Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආසියානු ශූරතා රග්බි තරගාවලිය යටතේ සිය දෙවැනි අභියෝගයට මුහුණ දුන් රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ඊයේ (17දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 33-17කින් පරාජය කිරීමට සමත් විය.
විදෙස් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වූ එක්සත් අරාබි එමීර් පිල පළමු භාගයේදී ශ්‍රී ලංකාවට තියුණු සටනක් ලබා දුන්නද දෙවැනි භාගයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වූ  ශ්‍රී ලංකාව අවසානයේ පහසු ජයක් හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකාව ගෝල 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 3ක් මගින් ලකුණු ලබාගත් අතර, එක්සත් අරාබි එමීර් ගෝල 2ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
තරගයේ පළමු භාගය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 18-17ක් ලෙස පෙරමුණේ පසුවිය.

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (18දා) පෙරවරුවේ එංගලන්තය බලා පිටත්ව ගියේය.
කණ්ඩායම පිටත්ව යාමට පෙර ඊයේ (17දා) පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලුම දේ ලබාදී ඇති බවත් දැන් ක්‍රීඩකයන් රට වෙනුවෙන් සිය දස්කම් දැක්විය යුතු බවයි.
“අපි පසුගිය මාස කිහිපයේ සියලුම පහසුකම් ලබා දුන්නා. හොඳම පුහුණුකරුවන් ලබා දුන්නා. දැන් ඒ අය මාතෘභූමිය වෙනුවෙන්, රට වෙනුවෙන් උපරිම දස්කම් දක්වා කුසලාන ලංකාවට ගෙන එයි කියා විශ්වාස කරනවා” යැයි සුමතිපාල මහතා පැවැසීය.
සියලුම ක්‍රීඩකයන්ට පවුම් ලක්ෂ 9ක රක්ෂනාවරණයක් ලබාදී ඇති බවත්, මෙවන් විශාල ආවරණයක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ පළමු වරට බවත් සුමතිපාල මහතා පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ පසුගිය සති කිහිපයේදී සාර්ථක පුහුණුවක් ලැබූ බවත් එහි ප්‍රතිඵල ලබා දීමට ක්‍රීඩකයන් සූදානමින් සිටින බවයි.
“අපි දිනෙන් දින දියුණු වුණා. අපිට උපරිම පහසුකම් ලැබුණා. පුහුණු කඳවුර ඉතා වැදගත්. එංගලන්තයේදී සති දෙකක පුහුණුවද අපිට වැදගත් වෙනවා. ලැබූ සියලු දේ තරගාවලියේදී කිරීම දැන් අපේ වගකීම” යැයි මැතිව්ස් පවසයි.
මේ අතර පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පවසන්නේ මේ දිනවල එංගලන්තයේ තණතීරුවල හැසිරීම අනුව පිතිකරුවන්ට වාසිදායක තත්ත්වයක් පවතින බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවන බවයි. 
“පුහුණුවීම් සියල්ල හොඳින් සිදුවුණා. නවකයන් දැන් සටනක් දෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. ඒත් චැම්පියන්ස් කුසලාන තරගාවලිය විශාල අභියෝගයක්” යැයි ෆෝඩ් පවසයි.
තරගයෙන් තරගය ජයගෙන තරගාවලියේ ඉදිරියට යෑමට සැලසුම් සකස් කරන බවද ෆෝඩ් පවසයි.
 
