Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේදී පැවැති ආසියානු සවි එසවීමේ තරගාවලියේදී නව ආසියානු වාර්තාවක්ද සමගින් රන් පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත් වී තිබේ.
කිලෝ ග්‍රෑම් 120 බර පන්තිය යටතේ තරග වැදුණු රන්සිළු ජයතිලක ස්කොට් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 285ක් ඔසවමින්ද, ඩෙඩ්ලිෆ්ට් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 315ක් ඔසවමින්ද රන් පදක්කම් දිනා ගත් අතර, සමස්ත තරගයේ කිලෝ ග්‍රෑම් 735ක් ඔසවමින් එම බර පන්තියේ සමස්ත රන් පදක්කමද දිනා ගැනීමට සමත්වී තිබේ.

රන්සිළු ජයතිලක ඩෙඩ්ලිෆ්ට් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 315 බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 120 බර පන්තියේ ආසියානු වාර්තාව සමකිරීමක් ලෙසද වාර්තා  වන අතර, මීට එම වාර්තාව රන්සිළු විසින්ම මෙම වසරේ ජුනි මාසයේ බෙලරූස්හිදී පැවැති ලෝක සවි එසවීමේ තරගාවලියේදී පිහිටුවනු ලැබිය.

ආසියානු සවි එසවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ ඉන්දික පරණගම කිලෝ ග්‍රෑම් 105 බර පන්තිය යටතේ ස්කොට් ක්‍රමයට රිදී පදක්කමක්ද, ධනුෂ්ක කොඩිකාර කි.ග්‍රෑම් 93 බර පන්තිය යටතේ ස්කොට් ක්‍රමයට ලෝකඩ පදක්කමක්ද දිනාගෙන ඇති අතර, ප්‍රවීණයන්ගේ අංශයෙන් තරග වැදුණු අතුල විජේවික්‍රම සමස්ත තරගයේ රන් පදක්කමද, හිරාන් ප්‍රනාන්දු එහි ලෝකඩ පදක්කමද දිනාගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ධරම්ශාලාහිදී පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
එක්දින තරග 12ක් පිට පිටම පරාජය වී සිටි ශ්‍රී ලංකාව නව නායක තිසර පෙරේරා යටතේ පළමු තරගයේදීම ජය මාවතට පිවිසීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙම තරගයේදී සුරංග ලක්මාල් ඇතුළු පන්දු යවන්නන් දැක්වූ විශිෂ්ට දක්ෂතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් අත්කර ගැනීමට හැකිවිය.
පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් ඉන්දීය ඉනිම ලකුණු 112කට සීමා වූ අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 20.4කදී කඩුලු 3ට ලකුණු 114ක් ලබමින් ජය වාර්තා කළේය.
සුරංග ලක්මාල් සහ ඇන්ජලෝ මැතිව්ස් නව පන්දුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර, ඉන්පසු ප්‍රදීප්ගේ සහයෙන් කඩුලු 7ක් ලකුණු 29ක් තුළ බිඳ දැමීය.
පළමු පන්දුවාර 10 තුළදී ඉන්දියාවට රැස්කරගත හැකිවූයේ ලකුණු 12ක් පමණක් වූ අතර, එය එක්දින තරගයකදී පළමු පවර් ප්‍ලේ පන්දුවාර 10 තුළ ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා ‍පොතට එක්විය.
ෂිකර් ධවාන් ලකුණු ලබා ගැනීමට පෙර මැතිව්ස් හමුවේ දැවී ගිය අතර, රෝහිත් ෂර්මා (2), දිනේෂ් කාර්තික් (0), මනිෂ් පාන්ඩේ (2) පිටියෙන් ඉවත් කිරීමට ලක්මාල් සමත් වීමෙන් කඩුලු 4ක් ලකුණු 16ක් තුළ බිඳ වැටුණි.
හර්දික් පාන්ඩ්යා ලකුණු 10කට දවා ගත් ප්‍රදීප් ශ්‍රියාස් අයියර් ලකුණු 9කට දවා ගත් අතර, ලක්මාල් සිය සිව්වැනි කඩුල්ල ලෙස බුවනේෂ්වර් කුමාර් දවා ගැනීමෙන් කඩුලු 7ක් ලකුණු 29ක් තුළ බිඳ වැටුණි.
ඉන්පසු පිටියේ එක්වූ දෝනි සහ කුල්දීප් යදාව් ලකුණු 41ක සම්බන්ධතාවක් තැබිම නිසා ඉන්දියාවට ලකුණු 100 සීමාව පසු කිරීමට හැකි විය.
ධනංජය ක්‍රියාත්මක වීමෙන් කුල්දීප් ලකුණු 19කට දැවී ගිය අතර, බුම්රා ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට සචිත් පතිරණ සමත් විය.
පන්දු 87කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 65ක් ලබාගත් දෝනි තිසරගේ පන්දුවක් හමුවේ දැවී යාමෙන් ඉන්දීය ඉනිම ලකුණු 112ට අවසන් විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ලක්මාල් ලකුණු 13කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, නුවන් ප්‍රදීප් ලකුණු 37ට කඩුලු 2ක් බිඳ හෙළීය. මැතිව්ස්, තිසර, ධනංජය සහ සචිත් පතිරණ එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
ලකුණු 113ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පි‍ලේ ධනුෂ්ක ගුණතිලක (1) බුම්රා හමුවේ දැවී ගිය අතර, තිරිමාන්න ලකුණු නොලබා බුවනේෂ්වර්ට ගොදුරු වීමෙන් කඩුලු 2ක් ලකුණු 19ක් තුළ බිඳ වැටුණි.
තරංගට එක්වූ මැතිව්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක් රැස් කළ අතර, පන්දු 46කදී හතරේ පහර 10ක් සහිතව ලකුණු 49ක් ලැබූ තරංග දවා ගැනීමට පාන්ඩ්යා සමත් විය.
ඉන්පසු පිටියේ එක්වූ මැතිව්ස් සහ දික්වැල්ල නොබිඳුණු ලකුණු 49ක සම්බන්ධතාවක් තබමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළ අතර, මැතිව්ස් නොදැවී ලකුණු 25ක්ද, දික්වැල්ල නොදැවී ලකුණු 26ක්ද ලබා සිටියේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි එක්දින තරගය 13දා මොහාලිහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති අතර, අසේල ගුණරත්න   සහ කුසල් ජනිත් පෙරේරා සංචිතයට එක්කර තිබේ.
ආබාධයක් හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී අසේල විවේක ගන්වා තිබූ අතර, මිලින්ද සිරිවර්ධනට ස්ථානය අහිමි වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරගය ලබන 10දා ධරම්සාලාහිදී පැවැත්වේ.
 
