Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ඉදිරි සිව් වසරක පාලන කාලයක් සඳහා පැවැති නිලවරණයේදී හිටපු සභාපති සුගත් තිලකරත්න වැඩි ඡන්ද 47කින් පරදවමින් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සභාපති තනතුර සඳහා තේරී පත්විය.
කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ (30දා) පෙරවරුවේ පැවැති මෙම නිලවරණයේදී ‍ලේකම් තනතුර සඳහා ප්‍රේමා පින්නවල සහ භාණ්ඩාගාරික තනතුර සඳහා ශාන්ත ද සිල්වා යන මහත්වරුන් නිතරගයෙන් පත්වූහ.
සභාපති, උප සභාපති සහ උප භාණ්ඩාගාරික තනතුරු සඳහා එහිදී ඡන්ද විමසීම් සිදු කෙරුණි.
සභාපති තනතුර සඳහා ඉදිරිපත්ව සිටි තිදෙනා අතුරින් ජී.එල්.එස්. පෙරේරා මහතා නාම යෝජනාව ඉල්ලා අස්කර ගත් අතර, ඉන් අනතුරුව සභාපති තනතුර සඳහා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතා අතර පැවැති ඡන්ද විමසීමේදී පාලිත ප්‍රනාන්දු මහතාට ඡන්ද 79ක් ලැබුණු අතර, සුගත් තිලකරත්න මහතාට ලැබුණේ ඡන්ද 32ක් පමණි.
උප සභාපතිවරු 7ක් සඳහා 13 දෙනෙක් අතර පැවැති ඡන්ද විමසීමේදී ලාල් චන්ද්‍රකුමාර (68), ජී.එල්.එස්. පෙරේරා (67), එච්.ඩබ්ලිව්. නිමල්සිරි (66), අනිල් වීරසිංහ (61), ඒ.එම්.එන්. අක්මාල් (53), නයන්තිකා කුමාරි චන්ද්‍රසේන (44) සහ අයිරංගනී රූපසිංහ (39) යන මහත්ම මහත්මීන් වැඩි ඡන්දයෙන් උප සභාපති තනතුරු සඳහා පත්වූහ.
උප භාණ්ඩාගාරික සඳහා පැවැති ඡන්ද විමසීීමේදී එච්.ඒ. උපාලි මහතා ඡන්ද 65ක් ලබා ගත් අතර, ඒ සඳහා තරග වැදුණු සම්පත් ජයසේන මහතාට හිමිවූයේ ඡන්ද 44කි.
මෙවර මලල ක්‍රීඩා සම්මේලනයේ සටහන්කරු තනතුරට සමන් කුමාර ගුණවර්ධන මහතා 23 වැනි වරටත් නිතරගයෙන් පත්වූ අතර, උප ‍ලේකම් තනතුර සඳහා නාම යෝජනා නොතිබුණු බැවින් එම තනතුරට නිලධාරියෙක් පත්කර ගැනීම ලබන මහාසභා වාරයේදී සිදුකරන බව නව මලල ක්‍රීඩා ‍ලේකම්වරයා සඳහන් කර සිටියේය.
ඉදිරි සිවු වසර සඳහා සභාපති තනතුරට පත්වූ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ මලල ක්‍රීඩාව වත්මන් තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ප්‍රබල මෙහෙයුමක් කිරීමට සිදුවී ඇති බවයි.
“පසුගිය කාලය තුළදී ලොකුම ප්‍රශ්නය තිබුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සඳහා සුදුසු ක්‍රීඩාංගණ නොලැබිමයි. ඒ වගේම මලල ක්‍රීඩා පුහුණු සංචිත, කනිෂ්ඨ සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ වශයෙන් නියමාකාරව නඩත්තුවක් තිබුණේ නැහැ. පුහුණුකරුවන් පිළිබඳව මලල ක්‍රීඩා පාලනයෙන් නිසි ඇගයීමක් වුණේ නැහැ.
ජාත්‍යන්තර ආරාධිත තරග සඳහා හරිහැටි තෝරා බේරා නොගෙන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරගවලට යැව්වා. එහෙම යැව්වා කියලා ඔවුන්ගේ දස්කම් දියුණු කරගන්න බැරිවුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය වුණා විතරයි. මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත් කරලා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරනවා” යැයි නව සභාපති පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය. 
“මේ වසරේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට තිබෙන ලොකුම අභියෝගය ජූලි මාසයේ පැවැත්වෙන ආසියාතික මලල ක්‍රීඩා උළෙලයි. ඒ සඳහා තවම සූදානමක් නැහැ. තේරීම් තරග මේ සතියේදී පැවැත්වෙනවා. ඒ වුණත් දක්ෂයන් තෝරා පුහුණු කරන්න කාලය මදි. කෙසේ වෙතත් අපි හොඳ කණ්ඩායමක් තෝරාගෙන තරගාවලියට යවනවා” යැයි පාලිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.
 
