Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ පාකිස්තානය අතර පළමු අවසන් පූර්ව තරගය අද (14දා) කාඩිෆ්හි සොෆියාගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එංගලන්ත පිල එවයින් මෝගන් විසින් මෙහෙයවනු බන අතර, පාකිස්තානු පිල සෆ්රාස් අහමඩ් විසින් මෙහෙයවනු ලබයි.
එංගලන්තය මෙම තරගාවලියේ මූලික වටයේදී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බංගලිදේශය පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසුණි.
පාකිස්තානය මූලික වටයේදී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වූ අතර, ඉන්දියාව වෙතින් පරාජයට පත්විය.
අද තරගය පැවැත්වෙන කාඩිෆ් පිටියේදී එංගලන්තය මූලික වටයේදී නවසීලන්තය සමග තරග වැදී ඉන් ජයගත් අතර, පාකිස්තානයද ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 3ක ජයක් ලැබිය.
මෙවර තරගාවලියේදී එංගලන්ත පිතිකරු ලැයිස්තුව ප්‍රබල තත්ත්වයක පසුවන අතර, ජෝ රූට්, එවයින් මෝගන්, ඇලෙක්ස් හේල්ස් සහ බෙන් ස්ටෝක්ස් ලකුණු 150 සීමාව පසු කිරීමට සමත් වී සිටියි.
එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි තරගාවලිය පුරාම අසාර්ථක වී සිටින අතර, ඔහු වෙනුවට ජොනී බේස්ටෝව් යෙදවීම පිළිබඳව අද පෙරවරුවේ තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
එංගලන්ත වේගපන්දු බළඇණියද තරගාවලිය පුරා දස්කම් දැක්වූ අතර, ප්ලන්කට් සහ මාක් වූඩ් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූහ. දඟ පන්දු යවන්නා වන අදිල් රෂීඩ් ද තරගාවලිය පුරාම පිතිකරුවන්ට තර්ජනයක් වී තිබේ.
පාකිස්තානු පිතිකරු ලැයිස්තුව මෙවර තරගාවලියේදී එතරම් දස්කම් දැක්වීමට සමත් වී නොතිබිම කැපී පෙනෙන අතර, පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් බොහෝ තරග ජය ගැනීමට හැකිවිය.
මේ අනුව අද මොහොමඩ් අමීර්, ජුනේඩ් ඛාන් සහ හසන් අලීගෙන් එංගලන්ත පිතිකරුවන්ට තියුණු තර්ජනයක් එල්ල වෙතැයි අපේක්ෂා කෙරේ.
තරගාවලිය පුරා කණ්ඩායම් දෙක දැක්වූ දස්කම් මැන බැලීමේදී එංගලන්තය තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන් සිටින නමුත්, පාකිස්තානය ඕනෑම පෙරළියක් කළ හැකි කණ්ඩායමක් ලෙස ප්‍රකාශ වී තිබේ.
අද එංගලන්ත පිතිකරුවන් ලෙස මෝගන්, රූට්, හේල්ස්, ස්ටෝක්ස් ජේසන් රෝයි හෝ ජොනී බේස්ටෝව්, ජොස් බට්ලර් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
වේගපන්දු යවන්නන් ලෙස ලියම් ප්ලන්කට්, ජේක් බෝල් සහ මාක් වුඩ් ක්‍රීඩා කරන අතර දඟ පන්දු යවන්නන් ලෙස අදිල් රෂීඩ් සහ මොයින් අලී ක්‍රීඩා කරති.
පාකිස්තානු පි‍ලේ පිතිකරුවන් ලෙස අසාර් අලී, ෆකාර් සමාන්, බාබර් සමාම්, මොහොඩම් හෆීස්, ෂොයිබ් මලික් සහ සෆ්රාස් අහමඩ් ක්‍රීඩා කරති.
වේග පන්දු යවන්නන් ලෙස මොහොමඩ් අමීර්, ජුනේඩ් ඛාන්, හසන් අලී සහ ෆාහිම් අෂ්රෆ් ක්‍රීඩා කරන අතර, දඟ පන්දු යවන්නා ලෙස උමාර් වසීම් ක්‍රීඩා කරයි.
 
