Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්තය සමත් විය.
 ඊයේ පැවැති එංගලන්තය සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගයෙන් එංගලන්තය ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කළද ලකුණු සටහනේ දෙපිලම සම ලකුණු (2 බැගින්) ලැබිම හේතුවෙන් දළ ලකුණු වේගයට අනුව නවසීලන්තය අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගත්තේය.
මේ අනුව තරගාවලියේ අපරාජිත ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අවසන් මහා තරගය ලබන 21දා ඕක්ලන්ඩ්හිදී පැවැත්වේ.
ඊයේ පැවැති තරගයේ 
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20දී කඩුලු 7ට ලකුණු 194ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 192ක් පමණි.
එංගලන්තය වෙනුවෙන් පන්දු 46කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 80ක් රැස් කළ එවයින් මෝගන් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, ඩේවිඩ් මලන් පන්දු 36කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 53ක් රැස් කළේය.
මෝගන් සහ මලන් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 93ක සම්බන්ධතාවක් තබමින් එංගලන්ත මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට සමත් වූහ.
ලකුණු හඹායාමේදී මාටින් ගප්ටිල් පන්දු 47කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 62ක් සහ කොලින් මුන්රෝ පන්දු 21කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 7ක් සමගින් ලකුණු 57ක් රැස් කරමින් ආරම්භක කඩුල්ලට ලකුණු 78ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩැංවූහ.
මාර්ක් චැප්මන් පන්දු 30කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 37ක් රැස් කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.
 
ලකුණු තත්ත්වය :- 
එංගලන්තය පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී - 194යි
රෝයි 21, මලන් 53, මෝගන් (නොදැවී) 80, බෝල්ට් 50/3, සවුති 22/2
නවසීලන්තය පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී - 192යි
ගප්ටිල් 62, මුන්රෝ 57, චැප්මන් (නොදැවී) 37
 
 

පසුගියදා බංගලාදේශයේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී අවසන් තරගයේ වීරයා ලෙසත් තරගාවලියේ වීරයා ලෙසත් කිරුළු පැලඳුවේ රොෂේන් සිල්වායි. සිය මංගල ටෙස්ට් ශතකයත් සමග ජයග්‍රහණයේ උණුසුමත් රැගෙන ලංකාවට ආපු රොෂේන් තමන්ගේ ආදරණීය බිරිඳ හා දරුවා සමග ජයග්‍රහණයේ සතුට බෙදාගත්ත අතරතුරේ අපිත් ඔහුගේ නිවසට ගොඩ වැදුනා. අපගේ අරමුණ වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරන්නට එක් වූ මේ අලුත්ම තාරකාව සමගින් කතාබහ කොට ඔහුගේ පෞද්ගලික තොරතුරු පිළිබඳවත් ආදරණීය රිද්ම පාඨකයන් දැනුවත් කරන්නයි. 
 
