Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන 33වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙ‍ලේ අවුරුදු 20න් පහළ බාලක රග්බි ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
අවසන් මහ තරගයේදී ඉසිපතන හමුවේ ලකුණු 31-05කින් ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය ලැබිය.
ඉසිපතන ගෝල 3ක් සහ උත්සාහක දිනුම් 2ක් මගින් ලකුණු ලබාගත් අතර, විද්‍යා විදුහල එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබා ගත්තේය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ අනුශූරතාව ගල්කිස්ස විද්‍යා විදුහල දිනාගත් අතර, තෙවැනි ස්ථානය මොරටු මහා විදුහල සතුවිය.
ඉසිපතන විදුහ‍ලේ පී.ඩබ්ලිව්. නදීෂ චමින්ද දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙ‍ලේ මේ වන විට අවසන්ව ඇති කණ්ඩායම් තරග ප්‍රතිඵල පහත දැක්වේ.

දැල්පන්දු
අවු. 16න් පහළ බාලිකා
1. කුරුණෑගල ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමය, 2. කොළඹ විශාඛා විදුහල, 3. කුරුණෑගල මලියදේ බාලිකා විදුහල
අවු. 18න් පහළ බාලිකා
1. කුරුණෑගල ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමය, 2. කොළඹ විශාඛා විදුහල, 3. කළුතර බාලිකාව
අවු. 20න් පහළ බාලිකා
1. දෙහිවල පේ‍රස්බිටීරියන් බාලිකාව, 2. කුරුණෑගල ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමය, 3. කොළඹ විශාඛා විදුහල
දක්ෂතම ක්‍රීඩිකාව :- රෂ්මි දිව්‍යාංජලී (දෙහිවල පේ‍රස්බිටීරියන්)

බැඩ්මින්ටන්
අවු. 17න් පහළ බාලක
1. අම්බලන්ගොඩ ධර්මාශෝක, 2. ගාල්ල රිච්මන්ඩ්, 3. කොළඹ නාලන්දා
අවු. 17න් පහළ බාලිකා
1. කොළඹ මියුසියස් විදුහල, 2. කොළඹ විශාඛා විදුහල, 3. නුගේගොඩ අනුලා විදුහල
අවු. 20න් පහළ බාලක
1. කොළඹ ආනන්ද විදුහල, 2, කොළඹ නාලන්දා විදුහල, 3. කොළඹ රාජකීය විදුහල
අවු. 20න් පහළ බාලිකා
1. කොළඹ විශාකා විදුහල, 2. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල 3. කොළඹ මියුසියස් විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- රන්තුෂ්ක සසිඳු (නාලන්දා විදුහල)
දක්ෂතම ක්‍රීඩිකාව :- හෂිනි අම්බලන්ගොඩ (විශාකා විදුහල)

සැහැල්ලු පන්දු ක්‍රිකට්
බාලක
1. පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය, 2. පුත්තලම කල්පිටිය නිර්මල මාතා සිංහල මහා විද්‍යාලය, 3. බලංගොඩ ආනන්ද මෛත්‍රීය මධ්‍ය මහා විද්‍යාලය
බාලිකා
1. රත්ගම දේවපතිරාජ විද්‍යාලය, 2. එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය, 3. වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය

වෙරළ වොලිබෝල්
අවු. 20න් පහළ බාලක
1. සීදූව දවිසමර විදුහල, 2. වවුනියාව සිරි සුමන ම.වි., 3. යාපනය කොන්ඩලාරු දමිල ම.වි.
අවු. 2න් පළ බාලිකා
1. ආනමඩුව මහා විදුහල, 2. හලාවත වෑකඩ මහ විදුහල, 3. දෙනියාය මහා විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- මිහිරංග උදයකුමාර (සීදූව දවිසමර)
දක්ෂතම ක්‍රීඩිකාව :- තරුෂි අයෝද්‍යා (ආනමඩුව ම.වි.)

ඇරොබික් ජිම්නාස්ටික්
බාලක
1. හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල, 2. ‍පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය මහා විදුහල, 3. නුගේගොඩ ශා. ජෝන් විදුහල
බාලිකා
1. කඩවත මහාමායා බාලිකා විදුහල, 2. හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල, 3. කොළඹ විශාඛා විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- එම්. හරිත් ප්‍රමුදිත (රිච්මන්ඩ්)
දක්ෂතම ක්‍රීඩිකාව :- එස්. චූලනී කෞෂල්‍යා (හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල)

මල්ලව‍පොර
1. වලල ඒ. රත්නායක විදුහල, 2. මොරටුව වේල්ස් කුමර විදුහල, 3. දෙමටගොඩ වේළුවන විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- එම්.ජී.පී. බිම්සර (වලල ඒ. රත්නායක)