එංගලන්ත සංචිතය
එවයින් මෝගන් (නායක), මොයින් අලී, ජොනී බේස්ටෝව්, ජේක් බෝල්, සෑම් බිලින්ග්ස්, ජොස් බට්ලර්, ඇලෙක්ස් හේල්ස්, ලියම් ප්ලන්කට්, අදිල් රෂීඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, ඩේවිඩ් විලී, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්
 
පාකිස්තානු සංචිතය
සෆ්රාස් අහමඩ් (නායක), අහමඩ් ෂෙෂාඩ්, අසාර් අලී, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, හැරිස් සොහෙල්, ඉමාඩ් වසීම්, ෆකාර් සමාන්, ෆාහිම් අෂ්රෆ්, මොහොමඩ් අමීර්, රුම්මාන් රේස්, ජුනේඩ් ඛාන්, හසන් අලී, ෂඩාබ් ඛාන්

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (12දා) කාඩිෆ්හි පැවැති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කළ පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය.
මේ අනුව එංගලන්තය සහ පාකිස්තානය අතර පළමු අවසන් පූර්ව තරගය හෙට (14දා) කාඩිෆ්හිදී පැවැත්වේ.
ඊයේ තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.2කදී ලකුණු 236කට දැවී ගිය අතර පාකිස්තානය පන්දුවාර 44.5කදී කඩුලු 7කට ලකුණු 237ක් ලබමින් ජය වාර්තා කළේය.
ඊයේ තරගයේදී ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට අනගි අවස්ථාවක් හිමිවී තිබුණද අවශ්‍යම අවස්ථාවේදී සෆ්රාස් අහමඩ් ලබාදුන් පහසු උඩපන්දුවක් තිසර පෙරේරා අතින් ගිලිහී යාමෙන් අවසානයේදී සෆ්රාස් තරගයේ වීරයා බවට පත්විය.
සෆ්රාස් ලකුණු 38ක් ලබා සිටියදී මාලිංගගේ පන්දුවකට තිසර පෙරේරා අතට ලබාදුන් පහසු උඩපන්දුව ගිලිහී ගිය අතර, ඊළඟ පන්දු වාරයේදී යළිත් සෆ්රාස් ලබාදුන් උඩපන්දුවක් අතිරේක ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න අතින් ගිලිහී ගියේය.
ඉන් උපරිම ප්‍රයෝජන ගත් සෆ්රාස් අහමඩ් පන්දු 79කදී හතරේ පහර 5ක් සහිතව නොදැවී ලකුණු 61ක් ලබමින් පාකිස්තානය අවසන් පූර්ව වටය දක්වා රැගෙන ගියේය.
සෆ්රාස්ට අනගි සහයක් ලබාදුන් මොහොමඩ් අමීර් නොදැවී ලකුණු 28ක් ලැබූ අතර, සෆ්රාස් සහ අමීර් අතර 8 වැනි කඩුල්‍ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 75ක් විය.
ලකුණු හඹායාමේදී ෆකාර් සමාන් (50) සහ අසාර් අලී (34) වේගවත් ආරම්භයක් ලබා දුන්නද ඉන්පසු පිතිකරුවන් දැක්වූ දුර්වලතා හේතුවෙන් කඩුලු 6ක් ලකුණු 137ක් තුළ බිඳ වැටුණි.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සාර්ථක පන්දු යැවීමක නිරත වුවද පන්දු රකින්නන් දැක්වූ දුර්වලතා හේතුවෙන් අවසානයේදී පරාජය වැළඳ ගැනීමට සිදුවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් ප්‍රදීප් ලකුණු 60ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, මාලිංග, ලක්මාල් සහ තිසර එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 13කට දැවී ගියද දික්වැල්ල සහ මෙන්ඩිස් එක්ව සාර්ථක සම්බන්ධතාවක් තැබිමට සමත් වූහ.
මෙන්ඩිස් (27) දවා ගැනීමට හසන් අලී සමත් වීමෙන් පසු චන්මාල් ලකුණු නොලබාම දැවී යාමෙන් කඩුලු 3ක් ලකුණු 83කදී බිඳ වැටුණි.
දික්වැල්ලට එක්වූ නායක මැතිව්ස් තරගයේ 31 වැනි පන්දු වාරය වන විට ලකුණු 78ක සම්බන්ධතාවක් තබමින් කඩුලු 3ට ලකුණු 161ක් ලබා ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ.
එහෙත් අමීර්ගේ පන්දුවකට මැතිව්ස් දැවී යාමත් සමගම ශ්‍රී ලංකාවේ අවසන් කඩුලු 7ම ලකුණු 75කට දැවී යාම කණගාටුදායක සිදුවීමක් විය.
නිරෝෂන් දික්වැල්ල පන්දු 86කදී හතරේ පහර 4ක් සහිතව ලකුණු 73ක් ලබාගත් අතර, මැතිව්ස් ලකුණු 39ක්ද, අසේල ගුණරත්න ලකුණු 27ක්ද ලක්මාල් ලකුණු 26ක්ද වාර්තා කළහ.
පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ජුනේඩ් ඛාන් සහ හසන් අලී කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර, මොහොමඩ් අමීර් සහ ෆාහිම් අෂ්රෆ් කඩුලු දෙක බැගින් බිඳ හෙළීය.

