Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලොව විශිෂ්ටතම ප්‍රහාරක පිතිකරුවකු ලෙස සැලකෙන ක්‍රිස් ගේල් වසර දෙකකට පසු කොදෙව් එක්දින සංචිතයට කැඳවා තිබේ.
ක්‍රිස් ගේල් සමග මැද පෙළ පිතිකරු මාලන් සැමුවෙල්ස් ද වසරකට පසු යළිත් කණ්ඩායමට කැඳවා ඇති නමුත් කිරාන් ‍පොලාර්ඩ්ට ස්ථානයක් හිමිවී නොමැති බව වාර්තා වේ.
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මස මුල් සතියේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර, එහිදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබා ගැනීම සඳහා තරගාවලිය ජය ගැනීමට කොදෙව් පිලට සිදුවී තිබේ.
මේ අතර ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝට තරගාවලිය අහිමි වී ඇති අතර, සුනිල් නාරයින් සහ ඩැරන් බ්‍රාවෝ තරගාවලියට සහභාගි විය නොහැකි බව දන්වා තිබේ. 
කණ්ඩායමේ නායකත්වය ජේසන් හෝල්ඩර්ට හිමිවී ඇති අතර, ගේල් සහ සැමුවෙල්ස්ගේ පැමිණීමෙන් පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට තේරීම් කමිටුව බලා‍පොරොත්තු වෙයි.
 
කොදෙව් එක්දින සංචිතය
ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රිස් ගේල්, එවින් ලුවිස්, මාලන් සැමුවෙල්ස්, දේවේන්ද්‍ර බිෂූ, මිගුවල් කමින්ස්, කයිල් හෝප්, ෂායි හෝප්, අල්සාරි ජෝසප්, ජේසන් මොහොමඩ්, ඈෂ්ලි නර්ස්, රොව්මාන් පවෙල්, ජෙරම් ටේලර්, කෙස්රික් විලියම්ස්, සුනිල් ඇම්බ්‍රිස්

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර බර්මින්හැම්හිදී පැවැති දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 209ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.
එංගලන්තය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 243ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇලිස්ටයාර් කුක් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 8ට ලකුණු 514ක් රැස් කරමින් ඉනිම අත්හිටුවූ අතර, කොදෙව් මුල් ඉනිම ලකුණු 168කට සීමා විය. ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 346ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් දෙවැනි ඉනිමද ලකුණු 137කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඇලිස්ටයාර් කුක් පන්දු 407කදී හතරේ පහර 33ක් සමගින් ලකුණු 243ක් වාර්තා කළ අතර, ඔහුට අනඟි සහයක් ලබා දුන් ජෝ රූට් හතරේ පහර 22ක් සමගින් ලකුණු 136ක් වාර්තා කරමින් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 248ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
 
ලකුණු තත්ත්වය :- 
එංගලන්තය මුල් ඉනිම - 514/8යි
කුක් 243, රූට් 136, ඩේවිඩ් මලන් 65, රොස්ටන් ච්ෙස් 113/4, කෙමර් රෝච් 86/2
බටහිර ඉන්දීය කොදෙව් මුල් ඉනිම - 168යි
බ්ලැක්වුඩ් 79, ඇන්ඩර්සන් 34/3, රෝලන්ඩ් ජෝන්ස් 31/2, ස්ටුවර්ට් බ්‍රෝඩ් 47/2
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - 137යි
බ්‍රාත්වේට් 40, ස්ටුවර්ට් බ්‍රෝඩ් 34/3, ඇන්ඩර්සන් 12/2, රෝලන්ඩ් ජෝන්ස් 18/2, මොයින් අලී 54/2

සුගතදාස පිහිනුම් තටාකයේදී නිමාවට පත්වූ ජාතික පංච ප්‍රයාම පිහිනුම් තරගාවලියේ අවු. 11න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ මහනුවර ධර්මරාජ විදුහ‍ලේ යූ.එච්. රමිත් පේසර ඡායාරූපයෙන් දිස්වේ.
සමනල ආර, පසුපස ආර, ළය ආර, නිදහස් ආර සහ මිශ්‍ර ආර යන පංච ප්‍රයාම තරගවලදී අඩුම කාලයන් වාර්තා කරමින් රමිත් පේසර මෙම සම්මානය දිනා ගත්තේය.
රමිත් පේසරගේ පියා වන සුගත් උයන්හේවා මහතා මහනුවර ධර්මරාජයේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, ඒ මහතා වසර 19ක් අඛණ්ඩව ශ්‍රී ලංකා පාසල් පිහිනුම් සමස්ත ශූරතාව දිනාගත් මහනුවර මහාමායා බාලිකාවේ පුහුණුකරු ලෙසද කටයුතු කරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සහ 20-20 තරගය සඳහා නම් කළ ඉන්දියානු සංචිතයෙන් යුවරාජ් සිං ඉවත් කර ඇති අතර රවිචන්ද්‍රන් අෂ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා විවේක ගන්වා තිබේ.
නවක ක්‍රීඩකයන් රැසකට අවස්ථාව හිමිවී ඇති අතර නායකයා ලෙස විරාත් කෝලි කටයුතු කරයි.