ශ්‍රී ලංකා එක්දින සංචිතය
තිසර පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, කුසල් ජනිත් පෙරේරා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිල්ලියේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (3දා) ඉන්දියාව මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 7ට ලබාගත් ලකුණු 536ට පිළිතුරු වශයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව දිනය අවසන් වන විට කඩුලු 3ට ලකුණු 131 ක් ලබා සිටියේය.
මේ අනුව ශ්‍රී ලංකාව මුල් ඉනිමේ කඩුලු 7ක් අතැතිව ලකුණු 405ක් පසුපසින් සිටියි.
ඊයේ සිදුවූ විශේෂතම සිදුවීම වූයේ ඉන්දීය නායක විරාත් කෝලි සිය 6 වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමයි.
පන්දු 287කට මුහුණ දුන් කෝලි හතරේ පහර 25ක් සහිතව ලකුණු 243ක් වාර්තා කළ අතර, එය ඔහු පිට පිටම වාර්තා කළ දෙවැනි ද්විත්ව ශතකය ලෙස වාර්තා ‍පොතට එක්විය.
මේ අනුව නායකයකු ලෙස වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස විරාත් කෝලි වාර්තා ‍පොතට එක්විය.
පිට පිටම තරග දෙකකදී ද්විත්ව ශතක වාර්තා කළ 6 වැනි ක්‍රීඩකයා ලෙස විරාත් කෝලි වාර්තා ‍පොතට එක්වූ අතර, මීට පෙර ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ලී හාමන්ඩ්, මයිකල් ක්ලාක්, විනෝද් කම්බ්ලි සහ කුමාර් සංගක්කාර මෙම දස්කම කර තිබුණි.
ඉන්දීය ඉනිමේදී සුපිරි පිතිහරඹයක නිරත වූ මුරලි විජේ පන්දු 267කදී හතරේ පහර 13ක් සහිතව ලකුණු 155ක් වාර්තා කළ අතර, කෝලි සහ විජේ අතර තෙවැනි කඩුල්‍ලේ සම්බන්ධතාවය ලකුණු 283ක් විය.
රෝහිත් ෂර්මාද වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 102කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 65ක් වාර්තා කිරීමට සමත් විය.
මෙම තරගයේදී දිල්ලියට මේ දිනවල බලපා ඇති වායු දූෂණයේ අඳුරු වලාවන් ක්‍රීඩාංගණයට ඇතුළු වීම නිසා තරගය වරින් වර අත්හිටුවීමට සිදුවිය.
එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුඛවාඩම් බැඳගෙන පන්දු රැකීමේ නිරත වූ අතර, ක්‍රීඩකයන් කිහිප දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යනු දක්නට ලැබුණි.
මෙහිදී අතිරේක ක්‍රීඩකයන් සියල්ල ක්‍රීඩා පිටියට පිවිසීමත් සමගම තරගය ඉදිරියට ගෙන යාම ප්‍රශ්නයක් වූ අතර, වහාම ක්‍රියාත්මක වූ විරාත් කෝලි ඉනිම අත්හිටුවනු ලැබිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලක්ෂාන් සඳකැන් ලකුණු 167ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, ලහිරු ගමගේ ලකුණු 95ට කඩුලු 2ක් බිඳ හෙළීය.
සධීර සමරවික්‍රම ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න සහ දිල්රුවන් පෙරේරා ක්‍රීඩා පිටියට පිවිසි අතර, ඉනිමේ පළමු පන්දුවේදීම දිමුත් පිටියෙන් ඉවත් කිරීමට ෂමී සමත් විය.