 

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (11දා) පැවැති දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කළ ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය.
මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 44.3කදී ලකුණු 191කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූ අතර, අදාළ ඉලක්කය කඩුලු 2ක් දැවී පසු කිරීමට ඉන්දීය පිතිකරුවෝ සමත් වූහ.
මේ අනුව ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් පූර්ව තරගය ලබන 15දා බර්මින්හැම්හිදී පැවැත්වේ.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් අර්ධ ශතක වාර්තා කිරීමට ෂිකර් ධවාන් සහ විරාත් කෝලි සමත් වූ අතර, ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක සම්බන්ධතාවක් වාර්තා විය.
ධවාන් පන්දු 83කදී හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 78ක් වාර්තා කළ අතර, විරාත් කෝලි පන්දු 101කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 76ක් වාර්තා කළේය.
මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් කුයින්ටන් ඩි කොක් ලකුණු 53ක් වාර්තා කළ අතර, හෂීම් අම්ලා ලකුණු 35ක්ද, ඩුප්ලෙසිස් ලකුණු 36ක්ද වාර්තා කළේය.
දකුණු අප්‍රිකානු ඉනිමේදී කඩුලු 2ක් දැවී ලකුණු 140ක් ලබා සිටියද ඩිවිලියර්ස් සහ මිලර් දුවද්දී දැවී යාමෙන් ඉනිම බිඳ වැටුණි.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර, ඇෂ්වින්, පාන්ඩයා සහ ජඩේජා එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :- 
දකුණු අප්‍රිකාව පන්දුවාර 44.3කදී සියලු දෙනා දැවී - 191යි
කුයින්ටන් ඩි කොක් 53, හෂීම් අම්ලා 35, ෆැෆ් ඩුප්ලෙසිස් 36, ඒ.බි. ඩිවිලියර්ස් 16, ඩේවිඩ් මිලර් 1, ජේ.පී. ඩුමිනි (නොදැවී) 20, ක්‍රිස් මොරිස් 4, ඇන්ඩි‍ලේ පෙලුක්වායෝ 4, කගිසෝ රබාඩා 5, මෝනි මෝකල් 0, ඉම්රාන් තහීර් 1, බුවනේෂ්වර් කුමාර් 23/2, ජස්ප්‍රිට් බුම්රා 28/2, රවිචන්ද්‍රන් ඇෂ්වින් 43/1, හර්දික් පාන්ඩයා 52/1, රවින්ද්‍ර ජඩේජා 39/1
 
ඉන්දියාව පන්දුවාර 38කදී කඩුලු 2ක් දැවී - 193යි 
රෝහිත් ෂර්මා 12, ෂිකර් ධවාන් 78, විරාත් කෝලි (නොදැවී) 76, යුවරාජ් සිං (නොදැවී) 23, මෝනි මෝකල් 38/1, ඉම්රාන් තහීර් 3/1