මංගල ධර්මප්‍රේම

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ කල්කටා නයිට්රයිඩර්ස් සමත් විය.
මෙම තරගාවලියේ කලින්ම අවසන් වටයට සුදුසුකම් ලබා සිටි මුම්බායි ඉන්දියන්ස් පෙරේදා (13දා) පැවැති තරගයේදී කල්කටා නයිට්රයිඩර්ස් ලකුණු 9කින් පරාජය කරමින් ලකුණු සටහනේ පළමුතැන හිමිකර ගත්තේය.
කල්කටා නයිට්රයිඩර්ස් මෙම තරගයෙන් පරාජය ලබා ලකුණු සටහනේ දෙවැනි ස්ථානය අහිමි වුවද ඔවුන් අවසන් වටයට සුදුසුකම් ලැබිය. 
මෙම තරගයේදී මුම්බායි ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 37කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් වේගවත් ලකුණු 63ක් රැස් කළ අම්බති රයිදු තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.
මුම්බායි ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ හර්දික් පාන්ඩයා, විනේ කුමාර් සහ ටිම් සවුති කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :-
මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 20දී - 173/5යි
සෞරබ් තිවාරි 52, රෝහිත් ෂර්මා 27, අම්බති රයිදු 63, ටේ‍රන්ට් බෝල්ට් 30/2
කල්කටා නයිට්රයිඩර්ස් පන්දුවාර 20දී - 164/8යි
ක්‍රිස් ලින් 26, ගාම්බිර් 21, මනිෂ් පාන්ඩේ 33, යූසුෆ් පතාන් 20, ග්‍රෑන්ඩ්හෝම් 29, හර්දික් පාන්ඩයා 22/2, විනේ කුමාර් 31/2, ටිම් සවුති 39/2

ආසියනු ශූරතා රග්බි තරගාවලිය යටතේ ඊයේ (14දා) මලයාසියාවේදී පැවැති ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර තරගයෙන් ලකුණු 24-13 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සමත්විය.
තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 11-0 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටියේය.
තරගය ආරම්භයේදී මුලින්ම ලකුණු රැස්කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනුෂ්ක රංජන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථකවීම නිසා ශ්‍රී ලංකාව ලකුණු 5-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.
ඉන් පසු තිලිණ විජේසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් දඬුවම් පහර 2 ක් සාර්ථකව නිම කිරීම නිසා ලකුණු තත්ත්වය 11-00 ක් විය.
පළමු භාගයේදී පිලිපීනයට ලකුණු ලබා නොදීමට ශ්‍රී ලංකාව වගබලා ගත්තේය.
දෙවැනි භාගයේදී පිලිපීනය දඬුවම් පහරක් වාර්තා කළ අතර තිලිණ විජේසිංහ සිය තෙවැනි දඬුවම් පහර සාර්ථකව නිම කිරීම නිසා ශ්‍රී ලංකාව ලකුණු 14-03 ක් ලෙස පෙරමුණේ පසුවිය.
යළිත් ක්‍රියාත්මකවූ ශ්‍රී ලංකා පිල තිලිණ, නිෂෝන්, රොෂාන් සහ රිචඩ් ධර්මපාලගේ සම්බන්ධතාවයෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රිචඩ් ධර්මපාල සමත්විය. එහි ප්‍රවර්තනය සාර්ථකව නිම කිරීමට තිලිණ විජේසිංහ සමත්වීමෙන් ශ්‍රී ලංකාව ලකුණු 21-03 ක් ලෙස පෙරමුණ ගත්තේය.
ඉන් පසු ක්‍රියාත්මකවූ පිලිපීනය උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථකවීම නිසා ලකුණු තත්ත්වය 21-08 ක් විය.
සිය  දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට පිලිපීනය සමත්වූ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකවීම නිසා ලකුණු තත්ත්වය 21-13 ක් විය.
අවසන් මොහොතේ යළිත් ක්‍රියාත්මක වූ තිලිණ වීජේසිංහ සිය සිව්වැනි දඬුවම් පහර සාර්ථකව නිම කිරීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 24-13 ක ජයක් හිමිවිය.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලබන 17දා පැවැත්වේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කල්කටා නයිට්රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කල්කටා නයිට්රයිඩර්ස් සමත් විය.
කල්කටා ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සුනිල් නාරයින් මෙවර අයි.පී.එල්. තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය රැස් කරමින් කල්කටා ජය මාවත විවර කර දුන්නේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 158ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කල්කටා නයිට්රයිඩර්ස් පන්දුවාර 15.1කදී කඩුලු 4ට ලකුණු 159ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
පන්දු 15කදී අර්ධ ශතකය වාර්තා කළ සුනිල් නාරයින් දැවී යන විට පන්දු 17කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 54ක් රැස්කර සිටියේය.
නාරයින්ට අනගි සහයක් ලබා දුන් ක්‍රිස් ලින් පන්දු 22කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 50ක් රැස් කරමින් ආරම්භක කඩුල්ලට ලකුණු 105ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
කල්කටා ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ උමේෂ් යදාව් ලකුණු 36ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, සුනිල් නාරයින් ලකුණු 29ට කඩුලු 2ක් බිඳ හෙළීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් වෙනුවෙන් ටේ‍රවිස් හෙඩ් පන්දු 47කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණුූ 75ක් රැස් කළ අතර, මන්දීප් සිං ලකුණු 52ක් වාර්තා කළේය.
ලකුණු තත්ත්වය :-
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දුවාර 20දී - 158/6යි
ගේල් 0, කෝලි 5, ඒ.බි. ඩිවිලියර්ස් 10, මන්දීප් සිං 52, ටේ‍රවිස් හෙඩ් නොදැවී 75, උමේෂ් යදාව් 36/3, සුනිල් නාරයින්් 29/2
කල්කටා නයිට්රයිඩර්ස් පන්දුවාර 15.1කදී - 159/4යි
ක්‍රිස් ලින් 50, සුනිල් නරේන් 54, ග්‍රෑන්ඩ්හෝම් 31, ගෞතම් ගාම්බිර් 14, පවන් නෙගී 21/2

