Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වොෂින්ටන්වල බිහිසුණු දුම්රිය අනතුරක්

බොහෝ විට චිත්‍රපටවල පමණක් දකින්නට ලැබෙන ආකාරයේ බිහිසුණු දුම්රිය අනතුරක් පසුගිය සඳුදා (18 දා) ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ආසන්නයේ සිදු විය. අතිශයින් ජනාකීර්ණ මහා මාර්ගයකට ඉහළින් දිවෙන ගුවන් පාලමක් ඔස්සේ ධාවනය වෙමින් තිබියදී අධිවේගී දුම්රියක් පීලි පැන අනතුරට ලක් වූ අතර ඇතැම් දුම්රිය මැදිරි පාලමෙන් පහත පිහිටි මාර්ගයට වැටී උඩුයටිකුරු වී තිබිණි. තවත් මැදිරි පාලමෙන් පහතට එල්ලෙමින් තිබෙන ආකාරයද දැකිය හැකි විය. මෙම අනතුරෙන් පසු එම ප්‍රදේශයෙහි ඉතා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරුණු අතර විපතට පත්වූවන් ගලවා ගැනීම සඳහා වහා මෙහෙයුම් ආරම්භ කෙරිණි.
අනතුරට පත් වූ දුම්රිය එහි මංගල ගමන යමින් තිබිමද විශේෂත්වයක් විය. එමෙන්ම එය ධාවනය වෙමින් තිබූ දුම්රිය මාර්ගයද අධිවේගී දුම්රිය සඳහා අලුතෙන් ඉදි කළ එකක් බව සඳහන් වේ. දුම්රියෙහි ගමන් කළ වැඩි දෙනා අලුත් දුම්රිය මාර්ගයක, පළමු දුම්රිය ගමනෙහි යෙදීමේ විශේෂ අත්දැකීම විඳීම සඳහා මෙම ගමනට එක් වූවන් බවද පැවැසේ. ඇමෙරිකාවේ වෙලාවෙන් අලුයම හයට පමණ සියැටල්හි දුම්රිය ස්ථානයකින් ගමන ආරම්භ වෙද්දී ඔවුන්ට මෙම විශේෂ දුම්රිය ගමන සිහිවීම සඳහා සමරු පදක්කම බැගින් ලබා දී තිබූ බවද මගීන් මාධ්‍ය වෙත පවසා තිබිණි. අනතුර සිදුව ඇත්තේ ගමන ආරම්භ වී පැය එකහමාරකට පමණ පසු උදෑසන 7.30ට පමණය.
දුම්රියෙහි සියලුම මැදිරි පාහේ මාර්ගයෙන් ඉවතට විසි වී තිබූ අතර ඇතැම් මැදිරි ඒ අසල වූ වනරොදෙහි තැන තැන වැටී තිබෙන අන්දමද දැකිය හැකි විය. 
මෙම සටහන ලියන අවස්ථාව වනවිට වාර්තා වී තිබූ තොරතුරුවලට අනුව දුම්රියෙහි ගමන් කර තිබුණේ මගීන් අසූවකට ආසන්න සංඛ්‍යාවක් පමණි. එයින්ද කිහිපදෙනකු කාර්ය මණ්ඩලයට අයත් අය බව සඳහන්ය. තුන් දෙනකු මියගොස් ඇති බව සඳහන් වූ අතර එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවද බලධාරීන් පවසා තිබුණි. මැදිරි තුළ සිර වී සිටින මගීන් ගැන සොයා බැලීම සඳහා ඒ වනවිටත් කිසිවක් කළ නොහැකි තත්ත්වයක් පැවැතියේ ඇතැම් මැදිරි පාලමෙන් එල්ලෙමින් ඉතා අවදානම් තත්ත්වයක පැවැතීම නිසාය. කෙසේ වෙතත් තුවාල ලැබූවන් විශාල සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇතැයි අනාවරණය විය. ඒ අතරින් තවත් 13 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බවද වාර්තා වෙයි.  
අනතුර සිදුවන අවස්ථාවේ පහත පිහිටි මහා මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ කිහිපයක්ද එයින් හානියට පත්ව තිබේ. එය ඉතා කාර්යබහුල වේලාවක් වීමද එයට හේතුවක් විය. කෙසේ නමුත් මෙම මෝටර් රථවල සිටි කිසිවෙකුගේ ජීවිතවලට හානි සිදුවී නොමැති බව වාර්තා වේ. නමුත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ වනවිට පළ වී ඇති තොරතුරු අනුව පෙනී යන්නේ සමස්තයක් ලෙස 100 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බවයි.
මෙවැනි බිහිසුණු අනතුරක් සිදුවීමට බලපෑ හේතුව කුමක්ද යන්න මෙම සටහන ලියන අවස්ථාව වනවිට පැහැදිලිව ප්‍රකාශයට පත්ව තිබුණේ නැත. දුම්රිය මෙම අලුත් මාර්ගයේ වේග සීමාවන් නොතකා, නියමිත වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කළාද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී තිබේ. එය පැයට කි.මී. 130කට ආසන්න වේගයකින් ගමන් කරමින් තිබූ බවද ඇතැමුන් සඳහන් කර ඇත. අනතුර සිදුව ඇති ස්ථානය වංගුවක් සහිත ස්ථානයක් බවද සඳහන් වෙයි. දුම්රිය මාර්ගයක වංගුවකදී සාමාන්‍යයෙන් අඩු වේග සීමාවක් ක්‍රියාත්මක වන අතර දුම්රිය එය නොතකා ධාවනය වූවාද යන්න පිළිබඳ සැක පළවී තිබේ. ඇතැම් වාර්තාවල සඳහන් වූයේ මෙම වංගුවේ වේග සීමාව පැයට කි.මී. 50ක් පමණ වූ බවයි. දුම්රිය මාර්ගයේ තිබූ කිසියම් බාධකයක් නිසා අනතුර සිදු වූවාද යන්න සම්බන්ධයෙන්ද සොයා බැලෙන බව සඳහන් වෙයි. කෙසේ නමුත් මෙම මාර්ගය අලුතෙන් ඉදි කිරීමෙන් පසු දුම්රිය ධාවනය සඳහා විවෘත කෙරුණේ ඉතා දැඩි පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් පසුව බවද බලධාරීන් පවසා තිබේ.
කිත්සිරි මල්වත්ත
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 160

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 191

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 297

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 440

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7056

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4632

Please publish modules in offcanvas position.

X

Right Click

No right click