Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

උතුරු කොරියාවේ ඔලිම්පික් ගමනට දකුණු කොරියාවේ ප්‍රසාදය

උතුරු කොරියාව ලබන පෙබරවාරි මාසයේ දකුණු කොරියාවේ සෝල් නගරයේ පවත්වන සීත ඔලිඉම්පික් උළෙලට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් කණ්ඩායමක් යවන්නට ඉඩ ඇති බවට පසුගියදා උතුරු කොරියානු නායකයා නව වසර වෙනුවෙන් රූපවාහිනිය හරහා කළ කතාවකදී පැවැසීම සම්බන්ධයෙන් දකුණු කොරියාව තම සතුට පළකොට තිබේ. ජනවාරි නමවැනිදා මේ සම්බන්ධයෙන් ඉහළ මට්ටමින් සාකච්ඡා කිරීමට තමා සූදානම් බවද කියන දකුණු කොරියාව මෙවැනි සාකච්ඡාවක් ඉතා වැදගත් බවද, දෙරට අතර ඇති අර්බුදකාරී තත්ත්වය සමනය කරගැනීමට මෙය වටිනා අවස්ථාවක් බවද පවසා තිබේ. දකුණු කොරියාව සමග සාකච්ඡා කිරීමට තමා නිරතුරු සූදානම් බවද මෙහිදී උතුරු කොරියානු නායකයා කියා තිබිණි.
තම රටේ සියලුම න්‍යෂ්ටික අවි ඇමෙරිකාවට එල්ල වී ඇති බවත්, මෙය යථාර්ථය මිස තර්ජනයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.ඇමෙරිකාවට කිසිවිටෙකත් යුද්ධයක් ආරම්භ කිරීමට නොහැකි වන ලෙස තම මේසය යට නිරතුරු න්‍යෂ්ටික බෝම්බය පිපිරවීමේ බොත්තම ඇති බව උතුරු කොරියානු නායකයා කියයි. එම තර්ජනයට ප්‍රතිචාර දක්වන මෙන් මාධ්‍යකරුවෝ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ “අපි බලමුකො” යනුවෙනි.
 
සී.එන්.එන්.
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4589

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6218

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click