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 40 ක ජයක් ලැබූ එංගලන්තය අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය.
මෙම පරාජයත් සමගම ඕස්ට්‍රේලියාව තරගාවලියෙන් ඉවතට විසිවූ අතර ප්‍රසාද ලකුණු 3 ක් ලබා සිටින බංගලිදේශය අවසන් පූර්ව වටයට පිවිසුණි.
තරගාවලියේ එක් තරගයක්වත් ජය ගැනීමට නොහැකි වූ නවසීලන්තය පසුගියදා බංගලිදේශය හමුවේද පරාජය ලැබිය.
අයි.සී.සී. තරගාවලියකදී බංගලිදේශ පිලක් අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා ‍පොතට එක්වෙයි.
එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 50 දී කඩුලු 9 ට ලකුණු 277 ක් ලැබූ අතර එංගලන්තය පන්දුවාර 40.2 දී කඩුලු 4ට ලකුණ 240 ක් ලබා ජය ගත්තේය. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට එංගලන්තයට අවශ්‍යව තිබුණේ ලකුණු 201 ක් පමණි.
එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 109කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 102 ක් ලබාගත් බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
එංගලන්තයේ කඩුලු 3 ක් ලකුණු 35ක් තුළ බිඳ වැටුණු අතර ස්ටෝක්ස් සමග එක්වූ නායක මෝගන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 159ක සම්බන්ධතාවක් තැබිය.
සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ මෝගන් පන්දු 81කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සහිතව ලකුණු 87ක් ලබා ගත්තේය.
 
ලකුණු තත්ත්වය :-
 
ඕස්ට්‍රේලියාව පන්දුවාර 50දී - 277/9 යි
වෝනර් 21, ෆින්ච් 68, ස්මිත් 56, හෙන්රිකස් 17, හෙඩ් (නොදැවී) 71, මැක්ස්වෙල් 20, වේඩ් 2, ස්ටාක් 0, කමින්ස් 4, සම්පා 0, හේසල්වුඩ් (නොදැවී) 1, මාර්ක් වුඩ් 33/4, අදිල් රෂීඩ් 41/4, බෙන් ස්ටෝක්ස් 61/1 
එංගලන්තය පන්දුවාර 40.2කදී - 240/4 යි
රෝයි 4, හේල්ස් 0, රූට් 15, මෝගන් 87, ස්ටෝක්ස් (නොදැවී) 102, බට්ලර් (නොදැවී) 29, හේසල්වුඩ් 50/2, ස්ටාක් 52/1

ශකීබ් අල් හසන් (114) සහ මහමුදුල්ලා (102) එක්ව  පැවැත්වූ වාර්තාගත ලකුණු 224 ක සම්බන්ධතාවය හේතුවෙන් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පැවැති තරගයෙන් නවසිලන්තයට පරදවා කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් විය.මේ අනුව එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (10) තරගයෙන් ජයගන්නා කණ්ඩායම අනුව අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙක තීරණය වනු ඇත.

