Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 203ක විශිෂ්ට ජයක් වාර්තා කළ ඉන්දියාව අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය.
මේ අනුව ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය පෙබරවාරි 3දා පැවැත්වේ.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් නොදැවී ශතකයක් රැස් කළ ෂුබ්මන් ගිල් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉෂන් ‍පෝරල් කඩුලු 4ක් බිඳ හෙළීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 272ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු ඉනිම පන්දුවාර 29.3කදී ලකුණු 69කට සීමා විය.
ෂුබ්මන් ගිල් පන්දු 94කදී හතරේ පහර 7ක් සහිතව නොදැවී ලකුණු 102ක් රැස් කළ අතර, මන්ජෝට් කයිරා (47), ප්‍රිත්වි ෂාව් (41), අනුකුල් රෝයි (33) පිත්තෙන් දස්කම් දක්වූහ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉෂන් ‍පෝරල් පාකිස්තානු මුල් පෙ‍ලේ කඩුලු 4ක් ලකුණු 17ක් තුළ බිඳ දැමීය.
 
ලකුණු තත්ත්වය :- 
ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 9ට - 272යි
ප්‍රිත්වි ෂාව් 41, මන්ජෝට් කයිරා 47, ෂුබ්මන් ගිල් නොදැවී 102, අනුකුල් රෝයි 33, මොහොමඩ් මූසා 67/4, අර්ෂාඩ් ඉක්බාල් 51/3
පාකිස්තානය පන්දුවාර 50දී සියලු දෙනා දැවී - 69යි
රොහෙල් නසීර් 18, සාඩ් ඛාන් 15, ඉෂන් ‍පෝරල් 17/4, ශිවා සිං 20/2, රියාන් පරාග් 6/2

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (25දා) ධකාහිදී පැවැත්වේ.
බංග්ලාදේශය මේ වන විට සහභාගි වූ තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණුද සහිතව ලකුණු 15ක් ලබා අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියි.

ශ්‍රී ලංකාව තරග 3කට සහභාගි වී සිම්බාබ්වේට එරෙහිව එක් තරගයක් ජයගෙන බංග්ලාදේශය සහ සිම්බාබ්වේට එරෙහිව එක් තරගය බැගින් පරාජයවී ලකුණු 4ක් ලබා ලකුණු සටහනේ දෙවැනි තැන සිටියි.
මේ වන විට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක් තරගය බැගින් ජයගෙන ලකුණු 4 බැගින් ලබා සිටින නමුත් දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවෙයි.

අද තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් බංග්ලාදේශය සමග අවසන් සටනට සුදුසුකම් ලබන අතර, යම් හෙයකින් පරාජය වුවහොත් දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව හෝ සිම්බාබ්වේ අවසන් සටනට පිවිසෙයි.
එහෙයින් අද තරගයේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව තියුණු සටනක් ලබා දීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් වී තිබේ.
මෙවර තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ගොදුරු වීම නිසා තරගාවලිය අහිමි වීම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් වී තිබේ.

අද තරගයේදී කුසල් ජනිත්ගේ ස්ථානය ධනුෂ්ක ගුණතිලකට හිමිවනු ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස නායක චන්දිමාල්, තරංග, ධනුෂ්ක ගුණතිලක, දික්වැල්ල, කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන අතර, තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස අසේල ගුණරත්න සහ තිසර පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
වේගපන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ක්‍රීඩා කරන අතර, දඟ පන්දු යවන්නන් ලෙස ලක්ෂාන් සඳකැන් සහ අකිල ධනංජය ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
බංග්ලාදේශය මෙම තරගයේදී කිසිදු වෙනසක් සිදු නොකරමින් සිම්බාබ්වේ තරගයට නම් කළ කණ්ඩායමම නම් කරනු ඇතැයි වාර්තා වේ.

2018 ෆිපා ලෝක පාපන්දු කුසලානය අද (24) උදෑසන ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. ඊයේ (23) රාත්‍රී මෙරටට ගෙනඑන ලද  මෙම කුසලානය ලොව පුරා රටවල් 54 කට වැඩි ප්‍රමාණයක දී පාපන්දු ලෝලීන්ට සියැසින් දැක ගැනීමේ අවස්ථාව උදා කෙරේ. ඒ අරමුණින් ලොව වටා ගෙන යන ෆිපා කුසලානය ලංකාවට ගෙන එන ලද්දේ ඉතිහාසයේ පළමුවෙනි වරටය.

