආර්ථිකයට සහ ජර්මන් අනන්‍යතාවට දැඩි හානියක් කරන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. මෙම පක්ෂයේ අදහස් හිට්ලර් වැනි නායකයින් විසින් අනුදක්නා ලද නාසිවාදී මතවාද හා සමාන්තරව යන බවට එල්ල වන චෝදනා ද නිතර දකින්නට ලැබේ. මේ නිසා ජර්මනියේ ප්‍රධාන පක්ෂ මෙන්ම යුරෝපා සංගමයේ සුරක්ෂිතතාව ගැන සිතන බොහෝ පාර්ශ්වද 'ජර්මනියට විකල්පයක්' පක්ෂය බලවත් වීම සම්බන්ධයෙන් ප්‍රසාදයක් දක්වන්නේ නැත.  ඔවුන් සිතන්නේ ජාතිකවාදය ජර්මනියේ හෝ යුරෝපයේ අභියෝගවලට විසඳුමක් නොවන බවයි. මේ නිසා එබඳු ජාතිකවාදී පක්ෂයක් ශක්තිමත් කරන මැතිවරණයකට නැවත වතාවක් යන්නට සිදුවීම වළක්වා ප්‍රධාන පක්ෂ අතර කෙසේ හෝ එකඟතාවක් ඇති කරගෙන ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ලොකු අවධානයක් යොමු වෙමින් ඇත. ඒ නිසා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ මර්කල්ගේ පාර්ශ්වය තමුන්ගේ ඇතැම් ප්‍රතිපත්ති නම්‍යශීලී ලෙස වෙනස් කරගනිමින් යම් එකඟතාවකට පැමිණීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ පිළිබඳව මෙම සතිය තුළ යමක් සිදුවනු ඇති බව බොහෝ දේශපාලන නිරීක්ෂකයින්ගේ විශ්වාසයයි.

කෙසේ නමුත් වසර 12 ක් තිස්සේ ජර්මනියේ නායිකාව වූ මර්කල්ගේ ජනප්‍රියත්වය කවරදාටත් වඩා පිරිහෙමින් ඇති බවද බොහෝ ජනමත සමීක්ෂණවලින් හෙළි වී ඇති බැව් පසුගිය දිනවල මාධ්‍ය අනාවරණය කර තිබිණි. පසුගිය කාලයේ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ඇය දැක්වූ ලිහිල් ප්‍රතිපත්ති, ජර්මනිය තුළ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර ආදිය ඊට බලපා ඇති බව දැකිය හැකි වෙයි. කෙසේ නමුත් ජර්මනියේ සෙසු නායකයින් හා සසඳා බලද්දී මර්කල් තවමත් සාපේක්ෂව ශක්තිමත් තත්ත්වයක සිටින බවද අමතක කළ හැකි නොවේ. නමුත් ඇය ෂුල්ස් ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග සන්ධානයක් ගොඩනගා ගනිමින් ආණ්ඩුවක් පිහිටුවීමට සමත් වේවිද නැද්ද යන්න මත ඇගේ අනාගතය බොහෝ දුරට තීරණය වනු ඇතැයිද බලා‍පොරොත්තු විය හැකි වේ.

නිහාල් පීරිස්

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1506

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1339

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1422

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1585

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7756

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5136

Please publish modules in offcanvas position.

X

Right Click

No right click