සුනිල් අභයවර්ධන

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ ඊයේ (30දා) බර්මින්හැම්හිදී පැවැති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පුහුණු තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50දී කඩුලු 8ට ලකුණු 356ක් ලබාගත් අතර, නවසීලන්තය පන්දුවාර 46.1කදී කඩුලු 4 කට ලකුණු 359ක් ලබමින් ජය වාර්තා කළේය.
මෙම තරගයේදී දෙපි‍ලේම පිතිකරුවන් සාර්ථක පුහුණුවක නිරත වූ අතර, පන්දු යවන්නන්ට දස්කම් දැක්වීමට නොහැකි වීම කැපී පෙනුණි.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 65ක සම්බන්ධතාවක් තැබූ අතර, පළමු කඩුල්ල ලෙස දික්වැල්ල ලකුණු 25කට පිටියෙන් ඉවත් විය.
සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග ශතකයක් වාර්තා කරමින් පන්දු 104කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 110ක් වාර්තා කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 57ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 55ක්ද ලබා ගනිමින් ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ මාටින් ගප්ටිල් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සහිතව ලකුණු 116ක් ලබා සෙසු පිතිකරුවන්ට ඉඩ ලබා දෙමින් පිටියෙන් ඉවත් විය. 
නායක කේන් විලියම්සන්ද හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සහිතව ලකුණු 88ක් ලබා අනෙක් පිතිකරුවන්ට අවස්ථාව ලබා දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.
ඉන්පසු පිටියේ එක්වූ නීල් බෘෘම් සහ කෝරි ඇන්ඩර්සන් 5 වැනි කඩුල්ලට ලකුණු 84ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනංවමින් නවසීලන්ත ජය තහවුරු කළහ.
නීල් බෘෘම් පන්දු 38කදී හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 37ක්ද, කෝරි ඇන්ඩර්සන් පන්දු 36කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 50ක්ද වාර්තා කළහ.

අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස්ට මෙවර ශූරතාව දිනා දීමට පුහුණුකාරිත්වය සැපයූ හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජජයවර්ධන එළැඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කුල්නා ටයිටන්ස් පි‍ලේ පුහුණුකරු ලෙස තෝරාගෙන තිබේ. 
පසුගිය වසරේ මෙම තරගාවලියේදී ක්‍රීඩකයකු ලෙස කුමාර් සංගක්කාර සමග ඩකා ඩයිනමයිට් පිල නියෝජනය කළ මහේල මෙවර පුහුණුකරුවකු ලෙස පැමිණීම කැපී පෙනෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන මහේල ජයවර්ධන පවසන්නේ ක්‍රීඩකයකු ලෙස එම තරගාවලියට සතුටින් සහභාගි වූ බවත් මෙවර පුහුණුකරුවකු ලෙස වෙනත් කටයුත්තක් කිරීමට සිදුවී ඇති බවයි.
කුල්නා ටයිටන්ස් පි‍ලේ කළමනාකාර අධ්‍යක්ෂ ඉනාම් අහමඩ් පවසන්නේ මුම්බායි ඉන්දියන්ස්ට ශූරතාව ගෙනදුන් මහේල ටයිටන්ස් පිලට බඳවා ගැනීමට හැකිවීම විශිෂ්ට ජයක් බවයි. තම ක්‍රීඩකයන්ට මහේලගෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

