Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ටෙක්සාස්හි දේවස්ථානයකට ගොස් විසිහය දෙනකු වෙඩි තබා ඝාතනය කළ තුවක්කුකරුගේ අතීත අපරාධ වාර්තාව ජාතික තොරතුරු ඒකකයට ඇතුළත් කිරීමට ඔහු සේවය කළ ඇමෙරිකානු ගුවන් හමුදාවට නොහැකිවීම ගැන පරීක්ෂණයක් අරඹා තිබේ. 2012 දී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සිරගත කරනු ලැබූ ඩෙවින් පැට්‍රික් කෙලීට තුවක්කු මිලයට ගැනීම හා භාවිත කිරීම තහනම් කොට තිබිණි.
කෙසේ වුවද පසුගිය වසරේදී රයිෆලයක් මිලයට ගැනීමට ඔහුට හැකි වූ අතර සැන් ඇන්ටෝනියෝ අසල කුඩා දේවස්ථානයේ රැස්ව සිටි පිරිසට ඔහු වෙඩි තබා තිබුණේ එම රයිෆලයෙනි. ඉන්පසු තම මෝටර් රියට නැගී පලාගිය ඔහු පසුව එම රිය තුළම මියගොස් සිටියදී හමුවිය.
ඔහුගේ මරණය සිදුව ඇත්තේ සිදුවීම දුටු අවට ජනතාව ඔහු හඹා ඒමත් සමග තමාගේම රයිෆලයෙන් වෙඩි තබාගැනීමෙන් බව වාර්තා වෙයි. 
ලුහුබැඳ ආ එක් අයෙක්ද ඔහුගේ පාදයකට හා කුසට වෙඩි තැබූ බව ‍පොලීසිය කියයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ප්‍රාථමික පාසලක පන්ති කාමරයකට මෝටර් රියක් කඩාවැදීමෙන් එහි සිටි වයස අවුරුදු අටක් වන සිසුන් දෙදෙනෙක් මියගිය බව වාර්තා වෙයි. බැන්ක්ෂියා රෝඩ් ‍පොදු පාසලෙන් වාර්තා වූ මෙම සිදුවීමෙන් තුවාල ලැබූ සිසුවියන් තිදෙනෙක් රෝහල් ගතකොට තිබේ. එම අවස්ථාවේ එහි සිටි 
ළමුන් දහනව දෙනාගෙන් සෙසු පිරිසටද එහි පැමිණි වෛද්‍ය කණ්ඩායම් විසින් ප්‍රථමාධාර ලබාදී තිබිණි. මෝටර් රිය පැදවූ පනස් දෙහැවිරිදි කාන්තාව ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙය හිතාමතා කළ දෙයක් නොවන බව බලධාරීහු පවසති. ග්‍රීන්ඒකර් ප්‍රදේශයේදී ඊයේ දිනයේ උදෑසන නවයයි හතළිස් පහට පමණ මෙම සිදුවීම වාර්තා විය.  
 
බි.බි.සී.

පසුගිය සතියේදී නිව්යෝක් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මියගිය ආජන්ටිනාවේ මිතුරන් පස්දෙනාගේ අවසන් කටයුතු ඔවුන් පදිංචිව සිටි රොසාරියෝ නගරයේදී සිදුකෙරිණි. නෑ හිතවතුන් එහි පැමිණ ඔවුන්ට අවසන් ගෞරව දක්වා තිබුණි. එකට ඉගෙනුම ලැබූ මිතුරන් දසදෙනකු උපාධිය ලබා වසර තිහක් ගතවීම සැමරීමට මෙසේ ඇමෙරිකාවේ නිවාඩුවක් ගතකිරීමට ගොස් නිව්යෝක් නගරයේ සංචාරය කරමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දුන් අතර පස්දෙනෙක් එතැනම මිය ගියේය. උස්බෙකිස්ථානයේ සිට පැමිණි සරණාගතයකු වූ සායිෆුලෝ සායිෆොව් ජනතාව අතරට ට්‍රක් රථයක් පැදවීමෙන් මියගිය මුළු පිරිස අටකි.
 