ඉන්දීය එක්දින සංචිතය
විරාත් කෝලි (නායක), ෂිකර් ධවාන්, ලෝකේෂ් රාහුල්, රෝහිත් ෂර්මා, අජින්ක්යා රහානේ, එම්.එස්. දෝනි, හාර්දික් පාන්ඩ්යා, අක්ෂාර් පටෙල්, කුල්දීප් යදාව්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා, මනීෂ් පාන්ඩේ, යුස්වෙන්දර් චහාල්, කෙදර් ජදාව්, ෂර්දුල් තකූර්

ලන්ඩන්හිදී දින 10ක් පුරා පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල නිමාවට පත්වන විට රන් පදක්කම් 10ක් රිදී 11ක් සහ ලෝකඩ 9ක් සමගින් පළමු ස්ථානය දිනා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සමත් විය.
කෙන්යාව රන් 5ක් රිදී 2ක් සහ ලෝකඩ 4ක් සමගින් දෙවැනි ස්ථානයට පත්වූ අතර, රන් 3ක් රිදී 1ක් සහ ලෝකඩ 2ක් දිනාගත් දකුණු අප්‍රිකාවට තෙවැනි ස්ථානය හිමිවිය.
මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී රටවල් 24ක් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර, රටවල් 38ක් කුමන හෝ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
පසුගිය 2015 බිජිං ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේදී දෙවැනි තැන දිනාගත් ජැමෙයිකාව මෙවර 16 වැනි ස්ථානයට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේ අවසන් තරග ඉසව් ලෙස පැවැති පිරිමි මීටර් 4*400 සහාය දිවීමේ තරගයේදී රන් පදක්කම ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබැගෝ (මි. 2.58.12) දිනාගත් අතර, කාන්තා මී. 4*400 රන් පදක්කම ඇමෙරිකාව (මි. 3.19.02) සතුවිය.
පිරිමි තරගයේ රිදී පදක්කම ඇමෙරිකාවටද (2.58.61) ලෝකඩ පදක්කම මහා බ්‍රිතානයටද (2.59.00) හිමිවූ අතර, කාන්තා තරගයේ රිදී පදක්කම මහා බ්‍රිතාන්‍යයටද (3.25.00) ලෝකඩ පදක්කම ‍පෝලන්තයටද (3.25.41) හිමි විය.
ක්‍රීඩා උළෙ‍ලේ තවත් ප්‍රධාන තරග ඉසව්වක් වූ කාන්තා මීටර් 800 තරගයේදී දකුණු අප්‍රිකාවේ කාස්ටර් සිමෙන්යා (මි. 1.55.16) රන් පදක්කම දිනාගත් අතර, බුරැන්ඩි රාජ්‍යයේ ෆ්‍රැන්සින් නියොන්සබා (1.55.92) රිදී පදක්කමද, ඇමෙරිකාවේ අජී විල්සන් (1.56.65) ලෝකඩ පදක්කමද දිනා ගත්හ.
17 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල 2019 වසරේදී දෝහා කටාර් රාජ්‍යයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (13දා) මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 487 ක්  ලබාගත් ඉන්දියාව ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 135 කට සීමා කරමින් ප්‍රබල තත්ත්වයක පසුවිය.
ලකුණු 352 ක් පසු පසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ඇරඹූ ශ්‍රී ලංකාව දිනය  අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 19 ක් ලබා සිටියේය. උපුල් තරංග ලකුණු 7 කට දැවී ගිය අතර දිමුත් කරුණාරත්න සහ මලින්ද පුෂ්පකුමාර කඩුල්‍ලේ රැඳී සිටියහ.
පළමු දිනයේ ෂිකර් ධවාන් වාර්තා කළ ශතකයත් ඊයේ හාර්දික් පාන්ඩ්යා වාර්තා කළ ප්‍රහාරාත්මක ශතකයත් හේතුවෙන් ඉන්දියාව ලකුණු 487 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත්විය.
කඩුලු එකපිට එක බිඳ වැටෙද්දී හුදෙකලා සටනක නිරත වූ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 48 ක් වාර්තා කළද ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවීය.
මොහොමඩ් ෂමීගේ පන්දු හමුවේ උපුල් තරංග (4) සහ දිමුත් කරුණාරත්න (5) අසාර්ථක වීමෙන් ලකුණු 23 ක් තුළ කඩුලු 2 ක් බි¼ඳ වැටුණි.
ලකුණු 18 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යාමකට හසු වූ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබාම පාන්ඩ්යාට ගොදුරු වීමෙන් ලකුණු 38 ක් තුළ කඩුලු 4 ක් බිඳ වැටුණි.
