Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මාධ්‍යවේදිනියගේ හිස සහ අත් පා බෑගයක තිබි හමු වෙයි

එක්තරා මාධ්‍යවේදිනියක මුහුණ දුන් බිහිසුණු ඉරණමක් පිළිබඳ කතාවක් මේ දිනවල ලෝකයේ ජනමාධ්‍ය විශාල අවධානයක් දිනාගනිමින් සිටියි. කිම් වෝල් නම් වන මෙම මාධ්‍යවේදිනිය ස්වීඩන් ජාතික තරුණියකි. 30 හැවිරිදි ඇය ගාඩියන්, නිව් යෝක් ටයිම්ස් වැනි සුප්‍රකට මාධ්‍ය ආයතන හා සම්බන්ධවද කටයුතු කර ඇති මාධ්‍යවේදිනියකි. ඇය මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම පිළිබඳව මුල්වරට වාර්තා වූයේ පසුගිය අගෝස්තු මාසයේ මැද භාගයේය.

අගෝස්තු 10 වෙනි දින කිම් වෝල් කිසියම් විශේෂ මාධ්‍ය කටයුත්තක් සඳහා පීටර් මැඩ්සන් නමැත්තෙකු මුණ ගැසීමට ගොස් තිබේ.  46 හැවිරිදි පීටර් මැඩ්සන් යනු ඩෙන්මාර්ක ජාතිකයෙකු වන අතර ඔහු විවිධ ආකාරයේ නව නිපැයුම් කරන්නෙකු ලෙස එරට ප්‍රසිද්ධියක් දිනා සිටින්නෙකි. මෑතක ඔහු වඩාත් කතාබහට ලක්ව ඇත්තේ ඔහු විසින්ම නිපදවන ලද පෞද්ගලික සබ්මැරීනයක් නිසාය.  කිම් වෝල් ඔහු හමුවීමට ගොස් ඇත්තේ ඔහු සහ ඔහුගේ නිපැයුම් පිළිබඳ විශේෂාංගයක් සකස් කිරීම සඳහා තොරතුරු සපයා ගැනීමට බව සඳහන් වේ. එහිදී ඇය එදින පස්වරු 7 ට පමණ මැඩ්සන් මුණ ගැසී ඔහුත් සමග ඉහත කී සබ්මැරීනයේ නැගී ඩෙන්මාර්කයේ කොපන්හේගන් හි වෙරළ ආසන්න ස්ථානයකින් පිටත් වී තිබේ. ඔවුන් දෙදෙනා සබ්මැරීනය මත සිටින අයුරු පෙන්වන  ඡායාරූපයක් ඒ අසලින් යාත්‍රා කරමින් තිබූ නැවක සිටි කෙනෙකු විසින් ගනු ලැබ ඇති අතර ඒ පස්වරු 8.30 ට පමණ යයි ද සඳහන් වෙයි. ඔවුන් දෙදෙනා එකට සිටිනු දුටු අවසන් අවස්ථාව එය බව පැවැසේ. එයින් පසු කිම් වෝල් පිළිබඳව කිසිදු තොරතුරක් දැනගන්නට ලැබුණේ නැත. ඇය ගැන තොරතුරක් නැති තැන එයින් කලබලයට පත් වූ ඇගේ පෙම්වතා පසුදින මේ පිළිබඳව ‍පොලිසියට දැනුම් දීමට පියවර ගත්තේය.

‍පොලිසිය ඇයත්, මැඩ්සනුත් ගමන් ගත් සබ්මැරීනය කොහේදැයි සෙවීමට මෙහෙයුමක් දියත් කළේය. සාමාන්‍යයෙන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙවැනි යාත්‍රා තිබෙන තැන් සොයා ගත හැකි ක්‍රමවේද තිබුණත් මැඩ්සන්ගේ සබ්මැරීනයට ඊට අදාළ උපාංග සවි කර නොතිබුණෙන් එය ඇත්තේ කොහේදැයි සොයා ගැනීම සඳහා අදාළ අංශවලට ලොකු වෙහෙසක් දරන්නට සිදු විය. අවසානයේ සබ්මැරීනය දුටු බැව් පැවැසූ ප්‍රදීපාගාරයක නිලධාරීන් දුන් තොරතුරු අනුව එය තිබූ ඉසව්ව ගැන හෝඩුවාවක් ලබා ගන්නට හැකි වී තිබේ. එයින් පසුව සන්නිවේදන උපකරණ හරහා මැඩ්සන් සම්බන්ධ කරගැනීමටද ආරක්ෂක අංශවලට හැකි වී ඇත. එයින් ටික වේලාවකට පසු සබ්මැරීනය ගිලෙන්නට පටන් ගෙන ඇති අතර වහා පියවර ගත් ආරක්ෂක නිලධාරීන් ඒ වෙත ළඟා වී එහි සිටි පීටර් මැඩ්සන් ගලවා ගැනීමට සමත්ව තිබේ. (සබ්මැරීනය වුවමනාවෙන්ම ගිලී යන්නට සැලැස්වූවාද යන සැකයක්ද මේ වනවිට පවතී).
කෙසේ නමුත් කිම් වෝල් ඒ වනවිට සබ්මැරීනයේ සිටියේ නැත. මේ පිළිිබඳව මැඩ්සන්ගෙන් විමසීමේදී ඔහු මුලින් පවසා ඇතැයි සඳහන් වන්නේ තමා ඇය එක්තරා ස්ථානයකින් බැස්ස වූ බවයි. ඉන්පසු විමර්ශන නිලධාරීන් ඔහු ඇය බැස්ස වූවා යයි පැවැසූ ස්ථානය අවට වූ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබූ දර්ශන නරඹා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් එම කැමරාවල සටහන් වී තිබූ තොරතුරු ගැන ඔවුන් ප්‍රසිද්ධියට පත් කර තිබුණේ නැත. පසුව මෙම නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පීටර් මැඩ්සන් සිද්ධිය සම්බන්ධයෙන් අලුත් කටඋත්තරයක් ලබා දී ඇති බවයි. එම ප්‍රකාශයට අනුව පැවැසුණේ කිම් වෝල් සබ්මැරීනය තුළදී බරපතළ අනතුරකට මුහුණ දුන් බවකි. කිලෝග්‍රෑම් 70 ක් පමණ බර යමක් ඇගේ හිස මත ඇද වැටීමෙන් ඇය  මරණයට පත් වූ බවත්, පසුව තමා ඇයගේ සිරුර මුහුදේ හෙලූ බවත් මැඩ්සන් පවසා ඇති බව කියැවිණි. කෙසේ හෝ වේවා,  මෙම ප්‍රකාශයෙන් පසු තවත් විවිධ සැක කටයුතු හෝඩුවාවන් මතු වීමට පටන් ගත්තේය.

