Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

Cricket

ශ්‍රී ලංකා පිල සහ ස්කොට්ලන්තය අතර කෙන්ට්හිදී පැවැති දෙවැනි පුහුණු තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය පන්දුවාර 42.1කදී ලකුණු 166කට දැවී ගිය අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 22.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 170ක් වාර්තා කරමින් තරගය ජය ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 51කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 74ක් වාර්තා කළ අතර, උපුල් තරංග පන්දු 63කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 53ක් වාර්තා කළේය. උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 114ක සම්බන්ධතාවක් වාර්තා විය. මුලින්ම පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය වෙනුවෙන් කේ‍ර්ග් වොලස් ලකුණු 46ක් වාර්තා කළ අතර, මැතිව් කේ‍රාස් ලකුණු 27ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් ලක්ෂාන් සඳකැන් ලකුණු 39ට කඩුලු 4ක් බිඳ දැමූ අතර, සීකුගේ ප්‍රසන්න සහ නුවන් කුලසේකර කඩුලු 2 බැගින් බිඳ හෙළීය. ලකුණු තත්ත්වය : ස්කොට්ලන්තය පන්දුවාර 42.1කදී සියලු දෙනා දැවී - 166යි මැතිව් කේ‍රාස් 27, රිචී බෙරිංටන් 15, කේ‍ර්ග් වොලස් 46, ඇලස්ඩර් එවන්ස් 22, ලක්ෂාන් සඳකැන් 39/4, නුවන් කුලසේකර 23/2, සීකුගේ ප්‍රසන්න 28/2, තිසර පෙරේරා 36/1, නුවන් ප්‍රදීප් 30/0 ශ්‍රී ලංකාව පන්දුවාර 22.5කදී - 170/1යි නිරෝෂන් දික්වැල්ල 29, උපුල් තරංග (නොදැවී) 53, කුසල් මෙන්ඩිස් (නොදැවී) 74, ඇලස්ඩර් එවන්ස් 29/1

ආසියානු මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් තායිලන්තයේ පැවැති 2 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ගාල්ල මහින්ද විදුහ‍ලේ නවෝද්‍ය සංකල්ප සමත් විය.
ක්‍රීඩා උළෙ‍ලේ අවසන් දිනය වූ ඊයේ (23දා) මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 53.86කින් අවසන් කරමින් නවෝද්‍ය සංකල්ප එම ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.
මෙම ක්‍රීඩා උළෙ‍ලේ මීටර් 200 අවසන් පූර්ව තරගයේදී තත්පර 21.96කින් තරගය නිම කරමින් 2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ කොටහේන ශා. බෙනඩික්ට් විදුහ‍ලේ සංතුෂ් වීරසිංහ ඊයේ මීටර් 200 අවසන් තරගයට සහභාගි වෙමින් තත්පර 21.92 කාලයක් වාර්තා කරමින් සිව්වැනියා බවට පත්වී තිබේ.
මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වූ කුලියාපිටිය මැදි විදුහ‍ලේ අශ්මිතා හේරත්ට ඇගේ හොඳම ඉසව්ව වූ මීටර් 2000 බාධක තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.
අශ්මිතා හේරත් මීටර් 2000 සහ 3000 බාධක දිවීමේ තරග සඳහා සහභාගි වීමට කණ්ඩායමට ඇතුළත් වී සිටි අතර, පෙරදින පැවැති මීටර් 3000 බාධක තරගයෙන් පරාජයට පත්වූවාය.
මෙම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙ‍ලේදී මීටර් 200 ඉසව්වට වඩා  වැඩි ඉසව් සඳහා ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවකට සහභාගි විය හැක්කේ එක් ඉසව්වකට පමණක් ලෙස පනවා තිබූ නීතිය අනුව අශ්මිකාට ඊයේ පස්වරුවේ පැවැති මීටර් 2000 බාධක තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.
ඊයේ පැවති මීටර් 200 කාන්තා අවසන් තරගයට සහභාගි වූ වත්තල ලයිසියම් විදුහ‍ලේ සචිනි දිව්‍යාංජලී 8 වැනි ස්ථානයට පත්වී තිබේ.
මේ අනුව මෙම ක්‍රීඩා උළෙල නිමාවට පත්වන විට ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් (හර්ෂ කරුණාරත්න - මීටර් 800) සහ ලෝකඩ පදක්කමක් පමණක් හිමිවිය.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්තය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේදී ඉනිම දෙකේදීම ශතක වාර්තා කිරීමට සමත් වී තිබේ.
මෙම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 114ක් ලැබූ සංගක්කාර තරගයේ තෙවැනි දිනය අවසන් වන විට දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 116ක් ලබා සිටියේය.
මෙම තරගයේදී සංගක්කාර සිය පළමු පෙළ තරගවලදී ලකුණු 20,000 සීමාව පසු කිරීමට සමත් වීමද කැපී පෙනෙන සිදුවීමකි.

