Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඕවල් පිටියේදී පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගයේදී නියමිත කාලයට පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත් වීමෙන් එම තරගයේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් උපුල් තරංගට තරග 2ක තහනමක් පනවා තිබේ.
මේ අනුව තරංගට ඉදිරි චැම්පියන්ස් කුසලාන තරගාවලියේ මූලික වටයේ ඉන්දියාව සහ පාකිස්තානයට එරෙහි තරග අහිමි වෙයි.
මෙම දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී පන්දුවාර යැවීමේ වේගය මද බව තරංගට විනිසුරුවන් දන්වා තිබූ නමුත් අවසානයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යැවීමට ශ්‍රී ලංකා පිල අසමත් විය.
මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති අනුව මෙම තහනම පනවා ඇති අතර, එම තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ තරග මුදලින් 60 දඩයක්ද පනවා තිබේ.
මෙම තරගයේ තරග තීරක ඩේවිඩ් බූන් සහ තරග විනිසුරුවන් ලෙස කටයුතු කළ ඉයන් ගුල්ඩ් සහ අලීම් ඩාර් මෙන්ම තෙවැනි විනිසුරු ‍පෝල් රයිෆල් සිව්වැනි විනිසුරු බෘෘස් ඔක්සන්ෆර්ඩ් විසින් මෙම තීරණය ගෙන තිබේ.

එංගලන්තය සහ බංගලාදේශය අතර පැවැති පලමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශය පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 305ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 47.2දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 308ක් ලබා ගනිමින් තරඟාවලියේ පළමු ජය වාර්තා කලේය.

ICC Champions Trophy, Group A: England v Bangladesh at The Oval, Jun 1, 2017

 

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හට ශූරයන්ගේ කුසලානයේ පළමු තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව ලබන සෙනසුරාදා (03) පැවැත්වෙන දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරගය ඔහුට අහිමි වන අතර උපනායක උපුල් තරංග එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම්  නායකයා ලෙස කටයුතු කරණු ඇත.{jcomments on}

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ඉදිරි සිව් වසරක පාලන කාලයක් සඳහා පැවැති නිලවරණයේදී හිටපු සභාපති සුගත් තිලකරත්න වැඩි ඡන්ද 47කින් පරදවමින් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සභාපති තනතුර සඳහා තේරී පත්විය.
කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ (30දා) පෙරවරුවේ පැවැති මෙම නිලවරණයේදී ‍ලේකම් තනතුර සඳහා ප්‍රේමා පින්නවල සහ භාණ්ඩාගාරික තනතුර සඳහා ශාන්ත ද සිල්වා යන මහත්වරුන් නිතරගයෙන් පත්වූහ.
සභාපති, උප සභාපති සහ උප භාණ්ඩාගාරික තනතුරු සඳහා එහිදී ඡන්ද විමසීම් සිදු කෙරුණි.
සභාපති තනතුර සඳහා ඉදිරිපත්ව සිටි තිදෙනා අතුරින් ජී.එල්.එස්. පෙරේරා මහතා නාම යෝජනාව ඉල්ලා අස්කර ගත් අතර, ඉන් අනතුරුව සභාපති තනතුර සඳහා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතා අතර පැවැති ඡන්ද විමසීමේදී පාලිත ප්‍රනාන්දු මහතාට ඡන්ද 79ක් ලැබුණු අතර, සුගත් තිලකරත්න මහතාට ලැබුණේ ඡන්ද 32ක් පමණි.
උප සභාපතිවරු 7ක් සඳහා 13 දෙනෙක් අතර පැවැති ඡන්ද විමසීමේදී ලාල් චන්ද්‍රකුමාර (68), ජී.එල්.එස්. පෙරේරා (67), එච්.ඩබ්ලිව්. නිමල්සිරි (66), අනිල් වීරසිංහ (61), ඒ.එම්.එන්. අක්මාල් (53), නයන්තිකා කුමාරි චන්ද්‍රසේන (44) සහ අයිරංගනී රූපසිංහ (39) යන මහත්ම මහත්මීන් වැඩි ඡන්දයෙන් උප සභාපති තනතුරු සඳහා පත්වූහ.
උප භාණ්ඩාගාරික සඳහා පැවැති ඡන්ද විමසීීමේදී එච්.ඒ. උපාලි මහතා ඡන්ද 65ක් ලබා ගත් අතර, ඒ සඳහා තරග වැදුණු සම්පත් ජයසේන මහතාට හිමිවූයේ ඡන්ද 44කි.
මෙවර මලල ක්‍රීඩා සම්මේලනයේ සටහන්කරු තනතුරට සමන් කුමාර ගුණවර්ධන මහතා 23 වැනි වරටත් නිතරගයෙන් පත්වූ අතර, උප ‍ලේකම් තනතුර සඳහා නාම යෝජනා නොතිබුණු බැවින් එම තනතුරට නිලධාරියෙක් පත්කර ගැනීම ලබන මහාසභා වාරයේදී සිදුකරන බව නව මලල ක්‍රීඩා ‍ලේකම්වරයා සඳහන් කර සිටියේය.
ඉදිරි සිවු වසර සඳහා සභාපති තනතුරට පත්වූ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ මලල ක්‍රීඩාව වත්මන් තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ප්‍රබල මෙහෙයුමක් කිරීමට සිදුවී ඇති බවයි.
“පසුගිය කාලය තුළදී ලොකුම ප්‍රශ්නය තිබුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සඳහා සුදුසු ක්‍රීඩාංගණ නොලැබිමයි. ඒ වගේම මලල ක්‍රීඩා පුහුණු සංචිත, කනිෂ්ඨ සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ වශයෙන් නියමාකාරව නඩත්තුවක් තිබුණේ නැහැ. පුහුණුකරුවන් පිළිබඳව මලල ක්‍රීඩා පාලනයෙන් නිසි ඇගයීමක් වුණේ නැහැ.
ජාත්‍යන්තර ආරාධිත තරග සඳහා හරිහැටි තෝරා බේරා නොගෙන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරගවලට යැව්වා. එහෙම යැව්වා කියලා ඔවුන්ගේ දස්කම් දියුණු කරගන්න බැරිවුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය වුණා විතරයි. මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත් කරලා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරනවා” යැයි නව සභාපති පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය. 
“මේ වසරේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට තිබෙන ලොකුම අභියෝගය ජූලි මාසයේ පැවැත්වෙන ආසියාතික මලල ක්‍රීඩා උළෙලයි. ඒ සඳහා තවම සූදානමක් නැහැ. තේරීම් තරග මේ සතියේදී පැවැත්වෙනවා. ඒ වුණත් දක්ෂයන් තෝරා පුහුණු කරන්න කාලය මදි. කෙසේ වෙතත් අපි හොඳ කණ්ඩායමක් තෝරාගෙන තරගාවලියට යවනවා” යැයි පාලිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.
 