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (8දා) ඕවල්හි පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලා‍පොරොත්තු අලුත්කර ගැනීමට සමත් විය.
මේ අනුව ‘බි’ කොටසින් තරග වදින ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු අපිකාව සහ පාකිස්තානය එක් තරගය බැගින් ජයගෙන ලකුණු 2 බැගින් ලබා සිටින අතර, ඉදිරියේදී පවැත්වීමට නියමිත ඉන්දියා-දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ ජයග්‍රාහකයන් අවසන් පූර්ව වටයට පිවිසෙයි.
මේ අනුව ලබන 12 දා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයෙන් ජයගෙන අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.
ඊයේ පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 321ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 48.4කදි කඩුලු 3ට ලකුණු 322ක් ලබමින් ජය වාර්තා කළේය.
ලකුණු හඹායාමේදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 7කට දැවී ගියද ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් එක්ව ලකුණු 159ක සම්බන්ධතාවක් තබමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කර දුන්නේය.
ධනුෂ්ක ගුණතිලක පන්දු 72කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 76ක් වාර්තා කළ අතර, අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවිය.
පන්දු 93කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 89ක් රැස් කළ කුසල් මෙන්ඩිස්ද දුවද්දී දැවී යාමකට හසු වූ අතර, ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සම්බන්ධතාවක් තබා තිබියදී පන්දු  44කදී හතරේ පහර 5ක් සහිතව ලකුණු 47ක් ලබාගත් කුසල් ජනිත් ආබාධයකට ගොදුරු වීමෙන් පිටියෙන් ඉවත් විය.
ඉන්පසු පිටියේ එක්වූ නායක මැතිව්ස් සහ අසේල ගුණරත්න ලකුණු 51ක නොබිඳුණු සම්බන්ධතාවක් තබමින් ඉනිමේ 49 වැනි පන්දු වාරයේදී ශ්‍රී ලංකා ජය තහවුරු කළේය.
නායක මැතිව්ස් පන්දු 45කදී හතරේ පහර 6ක් සහිතව නොදැවී ලකුණු 52ක් ලබාගත් අතර, අසේල ගුණරත්න පන්දු 21කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 34ක් වාර්තා කළේය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළ ෂිකර් ධවාන් පන්දු 128කදී හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 125ක් වාර්තා කළේය.
ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා පන්දු 79කදී ලකුණු 78ක් ලැබූ අතර, මහේන්ද්‍ර සිං දෝනි පන්දු 51කදී ලකුණු 63ක් ලැබිය.

ලකුණු පුවරුව

ඉන්දියාව

රෝහිත් ෂර්මා ඇ. තිසර ප. මාලිංග78(79)
ෂිකර් ධවාන් ඇ. මෙන්ඩිස් ප. මාලිංග125(128)
විරාත් කෝලි ඇ. දික්වැල්ල ප. ප්‍රදීප්0(5)
යුවරාජ් සිං ප. ගුණරත්න 7(18)
එම්.එස්. දෝනි ඇ. චන්දිමාල් ප. තිසර63(52)
හර්දික් පාන්ඩයා ඇ. කුසල් ප. ලක්මාල් 9(5)
කෙදර් ජදාව් (නොදැවී)25(13)
රවින්ද්‍ර ජඩේජා (නොදැවී)0(0)

අතිරේක 14

මුළු ලකුණු (පන්දුවාර 50දී කඩුලු 6ක් දැවී)321

කඩුලු බිඳ වැටීම :- 1-138, 2-139, 3-179, 4-261, 5-278, 6-307
පන්දු යැවීම :- ලසිත් මාලිංග 10-0-70-2, සුරංග ලක්මාල් 10-1-72-1, නුවන් ප්‍රදීප් 10-0-73-1, තිසර පෙරේරා 9-0-54-1,
ධනුෂ්ක ගුණතිලක 8-0-41-0, අසේල ගුණරත්න 3-0-7-1

ශ්‍රී ලංකාව

නිරෝෂන් දික්වැල්ල ඇ. ජඩේජා ප. බුවනේෂ්වර්7(18)
ධනුෂ්ක ගුණතිලක දු.දැ.ගි. (යදාව්/දෝනි)76(72)
කුසල් මෙන්ඩිස් දු.දැ.ගි. (බුවනේෂ්වර්)89(93)
කුසල් ජනිත් (තුවාල ලබා ඉවත් වුණා)47(44)
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී)52(45)
අසේල ගුණරත්න (නොදැවී)34(21)

අතිරේක 17

මුළු ලකුණු (පන්දුවාර 48.4දී කඩුලු 3ක් දැවී)322

කඩුලු බිඳ වැටීම :- 1-11, 2-170, 3-196 (කුසල් ජනිත් තුවාල ලබා ඉවත් වුණා), 3-271
පන්දු යැවීම :- බුවනේෂ්වර් කුමාර් 10-0-54-1, උමේෂ් යදාව් 9.4-0-67-0, ජස්ප්‍රිට් බුම්රා 10-0-52-0, හර්දික් පාන්ඩයා 7-1-51-0, රවින්ද්‍ර ජඩේජා 6-0-52-0, කෙදර් ජදාව් 3-0-18-0, විරාත් කෝලි 3-0-17-0

IMAGE

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1278

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2127

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2075

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 4910

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4540

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 7324

Please publish modules in offcanvas position.

DMC Firewall is a Joomla Security extension!