ලබන ජූනි මාසයේ 12 වැනි දින සිට තායිලන්තයේ පැවැත්වෙන තායි විවෘත මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන් 4ක් සහ ක්‍රීඩිකාවන් 4ක් ඇතුළත් කණ්ඩායමක් නම්කර තිබේ.
ඉතිහාසයේ පළමු වරට මිටිය විසිකිරීමේ කාන්තා ඉසව්වෙන් ජාත්‍යන්තර තරගයක් නියෝජනය කරමින් එම ඉසව්වේ ජාතික ශූරිය වන අයේෂා මධුවන්ති මෙම තරගාවලියට සහභාගිවීම කැපී පෙනෙන සිදුවීමකි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම
පිරිමි :- කාලිංග කුමාර (මීටර් 400), අජිත් කරුණාතිලක (දසප්‍රයාම), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), උදාන ලියනපතිරණ (දුර පැනීම)
කාන්තා :- විදූෂා ලක්ෂානි (තුන්පිම්ම), අයේෂා මධුවන්ති (මිටිය විසිකිරීම), ජෙගතේස්වරන් (රිටි පැනීම), නිලානි රත්නායක (මීටර් 3000 බාධක)
පුහුණුකරු - සී.එස්. සුරේෂ්කරන්, කළමනාකරු - මාධව බණ්ඩාර සෙනරත්

සුනිල් අභයවර්ධන

ක්‍රීඩා අමාත්‍යාංශය පැවැත්වූ 2016 ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙ‍ලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස පිහිනුම් ශූර මැතිව් අබේසිංහ සම්මාන දිනාගත් අතර, මලල ක්‍රීඩා ශූරි නිමාලි ලියනාරච්චි පිට පිටම දෙවැනි වරටත් වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගනු ලැබුවාය.
දක්ෂතම කනිෂ්ඨ ක්‍රීඩකයා ලෙස මලල ක්‍රීඩක ග්‍රේෂන් ධනංජයද, දක්ෂතම කනිෂ්ඨ ක්‍රීඩිකාව ලෙස පිහිනුම් ශූරී කිමිකෝ රහීම්ද සම්මාන දිනාගත් අතර, මලල ක්‍රීඩක සංතුෂ් වීරසිංහ සහ බර ඉසිලීමේ ක්‍රීඩිකා අර්ශිකා විජයබාස්කරන් යොවුන් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූහ.
 