නිශානි දිසානායක

පසුගියදා ජනපති ට්‍රම්ප්ගේ නියෝගයෙන් නිකුත් වූ හිටපු ජනපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයේ රහසිගත වාර්තා අතර මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රකට මාටින් ලූතර් කින්ග් සම්බන්ධ ආන්දෝලනාත්මක වාර්තාවක්ද ඇති බව කියැවේ. එහි ඔහු කලක් තිස්සේ පවත්වාගෙන ගිය අනියම් සබඳතා ගැන මෙන්ම කොමියුනිස්ට් පක්ෂය සමග තිබූ ඔහුගේ සබඳතාද හෙළිිකොට තිබේ. 1968 අප්‍රේල් මාසයේ මාටින් ලූතර් කින්ග් ඝාතනය වීමට සති තුනකට පෙර මෙම වාර්තාව නිකුත්කොට ඇති බව කියැවේ.පසුගිය සිකුරාදා හිටපු ජනපති ඝාතන වාර්තා සමග මෙම වාර්තාවද නිකුත් වී තිබේ. මෙයට හිටපු ජනපතිවරයාගේ සම්බන්ධතාවක් නැති අතර වසර පනහක කාලයක් මෙය රහසිගතව තබාගෙන සිටින්නට හේතුවද පැහැදිලි නැත. මෙම වාර්තාවේ ඇති කරුණු සාක්ෂි ඇතිව සොයා ගෙන ඇති බවට තහවුරුවීමක්ද නැත.

නිශානි දිසානායක

ඇමරිකාවෙන් මිලයට ගන්නා යුද උපකරණ භාවිතකොට උතුරු කොරියාව එවන මිසයිල අහසේදීම විනාශ කිරීමට ජපානයට හැකි බව එහි සංචාරයක නියැළුණු ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබේ. අවශ්‍ය වුවහොත් එබඳු පියවරක් ගන්නා බව ජපාන අගමැති ෂින්සො අබේ කියා තිබිණි. ජනපති ට්‍රම්ප් ඇමරිකාවේ කළ පළමු නිල සංචාරයේදී ජපාන අගමැතිවරයා සමග පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී නායකයින් දෙපළ මෙසේ පවසා ඇත.
පසුගිය මාස කිහිපය තුළ දෙවරක්ම උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලස්ටික මිසයිල යවා තිබිණි.

සී.එන්.එන්.

තම ‍‍‍ජ්‍යෙෂ්ඨ නායක කමිටුව චීන ජනපතිවරයා විසින් නම් කොට ඇති අතර මතෛක් පැවැති සම්ප්‍රදාය කඩමින් තමාගේ අනුප්‍රාප්තිකයකු නම් කොට නැත.  
ඒ අනුව චීන ජනපතිවරයාගේ බලය ඉදිරි වසර පහට තහවුරු කෙරෙන අතර ඇතැම් විට එම කාලය ඊටත් වැඩිවනු ඇත. ජනපති ෂි ජින් පින්ගේ න්‍යායන් ව්‍යවස්ථාවට ඇතුළත් කොට දිනකට පසු මෙම තනතුරුවලට සුදුස්සන් නම් කිරීම සිදු විය. චීනයේ සත් දෙනකුගෙන් සමන්විත වඩාත් බලවත් කමිටුව අතරින් පස් දෙනකු පමණක් පැරණි නිලධාරීන් වෙනුවට අලුතින් පත්කරන ලදී.
තමාගෙන් පසු ජනපති තනතුරට වෙනත් අයකු නම් නොකිරීම හේතුවෙන් චීන ජනපතිවරයා කෙතරම් කලක් තනතුරෙහි රැඳී සිටින්නට උත්සාහ කරන්නේද යන්න ගැන සැකයක් මතුවෙයි. හැටහතර හැවිරිදි ජනපතිවරයා හැරුණු කොට කමිටුව තුළ තවදුරටත් රැඳී සිටින අනෙක් හිටපු සාමාජිකයා වන්නේ හැට දෙහැවිරිදි අගමැතිවරයාය.
 
සී.එන්.එන්.

Page 1 of 8

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3975

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3720

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6790

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4195

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2618

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3424

Please publish modules in offcanvas position.

Web Analytics