දික්වැල්ල සහ චන්දිමාල් එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු ටෙස්ට් තරගය එක්දින තරගයක් කිරීමට ඉදිරියට පැන පහරදුන් දික්වැල්ල ලකුණු 29 ක් ලබා සිය කඩුල්ල පූජා කළේය.
කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී හයේ පහරක් එල්ල කිරීමට ගිය දිල්රුවන් (00) කුල්දිප්ගේ දෙවැනි කඩුල්ල බවට පත්වෙද්දී ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 107 ක් ලෙස සටහන් විය.
මුළු ලකුණු සංඛ්‍යාව 125 ක්ව තිබියදී චන්දිමාල් ලකුණු 48 කට පිටියෙන් ඉවත් කිරීමට අෂ්වින් සමත් වීමෙන් 7 වැනි කඩුල්ල බිඳ වැටුණි.
පුෂ්පකුමාර (10) සහ විශ්ව ප්‍රනාන්දු (00) දවා ගැනීමට කුල්දීප් සමත් වූ අතර සඳකැන් ලකුණු 10 කට දවා ගැනීමට අෂ්වින් සමත් වීමෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 135 කට අවසන් විය.
කුල්දීප් යදාව් ලකුණු 40 කට කඩුලු 4 ක්ද, අෂ්වින් සහ ෂමී කඩුලු 2 බැගින්ද බිඳ හෙලූ අතර පාන්ඩ්යා එක් කඩුල්ලක් දවා ගත්තේය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් ෂිකර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් ලකුණු 188 ක සම්බන්ධතාවක් තැබූ අතර පන්දුවාර 40 ක් යැවීමෙන් පසු පන්දු යැවීමට කැඳවූ මලින්ද පුෂ්පකුමාර ලකුණු 85 ක් ලබා සිටි රාහුල් දවා ගත්තේය.
ලකුණු අතර සිටින පුජාරා (8) අසාර්ථක වූ අතර මිනිත්තු 209 ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 123 දී හතරේ පහර 17 ක් සහිතව සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ෂිකර් ධවාන් දවා ගැනීමට පුෂ්පකුමාර සමත්වීමෙන් ලකුණු 229 දී තෙවැනි කඩුල්ල බිඳ වැටුණි.
කෝලි සහ රහානේ අතර සම්බන්ධතාවය බිඳ දමමින් රහානේ ලකුණු 17 කට පිටියෙන් ඉවත් කිරීමට පුෂ්පකුමාර සමත් වීමෙන් පසු ලකුණු 42 ක් ලබා සිටි කෝලි දවා ගැනීමට සඳකැන් සමත්විය.
දෙවැනි නව පන්දුව ලබා ගැනීමෙන් පසු අෂ්වින් ලකුණු 31 කට දවාගත් විශ්ව ප්‍රනාන්දු ලකුණු 16 ක් ලබාසිටි විදිමන් සහා දවා ගැනීමෙන් ඉන්දියාවේ 7 වැනි කඩුල්ල ලකුණු 339 දී බිඳ වැටුණි.
හාර්දික් පාන්ඩ්යා සහ කුල්දීප් යදාව් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක වටිනා සම්බන්ධතාවක් තැබිමෙන් ඉන්දියාව ලකුණු 400 සීමාව පසු කළේය.
ලකුණු 26 ක් ලබා සිටි යදාව් පිටියෙන් ඉවත් කළ සඳකැන් නව පිතිකරු ෂමී ලකුණු 8 කට දවා ගැනීමෙන් ලකුණු 421 ට කඩුලු 9 ක් බිඳ වැටුණි.
ඉන් පසු තරගයේ පාලනය සියතට ගත් පාන්ඩ්යා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිය පළමු ශතකය වාර්තා කළ අතර අවසන් කඩුල්‍ලේ සම්බන්ධතාව ලකුණු 66 ක් විය.
පළමු අර්ධ ශතකය පන්දු 61 කින් වාර්තා කළ පාන්ඩ්යා ඉන් පසු පුෂ්පකුමාරගේ එක් පන්දු වාරයකදී ලකුණු 26 ක්ද සමගින් දෙවැනි අර්ධ ශතකය පන්දු 25 කදී වාර්තා කළේය.
පාන්ඩ්යා අවසානයේ සඳකැන්ට පළමු කඩුලු 5 ක් දවා ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් දැවී ගියේ පන්දු 96 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 6 ක් සහිතව ලකුණු 108 ක් වාර්තා කරමිනි.
පන්දුවෙන් දස්කම් දැක්වූ සඳකැන් ලකුණු 132 ට කඩුලු 5 ක්ද, පුෂ්පකුමාර ලකුණු 82 ට කඩුලු 3 ක්ද, විශ්ව ප්‍රනාන්දු ලකුණු 87 ට කඩුලු 2 ක්ද ලබා ගත්තේය.
අද තරගයේ තෙවැනි දිනයයි.      
 
මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට
IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2325

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1538

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 814

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1826

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5463

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3412

Please publish modules in offcanvas position.

Web Analytics