2016 වසරේ ජනාධිපති ක්‍රීඩා සම්මාන
 
විශිෂ්ටම ක්‍රීඩකයා - මැතිව් අබේසිංහ (පිහිනුම්,
විශිෂ්ටම ක්‍රීඩිකාව - නිමාලි ලියනාරච්චි (මලල ක්‍රීඩා)
කනිෂ්ඨ ක්‍රීඩකයා - ග්‍රේෂන් ධනංජය (මලල ක්‍රීඩා)
කනිෂ්ඨ ක්‍රීඩිකාව - කිමිකෝ රහීම් (පිහිනුම්)
යොවුන් ක්‍රීඩකයා - සන්තුෂ් වීරසිංහ (මලල ක්‍රීඩා)
යොවුන් ක්‍රීඩිකාව - අර්ෂිකා විජයබාස්කර් (බර ඉසිලීම)
පැරා ක්‍රීඩකයා - දිනේෂ් ප්‍රියන්ත (මලල ක්‍රීඩා)
පැරා ක්‍රීඩිකාව - අමරා ඉන්දුමතී (මලල ක්‍රීඩා)
ජිවිත කාලයටම පිදෙන විශිෂ්ටතම සම්මාන
ක්‍රීඩා කීර්ති - ඩී.එච්. චන්ද්‍රසිරි (පාපන්දු)
ක්‍රීඩා රත්න - ආර්.ඒ. විමලසේන පෙරේරා (මලල ක්‍රීඩා)
ක්‍රීඩා භූෂන - කේ.ජී. භද්‍රා ගුණවර්ධන, ඩර්වින් පෙරේරා, යෝගානන්ද විජේසුන්දර, කේ.එල්.එස්. විජේදාස, රංජිත් වීරසේන, සුම්මා නවරත්න (මලල ක්‍රීඩා), මේජර් ජෙනරාල් සීතුරේ රාජා (රගර්)
ක්‍රීඩා වෛද්‍යවරයා - වෛද්‍ය ලාල් ඒකනායක 
ක්‍රීඩා විනිසුරුවරයා - යූ.ටී.බි. කිරිදෙන (බොක්සිං)
ක්‍රීඩා උපදේශක - මනෝජ් අබේසිංහ (පිහිනුම්)
ක්‍රීඩා උපදේශක (කනිෂ්ඨ) - පිලිප් රංජිත් පෙරේරා (මලල ක්‍රීඩා)
ක්‍රීඩා උපදේශක (යොවුන්) - අමිල ප්‍රසන්න විජයවික්‍රම (මලල ක්‍රීඩා)
ක්‍රීඩා පුහුණුකරු - සජිත් ජයලාල් (මලල ක්‍රීඩා)
ක්‍රීඩා කණ්ඩායම (යොවුන් - බාලක) - ශ්‍රී ලංකා අවු. 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම
ක්‍රීඩා කණ්ඩායම (යොවුන් - බාලිකා) - අවු. 16න් පහළ 4*400 මලල ක්‍රීඩා කණ්ඩායම
ක්‍රීඩා කණ්ඩායම (කනිෂ්ඨ - පිරිමි) - අවු. 20න් පහළ ශ්‍රී ලංකා රග්බි පිල
ආබාධිත සහ විශේෂිත වූ ක්‍රීඩා කණ්ඩායම - ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම
දක්ෂතම පිරිමි ක්‍රීඩා කණ්ඩායම - ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම
දක්ෂතම කාන්තා ක්‍රීඩා කණ්ඩායම - ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම
ක්‍රීඩා ඉසව් ඉදිරිපත් කිරීම - ලංකා ස්‍පෝර්ට්ස් රයිසන්
ක්‍රීඩා ප්‍රවර්ධන අනුග්‍රාහක - 1. ඩයලොග් ආසියාටා, 2. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්, 3. ස්‍පෝර්ට්ස් ඉන්ෆෝ ඩොට් එල්.කේ.
ක්‍රීඩා ප්‍රවර්ධන අනුග්‍රාහක (කනිෂ්ඨ) - 1. නෙස්‍ලේ ලංකා මයිලෝ, 2. සිලෝන් බිස්කට්ස්, 3. සිංගර් ශ්‍රී ලංකා
වසරේ හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන (සජීවී) - රාජකීය තුරඟ තරගාවලිය - ජාතික රූපවාහිනිය (සම්පත් ශ්‍රී පෙරේරා)
වසරේ හොඳම රූපවාහිනී වැඩසටහන (වාර්තා) - ක්‍රීඩාවේ ඇතුළු පැත්ත - සිරස (මංජුල තේනුවර)
ගුවන් විදුලි ක්‍රීඩා වැඩසටහන (සජීවී) - ක්‍රිකට් විස්තර ප්‍රචාරය - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 
ගුවන් විදුලි ක්‍රීඩා වැඩසටහන (වාර්තා) - නෙත් ක්‍රීඩා තරුව - නෙත් එෆ්.එම්.
ක්‍රීඩා ග්‍රන්ථකරණය - සුසිල් රණසිංහ (වොලිබෝලයේ සියවස)
ක්‍රීඩා රූපවාහිනී නිෂ්පාදන - පපරේ ඩොට් කොම්
ක්‍රීඩා පිටුව (සිංහල) - ඉරිදා දිවයින
ක්‍රීඩා පිටුව (ඉංග්‍රීසි) - සිලෝන් ටුඩේ
ක්‍රීඩා පිටුව (දමිළ) - වීරකේසරී
ක්‍රීඩා මාධ්‍යවේදියා (මුද්‍රිත - සිංහ) - රොෂාන් පැතුම් සී. විජේරත්න (අද)
ක්‍රීඩා මාධ්‍යවේදියා (මුද්‍රිත - ඉංග්‍රීසි) - අංජන කළුආරච්චි (සිලෝන් ටුඩේ)
ක්‍රීඩා මාධ්‍යවේදියා (මුද්‍රිත - දමිළ) - එස්. ප්‍රසාද් (වීරකේසරී)
ක්‍රීඩා ඡායාරූපශිල්පියා - ඉසුරු සමීර පීරිස් (පපරෙ ඩොට් කොම්)
 
සුනිල් අභයවර්ධන
 
ඡායාරූප-නිමල්සිරි එදිරිසිංහ

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම රයිසින් පුනේ කණ්ඩායම පරාජය කරමින් 2017අයි පී එල් ශූරතාව දිනා ගැනීමට ඊයේ (21) රාත‍්‍රියේ සමත් විය.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිතපන්දුවාර 20දී කඩුලූ 08ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 129ක්පමණි.

ලකුණු 79කට කඩුලූ 07ක් බිඳ වැටී තිබු අවස්ථාවේ පිටියට පිවිසි කෘනාල්පාන්ඩයා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට විශාල දායකත්වයක් දුන් අතර ඔහු පන්දු 38ක දී ලකුණු 47රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ රයිසින් පූනේ කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලූ 06ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 128ක් පමණි.

නායක ස්ටීව් ස්මිත් පන්දු 50ක දී ලකුණු 51ක් රැස් කලත් තරගය ජයග‍්‍රහණයකිරීම සඳහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක් රැස්කර ගතයුතුව තිබුණ ද ඔවුන්ටරැස්කර ගත හැකිවූයේ ලකුණු 09ක් පමණි.

පන්දු යැවීමේ දී මිචෙල් ජොන්සන් ලකුණු 26කට කඩුලූ 03ක් බිඳ හෙළු අතර ජස්ප‍්‍රිඞ් බුම්රා ලකුණු 26කට කඩුලූ 02යි.

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4637

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4248

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7373

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4643

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2972

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3781

Please publish modules in offcanvas position.

Web Analytics