තිරිමාන්න වෙනුවට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා එක ලකුණකට දැවී යාමෙන් ලකුණු 14ට කඩුලු 2ක් බිඳ වැටුණි.
දිල්රුවන් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු ලකුණු 42ක් වාර්තා කළ දිල්රුවන් දවා ගැනීමට ජඩේජා සමත් විය.
ඉන්පසු පිටියේ එක්වූ මැතිව්ස් සහ නායක චන්දිමාල් 4 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 56ක සම්බන්ධතාවක් වාර්තා කළ අතර, මැතිව්ස් නොදැවී ලකුණු 57ක්ද, චන්දිමාල් නොදැවී ලකුණු 25ක්ද ලබා කඩුල්‍ලේ රැඳී සිටියහ. 
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ෂමී, ෂර්මා සහ ජඩේජා එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
අද තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීම තිසර පෙරේරාට පවරා තිබේ.
ඊයේ (29දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී තිසරගේ නව පත්වීම ප්‍රකාශයට පත් කෙරුණි.
28 හැවිරිදි තිසර පෙරේරා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.
පසුගියදා අවසන් වූ පාකිස්තානය සමග පැවැති 20-20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම තිසරට පැවරුණු අතර එහිදී නිත්‍ය නායක උපුල් තරංග ලාහෝර් තරගයට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කළේය.
2009දී එක්දින වරම් ලැබූ තිසර තරග 125කට ක්‍රීඩා කර ලකුණු 1441ක් සහ කඩුලු 133ක් ලබා තිබේ.
20-20 තරග 63කට සහභාගි වී ඇති තිසර පෙරේරා එහිදී ලකුණු 780ක්ද, කඩුලු 45ක්ද දවාගෙන තිබේ.
නායකත්වය හිමිවීම පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තිසර පෙරේරා පවසන්නේ පසුගිය පරාජයන් අමතක කර ජයග්‍රාහී මාවතට පිවිසීමට උපරිම ශක්තිය යොදා කටයුතු කරන බවයි.
“‍පොඩි කා‍ලේ ඉඳලා ක්‍රිකට් ගහන්න ආශාවක් තිබුණා. ඊට පස්සේ නායකයා වෙන්න ආශාවක් තිබුණා. ඒක ඉෂ්ඨ වුණා. දැන් මම මගේ ශක්තිය 100ක් යොදවලා රට දිනවන්න ක්‍රියා කරනවා” යැයි තිසර පෙරේරා පවසයි.
පරාජයන් පිළිබඳව අදහස් දක්වන තිසර පෙරේරා පැවැසුවේ ඕනෑම කණ්ඩායමකට මෙවන් කාලයක් පැමිණිය හැකි බවත්, මනසින් ශක්තිමත් වී තරග ජය ගැනීමට ක්‍රීඩකයන් සූදානම් විය යුතු බවයි.
මීට පෙර කණ්ඩායමේ ස්ථානය ස්ථිර නොමැති වූ නිසා පීඩනයක් යටතේ ක්‍රීඩා කළ බවත්, දැන් නායකයා බැවින් පීඩනයකින් තොරව ක්‍රීඩා කළ හැකි බවත් තිසර පෙරේරා පවසයි.
මේ අතර අසේල ගුණරත්න සහ කුසල් ජනිත් පෙරේරා සුවය ලබා සිටින බැවින් තරගාවලියට සූදානමින් පසුවන බවද තිසර පැවැසීය.
ඉන්දියාව ලොව විශිෂ්ටතම එක්දින කණ්ඩායම බව පැවැසූ තිසර එක් තරගයක් ජයගෙන ඉදිරියට යාමට බලා‍පොරොත්තු වන බවද පවසයි.
චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස පත් කිරීමේ ප්‍රවෘත්තිය පිළිබඳව අදහස් දැක්වූ තිසර පැවැසුවේ නායකයකු මෙන්ම ක්‍රීඩකයකු ලෙසද හතුරුසිංහගේ පැමිණීමට කැමැත්තක් දක්වන බවයි.
 
මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පූර්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 205ට පිළිතුරු වශයෙන් කඩුලු 6ට ලකුණු 610ක් රැස් කළ ඉන්දියාව ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු 21කට එක් කඩුල්ලක් බිඳ දමමින් ජය මාවතට පිවිසියේය.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිය පස්වැනි ද්විත්ව ශතකය වාර්තා කළ නායක විරාත් කෝලි ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු සුන්කර දැමීය.
කෝලි පන්දු 267කදී හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 213ක් වාර්තා කළ අතර, විශිෂ්ට කඩුලු සම්බන්ධතා දෙකක් පැවැත්වීමටද දායක විය.
මුරලි විජේ සහ චෙටස්වර් පුජාරා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 209ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර, පන්දු 221කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 128ක් වාර්තා කිරීමට මුරලි විජේ සමත් විය.
විජේගේ දැවීයාමෙන් පසු පිටියේ එක්වූ පුජාරා සහ කෝලි තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 183ක් රැස් කළ අතර, පන්දු 362කදී හතරේ පහර 14ක් සහිතව ලකුණු 143ක් ලබාගත් පුජාරා පිටියෙන් ඉවත් කිරීමට දසුන් ශානක සමත් විය.
ඉන්පසු පිටියට පිවිසි අජින්කෙයා රහානේ දිල්රුවන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 2 කට දැවී යාමෙන් පසු නායක කෝලිට රෝහිත් ෂර්මා එක්විය.
කෝලි සහ රෝහිත් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 173ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර දිල්රුවන් පෙරේරා ක්‍රියාත්මක වීමෙන් විරාත් කෝලි ලකුණු 213කට පිටියෙන් ඉවත් විය.
ඉන්පසු සිය ශතකය සම්පූර්ණ කළ රෝහිත් ෂර්මා පන්දු 160කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 102ක් වාර්තා කළ අතර, සිය තෙවැනි කඩුල්ල ලෙස ඇෂ්වින් ලකුණු 5කට දවා ගැනීමට දිල්රුවන් සමත් වීමෙන් පසු ඉන්දියාව ඉනිම අත්හිටුවීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දිල්රුවන් පෙරේරා ලකුණු 202ට කඩුලු 3ක් බිඳ දැමීය.
ලකුණු 405ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ  ලංකා පි‍ලේ ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට ඉෂන්ට් ෂර්මා සමත් වීමෙන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත්වුණි.
දිනය අවසන් වන විට දිමුත් කරුණාරත්න ලකුණු 11ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 9ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියේය.
අද තරගයේ සිව්වැනි දිනයයි.
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2511

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5392

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4775

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2867

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2821

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7429

Please publish modules in offcanvas position.