සුනිල් අභයවර්ධන

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ ඊයේ (30දා) බර්මින්හැම්හිදී පැවැති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පුහුණු තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50දී කඩුලු 8ට ලකුණු 356ක් ලබාගත් අතර, නවසීලන්තය පන්දුවාර 46.1කදී කඩුලු 4 කට ලකුණු 359ක් ලබමින් ජය වාර්තා කළේය.
මෙම තරගයේදී දෙපි‍ලේම පිතිකරුවන් සාර්ථක පුහුණුවක නිරත වූ අතර, පන්දු යවන්නන්ට දස්කම් දැක්වීමට නොහැකි වීම කැපී පෙනුණි.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 65ක සම්බන්ධතාවක් තැබූ අතර, පළමු කඩුල්ල ලෙස දික්වැල්ල ලකුණු 25කට පිටියෙන් ඉවත් විය.
සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග ශතකයක් වාර්තා කරමින් පන්දු 104කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 110ක් වාර්තා කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 57ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 55ක්ද ලබා ගනිමින් ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ මාටින් ගප්ටිල් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සහිතව ලකුණු 116ක් ලබා සෙසු පිතිකරුවන්ට ඉඩ ලබා දෙමින් පිටියෙන් ඉවත් විය. 
නායක කේන් විලියම්සන්ද හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සහිතව ලකුණු 88ක් ලබා අනෙක් පිතිකරුවන්ට අවස්ථාව ලබා දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.
ඉන්පසු පිටියේ එක්වූ නීල් බෘෘම් සහ කෝරි ඇන්ඩර්සන් 5 වැනි කඩුල්ලට ලකුණු 84ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනංවමින් නවසීලන්ත ජය තහවුරු කළහ.
නීල් බෘෘම් පන්දු 38කදී හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 37ක්ද, කෝරි ඇන්ඩර්සන් පන්දු 36කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 50ක්ද වාර්තා කළහ.

අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස්ට මෙවර ශූරතාව දිනා දීමට පුහුණුකාරිත්වය සැපයූ හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජජයවර්ධන එළැඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කුල්නා ටයිටන්ස් පි‍ලේ පුහුණුකරු ලෙස තෝරාගෙන තිබේ. 
පසුගිය වසරේ මෙම තරගාවලියේදී ක්‍රීඩකයකු ලෙස කුමාර් සංගක්කාර සමග ඩකා ඩයිනමයිට් පිල නියෝජනය කළ මහේල මෙවර පුහුණුකරුවකු ලෙස පැමිණීම කැපී පෙනෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන මහේල ජයවර්ධන පවසන්නේ ක්‍රීඩකයකු ලෙස එම තරගාවලියට සතුටින් සහභාගි වූ බවත් මෙවර පුහුණුකරුවකු ලෙස වෙනත් කටයුත්තක් කිරීමට සිදුවී ඇති බවයි.
කුල්නා ටයිටන්ස් පි‍ලේ කළමනාකාර අධ්‍යක්ෂ ඉනාම් අහමඩ් පවසන්නේ මුම්බායි ඉන්දියන්ස්ට ශූරතාව ගෙනදුන් මහේල ටයිටන්ස් පිලට බඳවා ගැනීමට හැකිවීම විශිෂ්ට ජයක් බවයි. තම ක්‍රීඩකයන්ට මහේලගෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1761

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1037

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3107

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4180

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7181

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6326

Please publish modules in offcanvas position.