එංගලන්තයේ සරේ ප්‍රාන්තය නියෝජනය කරන කුමාර් සංගක්කාර එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව පැවැති තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කර තිබේ. 
මෙම ඉනිමේදී අනෙක් අන්තයේ පිතිකරුවන් දැවී යද්දී කඩුල්‍ලේ රැඳී සිටිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සංගා සරේ ප්‍රාන්තය වෙනුවෙන් පළමු ද්විත්ව ශතකය වාර්තා කරමින් ලකුණු 200ක් ලබා අවසන් පිතිකරු ලෙස පිටියෙන් ඉවත් විය.
මෙම දස්කමත් සමගම පළමු පෙළ තරගවලදී පිට පිට ශතක 5ට වඩා ලැබූ ලැයිස්තුවට එක්වීමටද සංගා සමත් විය.
සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, සී.බි. ෆ්‍රයි සහ මයික් ‍ප්‍රොක්ටර් පිට පිට ශතක 6 බැගින් ලබා ඇති අතර, බ්‍රයන් ලාරා, එවටන් වික්ස්, මයිකල් හසී, පාර්තිව් පටෙල් සමග එම සමාජයට එක්වීමට 5 වැනි ශතකය ලැබූ සංගා සමත් වී තිබේ.
මේ වන විට මෙම වසරේ ප්‍රාන්ත තරග 5 කට ක්‍රීඩා කර ඇති සංගා ලකුණු 750 සීමාවද පසු කර තිබිම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26) පැවැත්වෙන පළමු පුහුණු තරගය ජය ගැනිමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වේ.ජයග්‍රහණය සදහා ලකුණු 319 ක ඉලක්කයක් හඹාගිය  ඕස්ට්‍රේලියාව ඕවර 49.4ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ජයග්‍රහණය ලබා ගැනිමට සමත්විය.

Cricket

ශ්‍රී ලංකා පිල සහ ස්කොට්ලන්තය අතර කෙන්ට්හිදී පැවැති දෙවැනි පුහුණු තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය පන්දුවාර 42.1කදී ලකුණු 166කට දැවී ගිය අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 22.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 170ක් වාර්තා කරමින් තරගය ජය ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 51කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 74ක් වාර්තා කළ අතර, උපුල් තරංග පන්දු 63කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 53ක් වාර්තා කළේය. උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 114ක සම්බන්ධතාවක් වාර්තා විය. මුලින්ම පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය වෙනුවෙන් කේ‍ර්ග් වොලස් ලකුණු 46ක් වාර්තා කළ අතර, මැතිව් කේ‍රාස් ලකුණු 27ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් ලක්ෂාන් සඳකැන් ලකුණු 39ට කඩුලු 4ක් බිඳ දැමූ අතර, සීකුගේ ප්‍රසන්න සහ නුවන් කුලසේකර කඩුලු 2 බැගින් බිඳ හෙළීය. ලකුණු තත්ත්වය : ස්කොට්ලන්තය පන්දුවාර 42.1කදී සියලු දෙනා දැවී - 166යි මැතිව් කේ‍රාස් 27, රිචී බෙරිංටන් 15, කේ‍ර්ග් වොලස් 46, ඇලස්ඩර් එවන්ස් 22, ලක්ෂාන් සඳකැන් 39/4, නුවන් කුලසේකර 23/2, සීකුගේ ප්‍රසන්න 28/2, තිසර පෙරේරා 36/1, නුවන් ප්‍රදීප් 30/0 ශ්‍රී ලංකාව පන්දුවාර 22.5කදී - 170/1යි නිරෝෂන් දික්වැල්ල 29, උපුල් තරංග (නොදැවී) 53, කුසල් මෙන්ඩිස් (නොදැවී) 74, ඇලස්ඩර් එවන්ස් 29/1

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4588

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6218

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click