තේ‍රා්බෝල්
අවු. 17න් පහළ බාලක
1. වැල්ලවාය ජේ.එම්. කුමාරදාස මහා විදුහල, 2. කුරුවිට එරත්න මහා විදුහල, 3. කෑගලු විද්‍යාලය
අවු. 17න් පහළ බාලිකා
1. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල, 2. මාතර තෙලිජ්ජවිල මහා විදුහල, 3. වැල්ලවාය ජේ.එම්. කුමාරදාස මහා විදුහල
අවු. 20න් පහළ බාලක
1. කුරුවිට මධ්‍ය විද්‍යාලය, 2. හොරණ ශ්‍රීපාලි විදුහල, 3. යාපනය යූනියන් විදුහල
අවු. 20න් පහළ බාලිකා
1. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල, 2. යාපනය යූනියන් විදුහල, 3. කෑගල්ල ශා. ජෝසප් බාලිකා විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- ඩබ්ලිව්.ඩී.එස්.එම්. අබේරත්න (කුරුවිට මධ්‍ය විදුහල)
දක්ෂතම ක්‍රීඩිකාව :- අෂිනි මධුෂානි (කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල)


ප්‍රභාත් විදානපතිරණ

ශ්‍රී ලංකා යුද හමුදා  54 වන අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (03) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

දින 03ක් පුරා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජවන හා පිටිය ඉසව්වල දී තරග බිමට පිවිසෙනු ඇත.

ඊයේ දිනය නිමාකරමින් කාන්තා හා පිරිමි මීටර 200 අවසන් තරග පැවැත් වුණු අතර එහි පිරිමි මීටර 200 ඉසව්වේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික තලය තුළ ඉහළ දක්‍ෂතා දක්වන හිමාෂ ඒශාන් සහභාගී වීම කැපී පෙනුණි.

තරගාරම්භයේ දී  හිමාෂ ඉදිරියෙන් සිටීමට සමත් වුවත් පසුව ඔහු අභිබවා යන්නට දිලීප් රුවන් සහ කාලිංග කුමාරගේ සමත් වූහ.

දිලීප් රුවන්  ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමාත් වූ අතර රිදී පදක්කම කුමාරගේ විසින් දිනාගනු ලැබීය. හිමාෂ හට හිමිවූයේ තුන්වන ස්ථානය යි.

සත්ප්‍රයාම ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන වී. සුගන්ධි කාන්තා මීටර 200 අවසන් තරගයට සහභාගි විය.

තරගාරම්භයේ දී වී. සුගන්ධි ඉදිරියෙන් සිටි නමුත්  තරගයේ අවසන් මීටර කිහිපය තුළ දී ඇයව අභිබවා යමින් එස්. ෆර්ඩිනැන්ඩිස් විසින් එම ඉසව්වේ රන් පදක්කමත්, එස්. ජයසිංහ විසින් රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් වූහ.

ඒ අනුව සුගන්ධිට  තුන්වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහිදී ඊයේ (28දා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 227ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර, තරගය සඳහා පිතිකරුවන් 6ක් දඟ පන්දු යවන්නන් 3ක් සහ වේග පන්දු යවන්නන් දෙදෙනකු නම්කර තිබුණි.
ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ගොඩනංවමින් පරීක්ෂාකාරී පිතිහරඹයක නිරත වීය.
සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් පන්දු 205 කදී හතරේ පහර 5ක් සහිතව ලකුණු 93ක් ලබා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවීමෙන් ශතකය අහිමිකර ගත්තේය.

කඩුලු 3ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් දිනය අවසන් වන විට පන්දු 184කදී හතරේ පහර 6ක් සහිතව නොදැවී ලකුණු 60ක් ලබමින් ශ්‍රී ලංකාවේ බලාපාරොත්තු ඉහළ නැංවීය.
දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත් වීමෙන් පසු පැමිණි නිරෝෂන් දික්වැල්ල ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 63කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 42ක් ලබා කඩුල්‍ලේ රැඳී සිටියි.
ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ලකුණු 12කට දවා ගැනීමට හසන් අලී සමත් වූ අතර, අංක 3 පිතිකරු ලහිරු තිරිමාන්න ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත් යසීර් ෂා සිය 150 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේය.
කුසල් මෙන්ඩිස් ලකුණු 10කට පිටියෙන් ඉවත් කළ යසීර් ෂා දිනය අවසන් වන විට ලකුණු 59කට කඩුලු 2ක් ලබා සිටි අතර, හසන් අලී ලකුණු 58කට කඩුලු 1ක් ලබා ගත්තේය.

අද තරගයේ දෙවැනි දිනයයි.

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර බ්‍රිස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 124ක ජයක් වාර්තා කළ එංගලන්තය 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.
එංගලන්තය වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කළ මොයින් අලී තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 369ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වන්ට පන්දුවාර 39.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 245ක් පමණි.
එංගලන්තය වෙනුවෙන් මොයින් අලී පන්දු 57කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් සහිතව වේගවත් ලකුණු 102ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 84ක්ද බෙන් ස්ටෝක්ස් ලකුණු 73ක්ද වාර්තා කළහ.