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් අතර පැවැති තරගයෙන් ලකුණු 164ක විශිෂ්ට ජයක් ලැබූ මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට සුදුසුකම් ලැබිමට සමත් විය.
මේ වන විට තරග 11කදී ජයග්‍රහණ 9ක් වාර්තා කරමින් ලකුණු 18ක් ලබා මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට පිවිසුණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 20දී කඩුලු 3ට ලකුණු 212ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි ඩෙයාඩෙවිල්ස් පන්දුවාර 13.4කදී ලකුණු 66කට සීමා කිරීමට මුම්බායි පන්දු යවන්නෝ සමත් වූහ.
ආරම්භක පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 43කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 66ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, කිරන් ‍පොලාඩ් පන්දු 35කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී වේගවත් ලකුණු 63ක් වාර්තා කළේය.
මුම්බායි වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ හර්බජන් සිං සහ කරන් ෂර්මා කඩුලු 3 බැගින් බිඳහෙලූ අතර, ලසිත් මාලිංග පන්දුවාර දෙකකදී ලකුණු 5ට කඩුලු 2ක් බිඳ හෙළීය.
මෙම තරගාවලිය යටතේම සන්රයිසස් හයිද්‍රාබාද් සහ රයිසින් පූනේ සුපර්ජයන්ට් අතර පෙරේදා පැවැති තරගයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට රයිසින් පූනේ සමත් විය.
 
ලකුණු තත්ත්වය :- 
මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 20දී - 212/3යි
ලෙන්ඩ්ල් සිමන්ස් 66, පාර්තිව් පටෙල් 25, කිරන් ‍පොලාඩ් (නොදැවී) 63, හර්දික් පාන්ඩයා (නොදැවී) 29, රබාඩා 33/1, මිෂ්රා 37/1, කෝරි ඇන්ඩර්සන් 29/1
දිල්ලි ඩෙයාඩෙවිල්ස් පන්දුවාර 13.4කදී සියලු දෙනා දැවී - 66යි
කරුන් නයාර් 21, කෝරි ඇන්ඩර්සන් 10, පැට් කමින්ස් 10, හර්බජන් සිං 22/3, කරන් ෂර්මා 11/3, ලසිත් මාලිංග 5/2, මැක්ලෙනගන් 18/1
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3119

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2963

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6013

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3592

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2180

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2994

Please publish modules in offcanvas position.

Web Analytics