එය අද (24) දින  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලාංකීය පාපන්දු ලෝලීන්ට දැකගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

මෙවර ෆිපා ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ජූනි මස රුසියාවේදී පැවැත්වීමට නියමිතය.



බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (23දා) ධකාහි පැවැති බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර තරගයෙන් ලකුණු 91ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 216ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේට පන්දුවාර 36.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 125ක් පමණි.

මේ අනුව බංග්ලාදේශය තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වී සිටින අතර, අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම හෙට (25දා) පැවැත්වෙන බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් තීරණය වෙයි.
මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් තමීම් ඉක්බාල් පන්දු 105කදී හතරේ පහර 6ක් සහිතව ලකුණු 76ක් ලබාගත් අතර, ෂකිබ් අල් හසන් පන්දු 80කදී හතරේ පහර 6ක් සහිතව ලකුණු 51ක් වාර්තා කළේය.

තමීම් ඉක්බාල් සහ ෂකිබ් අල් හසන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106ක සම්බන්ධතාවක් පැවැති අතර,
ෂකිබ් දැවී යාමත් සමග ඉනිම බිඳ වැටුණි.
සිම්බාබ්වේ වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීමර් කඩුලු 4ක්ද, ජාවිස් කඩුලු 3ක්ද බිඳ දැමීමට සමත් විය.
ලකුණු හඹා යාමේදී සිම්බාබ්වේ පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉනිම ලකුණු 125කට සීමා කළහ.
සිකන්දර් රාසා ලකුණු 39ක්ද, ග්‍රැහැම් ක්‍රීමර් ලකුණු 23ක්ද ලබාගත් අතර, බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ෂකිබ් අල් හසන් ලකුණු 34ට කඩුලු 3ක්ද, මොර්ටාසා, සුන්සාමුල් සහ මුස්ටාෆිසූර් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තය ලකුණු 31කින් පරාජය කළ ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලොයිඩ් ‍පෝප් ලකුණු 35ට කඩුලු 8ක් බිඳ හෙළමින් තරගයේ වීරයා විය.

ක්වීන්ස්ටවුන්හිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව 33.3කදී ලකුණු 127කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 23.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 96ක් පමණි. මෙම තරගාවලියේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර අර්ධ අවසන් පූර්ව තරගය අද (24දා) ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ.

ලකුණු තත්ත්වය :-
ඕස්ට්‍රේලියාව පන්දුවාර 33.3කදී සියලු දෙනා දැවී - 127යි
ජේසන් සංහා 58, ඒතන් බැම්බර් 31/3, ඩිලොන් පෙනින්ටන් 27/3, විල් ජේක්ස් 21/3
එංගලන්තය පන්දුවාර 23.4කදී සියලු දෙනා දැවී - 96යි
ටොම් බැන්ටන් 58, ලොයිඩ් ‍පෝප් 35/8

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පැවැති මහනුවර සහ සී.එච්. අතර තරගයෙන් ලකුණු 34-23 ක ජයක් වාර්තා කිරීමට මහනුවර සමත් විය.
පළමු භාගය අවසන් වන විට මහනුවර ලකුණු 19-10 ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර අවසන් මිනිත්තු 10 වන විට මහනුවර 29-23 ක් ලෙස පෙරමුණේ විය.
අවසන් මොහොතේ තියුණු සටනක් ඇතිවුවද ලවංග පෙරේරා අවසන් මිනිත්තුවේ උත්සාහක දිනුමක් වාර්තා කිරීමෙන් මහනුවරට ලකුණු 34-23 ක ජයක් හිමිවිය.
මහනුවර වෙනුවෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ෆාසිල් මරිජා, ගයාන් වීරරත්න, ලවංග පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර නයිජල් රත්වත්ත උත්සාහක දිනුමක් ප්‍රවර්තන 3 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
සී.එච්. වෙනුවෙන් හසන් මදුරංග උත්සාහක දිනුම් 2 ක්ද ලී කීගල් උත්සාහක දිනුමක්ද වාර්තා කළ අතර සැමුවෙල් මධුවන්ත ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
 
නාවික හමුදාව 27 සී.ආර්. 19
නාවික හමුදාව සහ සී.ආර්. අතර තරගයෙන් ලකුණු 27-19 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.
ගුවන් හමුදාව 33 යුද හමුදාව 10
ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර පැවැති තරගයෙන් ලකුණු 33-10 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය.
 
මංගල ධර්මප්‍රේම
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2510

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5390

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4774

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2866

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2820

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7427

Please publish modules in offcanvas position.