අගෝස්තු 21 වෙනි දින වෙරළාසන්න ප්‍රදේශයක යමින් සිටි බයිසිකල්කරුවෙකුට හිස සහ අත්පා නැති මළ සිරුරක් දැකගන්නට ලැබිණි. මෙම සිරුර පිළිබඳව ජාන පරීක්ෂණයක් සිදු කළ විමර්ශකයන්ට සොයා ගත හැකි වූයේ එය කිම් වෝල්ගේ මළ සිරුර බවයි. එයින් පසුව මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගන්නා ලදී. මාධ්‍යවේදිනියගේ හිස සහ අත්පා වුවමනාවෙන්ම කපා දමා ඇති බව මේ අනුව අනාවරණය වූ අතර ඇගේ  පපුව සහ ලිංගේන්ද්‍රිය ආසන්නයේද පිහියකින් කරන ලද කැපුම් පහරවල් දැකිය හැකි විය. ඒවා ඇය මියයාමට මොහොතකට පෙර හෝ ඉන් මොහොතකට පසු සිදු කරන ලද ඒවා බවද මරණ පරීක්ෂණයෙන් අනාවරණය කරගනු ලැබිණි. මේ ආකාරයේ කැපුම් පහර 15 ක් පමණ ඇගේ සිරුරේ ඇති බවද සඳහන් වෙයි.

මෙම බිහිසුණු සිදුවීම් මාලාවේ අලුත්ම සොයා ගැනීම පිළිබඳව වාර්තා වූයේ පසුගිය සතියේය. එනම් ඔක්තෝබර් 6 වෙනි දිනය. එදින ‍පොලිස් කිමිදුම්කරුවන් පිරිසක් කිම් වෝල්ගේ සිරුරු කොටස් හමු වූ ස්ථානය ආසන්නයේ මුහුදෙහි පරීක්ෂා කිරීම් කරමින් සිටින අතර බරැති ලෝහ කැබලි ගැටගසා, උඩට මතු නොවන ලෙස දියෙහි ගිල්වා තිබූ බෑගයක් සොයා ගන්නට ලැබිණි. පසුව එතුළ තිබි ඔවුන්ට හමු වූයේ සිරුරෙන් වෙන් කරන ලද කිම් වෝල්ගේ හිස, අත් පා ඇතුළු කොටස්ය. මෙම කොටස්ද පසුව පරීක්ෂණයට බඳුන් කර ඇති අතර එහිදී තවත් වැදගත් කරුණක් අනාවරණය කරගැනීමට විමර්ශකයන්ට හැකි වී තිබේ.  එනම් ඇයගේ හිස් කබලට තුවාල සිදුව නැති බවයි.  සබ්මැරීනය තුළ සිදු වූ අනතුරකින් ඇය මිය ගිය බවට මැඩ්සන් විසින් කියන ලද කතාවද මේ අනුව සැකයට භාජනය විය.

කාන්තාවන් පණ පිටින් සිටියදී ඔවුන්ගේ අත් පා කපා වධ දෙන අන්දම පෙන්වන විඩියෝ ඛණ්ඩ සහිත දෘඪ තැටියක් සම්බන්ධයෙන්ද තොරතුරු පලවී තිබේ. විමර්ශන අංශ පවසා ඇත්තේ එම තැටිය මැඩ්සන්ට අයත් එකක් යයි සැක කරන බවයි. නමුත් එය තමාට අයත් එකක් නොවන බව ඔහු පවසා ඇතැයිද මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි.
පීටර් මැඩ්සන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර කිම් වෝල්ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙමින් තිබේ. ඇයගේ මරණයට හේතුව තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්ව නැත.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 277

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 888

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 988

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1115

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1558

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2519

Please publish modules in offcanvas position.