Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජාහිදී පැවැති 5 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය 5-0ක් ලෙස පරාජයට පත්විය.
යළිත් පිතිකරුවන් අසාර්ථක වීම නිසා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 26.2කදී ලකුණු 103කට දැවී ගිය අතර පාකිස්තානය පන්දුවාර 20.2කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 105ක් ලබමින් ජය වාර්තා කළේය.
මෙම පරාජය ශ්‍රී ලංකාව පිට පිටම ලැබූ 12 වැනි එක්දින පරාජය ලෙස වාර්තා ‍පොතට එක්විය.
ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූ උස්මාන් ඛාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34ට කඩුලු 5ක් බිඳ හෙළමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
සිය පළමු පන්දු වාරයේදීම සධීර සමරවික්‍රම සහ දිනේෂ් චන්දිමාල් ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩා ගාරයට යැවීමට සමත් වූ උස්මාන් ඛාන් සිය දෙවැනි පන්දු වාරයේදී උපුල් තරංග (8), නිරෝෂන් දික්වැල්ල (0) දවා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ කඩුලු 4ක් ලකුණු 8ක් තුළ බිඳ වැටුණි.
සිය සිව්වැනි පන්දු වාරයේදී මිලින්ද සිරිවර්ධන ලකුණු 6කට පිටියෙන් ඉවත් කළ උස්මාන් ඛාන් 5 වැනි කඩුල්ල ලබා ගනිද්දී ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුව කඩුලු 5ට ලකුණු 20ක් ලෙස සටහන් විය.
ඉනිම ගොඩනැංවීමට උත්සාහයක නිරත වූ ලහිරු තිරිමාන්න ලකුණු 19කට දවා ගැනීමට හසන් අලී සමත් වීමෙන් පසු සීක්කුගේ ප්‍රසන්න ලකුණු 16කට දුවද්දී දැවී යාමකට හසුවිය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තිසර පෙරේරා ලකුණු 25කට දවාගත් ෂඩාබ් ඛාන් වැන්ඩසේ ලකුණු 2 කට දවා ගැනීමෙන් 9 වැනි කඩුල්ල ලකුණු 85දී බිඳ වැටුණි.
දුෂ්මන්ත චමීර ලකුණු 11කට දවා ගැනීමට හසන් අලී සමත් වීමත් සමගම ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103කට අවසන් විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ උස්මාන් ඛාන් ලකුණු 34ට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, හසන් අලී සහ ෂඩාබ් ඛාන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු 104ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉමාම් උල් හක් සහ ෆකර් සමාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු ෆකාර් සමාන් ලකුණු 48කට දවා ගැනීමට වැන්ඩසේ සමත් විය.
පාකිස්තානය ඉලක්කය පසු කරන විට ඉමාම් උල් හක් හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 45ක් ලබා සිටියේය. තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ හසන් අලී තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති අතර, එහි නායකත්වය තිසර පෙරේරාට පවරා තිබේ.
මෙම තරගාවලියේ පළමු තරග දෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අතර, අවසන් තරගය පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පි‍ලේ ක්‍රීඩකයන් රැසක් ලාහෝර් යාමට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමගම නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.
 මෙහිදී නිත්‍ය නායක උපුල් තරංග ලාහෝර් යාමට අකමැත්ත ප්‍රකාශ කළ අතර, ඔහු සමග අකිල ධනංජය, වනිඳු හසරංග, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්ද මෙම තරගාවලියට ක්‍රීඩා නොකරති.
ශ්‍රී ලංකා පි‍ලේ ප්‍රධාන පුහුණුකරු නික් ‍පෝතාස් සහ භෞත චිකිත්සක නිර්මලන් තණබාලසිංහම්ද ලාහෝර් යාමට අකමැත්ත ප්‍රකාශ කර ඇති නමුත් ඔවුන් දෙදෙනා පළමු තරග දෙකේදී කණ්ඩායම සමග රැඳී සිටිති.
නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා නොකිරීම හේතුවෙන් නවක ක්‍රීඩක මිනෝද් භානුක කඩුලු රකින්නා ලෙස කණ්ඩායමට නම්කර තිබේ.
තහනමකට ලක්වූ ධනුෂ්ක ගුණතිලකගේ තහනම ලිහිල් කිරීම නිසා ඔහු කණ්ඩායමට නම්කර ඇති අතර, නවක ක්‍රීඩක සධීර සමරවික්‍රම මෙන්ම කලකට පසු මහේල උඩවත්ත කණ්ඩායමට නම්කර තිබේ. 
මේ අනුව පිතිකරුවන් ලෙස ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන්, මහේල උඩවත්ත, දසුන් ශානක සහ මිනෝද් භානුක කණ්ඩායමට එක්වී සිටිති.
තිසර පෙරේරා, සචිත් පතිරණ සහ සීක්කුගේ ප්‍රසන්න තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කරන අතර, විකුම් සංජය, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු සහ ඉසුරු උදාන වේගපන්දු යවන්නන් ලෙස නම්කර තිබේ.
ජෙෆ්රි වැන්ඩසේ සහ චතුරංගද සිල්වා දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට නම්කර තිබේ. 
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු 20-20 තරගය 26දා අබුඩාබිහිදී පැවැත්වේ.
 