මිගුවෙල් කමින්ස් ලකුණු 82ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ජේසන් හෝල්ඩර් ලකුණු 81ට කඩුලු 2ක් බිඳ හෙළීය.
කොදෙව් වෙනුවෙන් ක්‍රිස් ගේල් පන්දු 78කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සහිතව ලකුණු 94ක් රැස් කළද සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.

එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලියම් ප්ලන්කට් ලකුණු 52ට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, අදිල් රෂීඩ් ලකුණු 34ට කඩුලු 3ක් බිඳ හෙළීය.

ලකුණු තත්ත්වය :-
එංගලන්තය පන්දුවාර 50දී - 369/9යි
මොයින් අලී 102, ජෝ රූට් 84, බෙන් ස්ටෝක්ස් 73, ඇලෙක්ස් හේල්ස් 36, ක්‍රිස් වෝක්ස් 34, මිගුවෙල් කමින්ස් 82/3, ජේසන් හෝල්ඩර් 81/2
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 39.1කදී - 245යි
ක්‍රිස් ගේල් 94, ජේසන් මොහොමඩ් 38, ජේසන් හෝල්ඩර් 34, ලියම් ප්ලන්කට් 52/5, අදිල් රෂීඩ් 34/3

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර හොල්කා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ ඉන්දියාව තවත් තරග 2ක් ඉදිරිව තිබියදීම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 78ක් සහ එක් කඩුල්ලක් බිඳ දැමූ හර්දික් පාන්ඩ්යා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව අරොන් ෆින්ච්ගේ ශතකය හේතුවෙන් පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 293ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 47.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 294ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය වන අජින්ක්යා රහානේ (70) සහ රෝහිත්
ෂර්මා (71) පළමු කඩුල්ලට ලකුණු 139ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර, හර්දික් පාන්ඩ්යා පන්දු 72කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 78ක් වාර්තා කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අරොන් ෆින්ච් පන්දු 125කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 124ක් රැස් කළ අතර, නායක ස්ටීවන් ස්මිත් ලකුණු 63ක් රැස් කළේය.
ජස්ප්‍රිට් බුම්රා සහ කුල්දීප් යදාව් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු තත්ත්වය :-
ඕස්ට්‍රේලියාව පන්දුවාර 50දී - 293/6යි
වෝනර් 42, ෆින්ච් 124, ස්මිත් 63, ස්ටොනිස් (නොදැවී) 27, බුම්රා 52/2, කුල්දීප් යදාව් 75/2, චහාල් 54/1, පාන්ඩ්යා 58/1
ඉන්දියාව පන්දුවාර 47.5 කදී - 294/5යි
රහානේ 70, ෂර්මා 71, කෝලි 28, පාන්ඩ්යා 78, මනිෂ් පාන්ඩේ (නොදැවී) 36, කමින්ස් 54/2, කෝල්ටර්නයිල් 58/1, රිචඩ්සන් 45/1, අගාර් 71/1

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල ඊයේ (24දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය.
නායක දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු නිලධාරීන් සමග සමූහ නිල ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයෙන් පිටත්ව ගියහ.
පාකිස්තානු තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය විශාල අභියෝගයක් බවත්, කණ්ඩායමක් විදිහට එම අභියෝගය භාර ගැනීමට සියලුම ක්‍රීඩකයන් සූදානම් බවයි. 
පසුගිය අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කර යම් අත්දැකීමක් ලබාගත් බව පැවැසූ චන්දිමාල් විදුලි ආලෝක මධ්‍යයේ පුහුණුවීම් සිදුකළ බවද සඳහන් කළේය.
මෙහිදී මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දුන් චන්දිමාල් පවසා සිටියේ ඉන්දීය තරගාවලිය ඉතා අපහසු තරගාවලියක් වුවද, කණ්ඩායමක් ලෙස විශාල අත්දැකීමක් ඉන් ලබාගත් බවයි. 
ඉන්දීය තරගාවලියේදී සිදුවූ අඩුපාඩු සහ වැරදි නිවැරදි කරගෙන පාකිස්තානු තරගාවලියට මුහුණ දීමට සියලුම ක්‍රීඩකයන් සූදානමෙන් පසුවන බවද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා පිලට පරාජිත මාවතෙන් මිදී ජයග්‍රාහී මාවතට පිවිසීමට එක් තරග ජයග්‍රහණයක් අවශ්‍ය බවත්, එම ජයග්‍රහණය වෙනුවෙන් සියලුම ක්‍රීඩකයන් කැපවීමෙන් ක්‍රීඩා කරන බවත් නායක චන්දිමාල් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 28දා අබුඩාබි හිදී ආරම්භ කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඔක්තෝබර් 6දා ඩුබායිහිදී ආරම්භවේ.
 
ප්‍රභාත් විදානපතිරණ 
ඡායාරූප :-මලිත් ගමගේ
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4891

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4477

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7632

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4838

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3103

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3910

Please publish modules in offcanvas position.

Web Analytics