Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (13දා) මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 487 ක්  ලබාගත් ඉන්දියාව ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 135 කට සීමා කරමින් ප්‍රබල තත්ත්වයක පසුවිය.
ලකුණු 352 ක් පසු පසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ඇරඹූ ශ්‍රී ලංකාව දිනය  අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 19 ක් ලබා සිටියේය. උපුල් තරංග ලකුණු 7 කට දැවී ගිය අතර දිමුත් කරුණාරත්න සහ මලින්ද පුෂ්පකුමාර කඩුල්‍ලේ රැඳී සිටියහ.
පළමු දිනයේ ෂිකර් ධවාන් වාර්තා කළ ශතකයත් ඊයේ හාර්දික් පාන්ඩ්යා වාර්තා කළ ප්‍රහාරාත්මක ශතකයත් හේතුවෙන් ඉන්දියාව ලකුණු 487 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත්විය.
කඩුලු එකපිට එක බිඳ වැටෙද්දී හුදෙකලා සටනක නිරත වූ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 48 ක් වාර්තා කළද ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවීය.
මොහොමඩ් ෂමීගේ පන්දු හමුවේ උපුල් තරංග (4) සහ දිමුත් කරුණාරත්න (5) අසාර්ථක වීමෙන් ලකුණු 23 ක් තුළ කඩුලු 2 ක් බි¼ඳ වැටුණි.
ලකුණු 18 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යාමකට හසු වූ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබාම පාන්ඩ්යාට ගොදුරු වීමෙන් ලකුණු 38 ක් තුළ කඩුලු 4 ක් බිඳ වැටුණි.
දික්වැල්ල සහ චන්දිමාල් එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු ටෙස්ට් තරගය එක්දින තරගයක් කිරීමට ඉදිරියට පැන පහරදුන් දික්වැල්ල ලකුණු 29 ක් ලබා සිය කඩුල්ල පූජා කළේය.
කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී හයේ පහරක් එල්ල කිරීමට ගිය දිල්රුවන් (00) කුල්දිප්ගේ දෙවැනි කඩුල්ල බවට පත්වෙද්දී ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 107 ක් ලෙස සටහන් විය.
මුළු ලකුණු සංඛ්‍යාව 125 ක්ව තිබියදී චන්දිමාල් ලකුණු 48 කට පිටියෙන් ඉවත් කිරීමට අෂ්වින් සමත් වීමෙන් 7 වැනි කඩුල්ල බිඳ වැටුණි.
පුෂ්පකුමාර (10) සහ විශ්ව ප්‍රනාන්දු (00) දවා ගැනීමට කුල්දීප් සමත් වූ අතර සඳකැන් ලකුණු 10 කට දවා ගැනීමට අෂ්වින් සමත් වීමෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 135 කට අවසන් විය.
කුල්දීප් යදාව් ලකුණු 40 කට කඩුලු 4 ක්ද, අෂ්වින් සහ ෂමී කඩුලු 2 බැගින්ද බිඳ හෙලූ අතර පාන්ඩ්යා එක් කඩුල්ලක් දවා ගත්තේය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් ෂිකර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් ලකුණු 188 ක සම්බන්ධතාවක් තැබූ අතර පන්දුවාර 40 ක් යැවීමෙන් පසු පන්දු යැවීමට කැඳවූ මලින්ද පුෂ්පකුමාර ලකුණු 85 ක් ලබා සිටි රාහුල් දවා ගත්තේය.
ලකුණු අතර සිටින පුජාරා (8) අසාර්ථක වූ අතර මිනිත්තු 209 ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 123 දී හතරේ පහර 17 ක් සහිතව සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ෂිකර් ධවාන් දවා ගැනීමට පුෂ්පකුමාර සමත්වීමෙන් ලකුණු 229 දී තෙවැනි කඩුල්ල බිඳ වැටුණි.
කෝලි සහ රහානේ අතර සම්බන්ධතාවය බිඳ දමමින් රහානේ ලකුණු 17 කට පිටියෙන් ඉවත් කිරීමට පුෂ්පකුමාර සමත් වීමෙන් පසු ලකුණු 42 ක් ලබා සිටි කෝලි දවා ගැනීමට සඳකැන් සමත්විය.
දෙවැනි නව පන්දුව ලබා ගැනීමෙන් පසු අෂ්වින් ලකුණු 31 කට දවාගත් විශ්ව ප්‍රනාන්දු ලකුණු 16 ක් ලබාසිටි විදිමන් සහා දවා ගැනීමෙන් ඉන්දියාවේ 7 වැනි කඩුල්ල ලකුණු 339 දී බිඳ වැටුණි.
හාර්දික් පාන්ඩ්යා සහ කුල්දීප් යදාව් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක වටිනා සම්බන්ධතාවක් තැබිමෙන් ඉන්දියාව ලකුණු 400 සීමාව පසු කළේය.
ලකුණු 26 ක් ලබා සිටි යදාව් පිටියෙන් ඉවත් කළ සඳකැන් නව පිතිකරු ෂමී ලකුණු 8 කට දවා ගැනීමෙන් ලකුණු 421 ට කඩුලු 9 ක් බිඳ වැටුණි.
ඉන් පසු තරගයේ පාලනය සියතට ගත් පාන්ඩ්යා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිය පළමු ශතකය වාර්තා කළ අතර අවසන් කඩුල්‍ලේ සම්බන්ධතාව ලකුණු 66 ක් විය.
පළමු අර්ධ ශතකය පන්දු 61 කින් වාර්තා කළ පාන්ඩ්යා ඉන් පසු පුෂ්පකුමාරගේ එක් පන්දු වාරයකදී ලකුණු 26 ක්ද සමගින් දෙවැනි අර්ධ ශතකය පන්දු 25 කදී වාර්තා කළේය.
පාන්ඩ්යා අවසානයේ සඳකැන්ට පළමු කඩුලු 5 ක් දවා ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් දැවී ගියේ පන්දු 96 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 6 ක් සහිතව ලකුණු 108 ක් වාර්තා කරමිනි.
පන්දුවෙන් දස්කම් දැක්වූ සඳකැන් ලකුණු 132 ට කඩුලු 5 ක්ද, පුෂ්පකුමාර ලකුණු 82 ට කඩුලු 3 ක්ද, විශ්ව ප්‍රනාන්දු ලකුණු 87 ට කඩුලු 2 ක්ද ලබා ගත්තේය.
අද තරගයේ තෙවැනි දිනයයි.      
 
මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට

ලන්ඩන්හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේ තවත් ප්‍රධාන තරග ඉසව්වක් වූ කාන්තා මීටර් 400 තරගයේදී පිලිස් ෆ්‍රැන්සිස් ඇමෙරිකාවට තවත් රන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය.

පිලිස් ෆ්‍රැන්සිස් සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් (තත්. 49.92) රන් පදක්කම දිනා ගනිද්දී හිටපු ලෝක ශූරිය වන ඇමෙරිකාවේම ඇලිසන් ෆීලිකිස්  තෙවැනි ස්ථානයට පත්වීම කාගේත් අවධානයට ලක්විය.

ඔලිම්පික් රන් පදක්කම් 6ක් සහ ලෝක ශූරතා මලල ක්‍රීඩා රන් පදක්කම් 9ක් දිනා සිටි ඇලිසන් ෆීලික්ස් සිය 10 වැනි ලෝක ශූරතා රන් පදක්කම දිනා ගැනීමේ අරමුනෙන් තරගාවලියට එක්වී සිටියද තම රටේම සහෘද ක්‍රීඩිකාවක් හමුවේ ඇයගේ බලා‍පොරොත්තු සුන් වී ගියේය. බහරේනයේ සල්වා එයිඩ් නේසර් තත්පර 50.06කින් තරගය නිමා කරමින් කාන්තා මී. 400 රිදී පදක්කමේ හිමිකාරිය බවට පත්වූවාය.

මෙම කාන්තා මී. 400 අවසන් තරගයට ජැමෙයිකානු ක්‍රීඩිකාවන් තිදෙනකුම තරග වැදුනද ඔවුන්ට පදක්කමක් දිනා ගැනීමට නොහැකි වූහ.

ඇමෙරිකාවේ ෆ්‍රැන්සිස්ට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන 12දා පල්ලෙකැ‍ලේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවා තිබේ.

ශ්‍රී ලංකාවේ අංක 1 දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ආබාධයක් හේතුවෙන් විවේක ගන්වා ඇති බැවින් ඒ වෙනුවට ලක්ෂාන් සඳකැන් තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇතැයි පැවසේ.

පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 6ක් දවා ගත් වේග පන්දු යවන නුවන් ප්‍රදීප් එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ආබාධයකට ගොදුරු වූ අතර, එම ස්ථානයට දුෂ්මන්ත චමීර කැඳවා තිබේ.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කර දෙවැනි ටෙස්ට් තරගයේදී ස්ථානය අහිමි වූ ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට වේගපන්දු යවන ලහිරු ගමගේ සංචිතයට නම් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලහිරු ගමගේ, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්


මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැ‍ලේදී ලබන සෙනසුරාදා ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර කණ්ඩායම දිරිගැන්වීමේ විශේෂ සැසියක් පසුගියදා පැවැත්වුණි.
මෙහිදී ඉහළ දක්ෂතා වර්ධන අංශය, ශ්‍රී ලංකා පිල, තේරීම් කමිටුව විශේෂ උපදේශකයන් මෙන්ම ක්‍රීඩා බලධාරීන් එක්ව ක්‍රීඩකයන් දිරිගැන්වීමේ විශේෂ සැසියක් පවත්වා තිබේ.
මෙහිදී හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරුවක් වන අරවින්ද ද සිල්වා සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය විශේෂ දේශන පවත්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් හා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද ක්‍රිකට් ආයතනයෙන් ලබාදෙන සහාය පිළිබඳව සතුට පළකර තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසා ඇත්තේ ලොව ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකාව සතුව ඇති බවත්, දක්ෂතා එක ලෙස පවත්වා ගැනීමට ක්‍රීඩකයන් උනන්දු විය යුතු බවයි.
එම විශේෂ සැසියේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර මැන්චෙස්ටර්හිදී පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 177ක ජයක් ලැබූ එංගලන්තය තරගාවලිය 3-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ලකුණු 380ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 202ක් පමණි.
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම බිඳ දමමින් කඩුලු 5ක් දවාලූ මොයින් අලී තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
මොයින් අලී සහ මොනි මෝකල් තරගාවලියේ වීරයන් ලෙස නම් කරනු ලැබිය.
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් අර්ධ ශතක වාර්තා කිරීමට හෂීම් අම්ලා (83) සහ ඩුප්ලෙසිස් (61) සමත් වුවද සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
 
ලකුණු තත්ත්වය :-
 
එංගලන්තය පළමු ඉනිම - 362 යි
ජොනී බේස්ටෝව් 99, බෙන් ස්ටෝක්ස් 58, ජෝ රූට් 52, රබාඩා 91/4, මෝකල් 92/2, ඔලිවර් 91/2, මහරාජ් 58/2
දකුණු අප්‍රිකාව මුල් ඉනිම - 226 යි
ටෙම්බා බවුමා 46, හෂීම් අම්ලා 30, ඇන්ඩර්සන් 38/4, බ්‍රෝඩ් 46/3, මොයින් අලී 57/2
එගලන්තය දෙවැනි ඉනිම -  243යි
මොයින් අලී නොදැවී 75, ජෝ රූට් 49, මෝකල් 41/4, රබාඩා 50/2, ඔලිවර් 38/3, 
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම - 202 යි
අම්ලා 83, ඩුප්ලෙසිස් 61, ඇන්ඩර්සන් 16/3, මොයින් අලී 69/5

සියැට් ධාවක කණ්ඩායම මෙරට ධාවන තරග ක්‍ෂේත්‍රයේ ආධිපත්‍යය යළිත් තහවුරු කර ගනිමින් 2017 කමාන්ඩෝ චැ‍ලේන්ජ් සුපර් කේ‍රාස් තරගාවලියේදී මෝටර් රථ කණ්ඩායම් ශූරතාව ඇතුළුව ප්‍රථම ස්ථාන 4ක් දිනා ගැනීමට සමත් වී තිබේ.
ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු ධාවන පථයේ පැවැති මෙම තරගාවලියේදී සියැට් ධාවකයින් පළමු ස්ථාන 4ක්, දෙවන ස්ථාන 5ක් සහ තෙවන ස්ථාන 6ක් දිනා ගැනීමට සමත් විය.
කණ්ඩායම් ශූරතාව දිනාගත් මලික කුරුවිටආරච්චි සහ උෂාන් පෙරේරා  කුසලාන සමගින් ඡායාරූපයෙන් දිස්වේ.

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3134

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2975

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6030

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3598

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2191

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3004

Please publish modules in offcanvas position.

Web Analytics