ශ්‍රී ලංකා 20-20 සංචිතය
තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, මිනෝද් භානුක, සචිත් පතිරණ, විකුම් සංජය, ලහිරු ගමගේ, සීක්කුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු, උසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, චතුරංග ද සිල්වා
 

ශ්‍රී ලංකා ‘ඒ’ සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ අතර ෆ්ලෝරන්ස් හෝල්හි පැවැති දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 280ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.
මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉනිම දෙකේදීම කඩුලු 12ක් බිඳ හෙලූ මලින්ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 294ක් ලබාගත් අතර, කොදෙව් ‘ඒ’ මුල් ඉනිම ලකුණු 137කට සීමා විය. 
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිමේදී කඩුලු 9ට ලකුණු 267ක් ලබා ඉනිම අත්හිටවූ අතර, ලකුණු 425ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් ‘ඒ’ට ලබාගත හැකිවූයේ ලකුණු 144ක් පමණි.
ශ්‍රී ලංකා ‘ඒ’ වෙනුවෙන් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක මුල් ඉනිමේ නොදැවී ලකුණු 102ක්ද, දෙවැනි ඉනිමේ ලකුණු 60ක්ද ලබාගත් අතර, ධනංජය ද සිල්වා මුල් ඉනිමේ ලකුණු 73ක්ද, රොෂේන් සිල්වා දෙවැනි ඉනිමේදී ලකුණු 86ක්ද, වනිඳු හසරංග නොදැවී ලකුණු 50ක්ද වාර්තා කළහ.
කොදෙව් ‘ඒ’ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට අවකාශ නොලැබුණු අතර, මලින්ද පුෂ්පකුමාර මුල් ඉනිමේ ලකුණු 52ට කඩුලු 6ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 46ට කඩුලු 6ක්ද බිඳ හෙළීය.
 
ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම 294යි
සඳුන් වීරක්කොඩි 8, රොන් චන්ද්‍රගුප්ත 9, ධනංජය ද සිල්වා 73, චරිත් අසලංක 41, රොෂේන් සිල්වා 30, ෂෙහාන් ජයසූරිය 0, දසුන් ශානක නොදැවී 102, වනිඳු හසරංග 4, මලින්ද පුෂ්පකුමාර 0, කසුන් රාජිත 1, අසිත ප්‍රනාන්දු 4, ජෝසප් 32/3, කෝන්වෝල් 85/2, ජේකොබ්ස් 74/2
කොදෙව් ‘ඒ’ මුල් ඉනිම 137යි
කෝන්වෝල් 46, ඇම්බ්‍රිස් 29, මලින්ද පුෂ්පකුමාර 52/6, ෂෙහාන් ජයසූරිය 8/2
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම 267/9යි
සඳුන් වීරක්කොඩි 2, රොන් චන්ද්‍රගුප්ත 14, ධනංජය ද සිල්වා 1, චරිත් අසලංක 1, රොෂේන් සිල්වා 86, ෂෙහාන් ජයසූරිය 32, දසුන් ශානක 60, වනිඳු හසරංග නොදැවී 50, මලින්ද පුෂ්පකුමාර 10, අසිත ප්‍රනාන්දු 0, කෝන්වෝල් 107/5
කොදෙව් ‘ඒ’ දෙවැනි ඉනිම - 144යි
ඇම්බ්‍රිස් 41, මලින්ද පුෂ්පකුමාර 46/6, ෂෙහාන් ජයසූරිය 48/2

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහි පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කඬුළු 7කින් ජය ගැනීමට පාකිස්තානය සමත්විය.

හසන් අලීගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 208කට සීමා විය.
 
ලකුණු 209ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය කඬුළු 3ක් දැවී පන්දුවාර 42 පන්දු තුනකදී එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය. 
 
ඒ අනුව තරඟාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට පකිස්තානයට හැකි විය.
 
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළද යළිත් පිතිකරුවන්ගේ අසාර්ථක භාවය නිසා ඉහළ ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට අසමත් විය. 
 
ඉන් උපරිම ප්‍රයෝජන ගත් හසන් අලී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34කට කඩුලු 5ක් බිඳ හෙළා ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් කළේය.
 
මෙම දස්කමත් සමගම හසන් අලී 2017 වසරේ වැඩිම එක්දින කඩුලු ලැබූ පන්දු යවන්නා බවටද පත්විය.

පාකිස්තාන් ශ්‍රී ලංකා දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයවූවද නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග ශ්‍රී ලංකා එක්දින තරග වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකාව එක්දින තරග ඉතිහාසයේ ඉනිම පුරාම නොදැවී සිටි  පළවන ආරම්භක පිතිකරුවා ලෙස උපුල් තරංග වාර්තා පොතට එක්විය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති දෙවන එක්දින තරගය ලකුණු 32 න් ජය ලැබීමට පාකිස්තානය සමත්විය.

කාසියේ වාසිය දිනූ පාකිස්තානය මුලින්ම පන්දුවට පහර දුන් අතර සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ට ලකුණු 219 ක් ලබා ගත්තේය.

බාබර් අසාම් ලකුණු 101 ක් ලබා ගත් අතර පන්දුවෙන් දස්කම් දැක්වූ ලහිරු ගමගේ 57/4 දවාගත්තේය. පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 ක් තුළ සියළු ක්‍රීඩකයින් දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 187 ක් පමණි. හුදකලා සටනක නිතරතවූ උපුල් තරංග පන්දු 144 තුළ ලකුණු 112 නොදැවී ලබා ගත්තේය.

තරග 5 කින් යුත් තරගාවලිය 2 -0 ක් ලෙස ඉදිරියෙන් සිටීමට මේ වන විට පාකිස්තානය සමත්ව සිටී.

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 635

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1159

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1014

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 784

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5442

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3596

Please publish modules in offcanvas position.