රොෂේන්ගේ පුංචි පුතා ආෂේට දැන් වයස අවුරුද්දයි මාස 6යි. තාත්තාගේ උකුලට වෙලා හුරතල් වෙන පුංචි පුතා කැමැති නැහැ හුරතලෙන් මිදෙන්න. ටිකක් වෙලා ඔවුන් සමග සුහදව කතාබහ කරලා ඊට පස්සේ අපි රොෂේන්ගේ ඡායාරූප කීපයක් ගන්න පැත්තකට ගියා.
පසුගිය දවස් ටිකේම තාත්ති ළඟ හිටියේ නැහැනේ. ඉතින් දැන් එයාට ඕන තාත්තිගෙ ළඟටම වෙලා ඉන්න. චුට්ටක්වත් එහාට මෙහාට යනවට කැමැති නැහැ..
රොෂේන්ගේ ආදරණීය බිරිඳ අපිට එහෙම කිව්වා. මේ දෙන්නගේ ආදරණීය හුරතලා එහාට මෙහාට වෙනකොට රොෂේන් අපි ළඟට කිට්ටුවෙලා මෙන්න මෙහෙම කිව්වා.
අපේ පවු‍ලේ ඉන්නේ අයියලා දෙන්නයි, අක්කිලා දෙන්නයි. මමයි මල්ලියි. අයියලත් ක්‍රිකට්වලට ගොඩක් ලැදියි. පුංචිම කා‍ලේ ඉඳන් මගේ ඒ උනන්දුව තිබුණා. මගේ මල්ලී මට වඩා අවුරුදු 2ක් විතර බාලයි. අවුරුදු 4 දි 5 දි විතර කා‍ලේ මම මල්ලිවත් එකතු කරගෙන ක්‍රිකට් ගහනවා. රාගම බැසිලිකා විදුහලින් අධ්‍යාපනය ලබන කා‍ලේ මම 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමටත් ක්‍රීඩා කළා. 9 වසරෙදී ශාන්ත ජෝශප් විදුහලට යන්න අවස්ථාව උදාවුණේ ක්‍රිකට් ක්‍රීඩාවට පෙන්වූ දස්කම් හින්දා. ශාන්ත ජෝශප් විදුහ‍ලේදී ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිදුර දස්කම් පෙන්වන්න අවස්ථාව ලැබුණා. ඔය කා‍ලේ විදුහ‍ලේ රගර් කණ්ඩායමට මාව සම්බන්ධ කරගන්න හැදුවත් මගේ ක්‍රිකට් පුහුණුකරු ඊට ඉඩ දුන්නේ නැත්තේ මම පාස‍ලේ ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍යම චරිතයක් වෙලා හිටපු හින්දා. මගේ ජීවිතය පුරාම තිබුණේ ක්‍රිකට් විතරයි. හැම දෙයක්ම ගොඩනැගුනේ ඒ තුළින් ඉදිරියට යන්නයි.
හීන හරිම සුන්දරයි. ඒත් ඒ හීන ඉටු කරගන්න එක ඒ තරම් සුන්දර නැහැ. පියවරෙන් පියවර ඉදිරියට ඇවිත් ජීවිතේ දුර ගමනක් පැමිණි ඕනෑම කෙනෙකුගෙන් පැමිණි ගමන් මග ගැන විමසුවොත් ඒ සත්‍යය ඔප්පුවේවි. රොෂේන්ටත් එය ‍පොදුයි.
මම ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක්. අපේ ජීවිත ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේගේ සැලසුමක් අනුවයි. ඒත් දෙවියන් වහන්සේ අපිට යම් යම් දේ දෙන්නේ නිසි වෙලාවට. යම් අරමුණක් ඔස්සේ ගමනක් යනවා නම් අපිට කරන්න තියෙන්නේ උත්සහය උනන්දුව තුළින් අපිට හිමි දේ වඩා හොඳින්් කරන එකයි. ඒ දේවල්වලට නිසි ප්‍රතිඵල නිසි වේලාවට ලැබෙනවා. ම පාසලින් ඉවත් වෙලා අවුරුදු  9ක්ම අන්තර් සමාජ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කරලා මගෙ දක්ෂතා පෙන්වලයි ජාතික සංචිතයට ඇතුළු වුණේ. ඒ කාලය තුළ  මම ඉවසීමෙන් බලා හිටියා. හිත් රිදීම් කැපිලි කෙටිලි මමත් අත්විඳල තියෙනවා. ඒ හැම දේම විඳ දරාගෙන මම මට අවස්ථාව ලැබෙන තුරු බලාගෙන හිටියා.
රොෂේන්ගේ ජීවිතයේ සෙවනැල්ල වගේ ඔහුගේ ළඟ ඉන්නේ ආදරණීය බිරිඳ අරොෂියි ඇය දැනට නීති සිසුවියක්. මේ දෙදෙනාගේ ආදර කතාවත් බොහොම දිග එකක්. ඒ වගේම හරිම ලස්සනයි. 
ළහිරු ගමගේ කියන මගේ ක්‍රිකට් මිත්‍රයා විවාහ වූ දවසේ දෙවැනි මනාලයා හා දෙවැනි මනාලිය විදියට හිටියේ අපි දෙන්නා. ඒ විදියට හඳුනාගෙන කාලයක් ඇසුරු කරලා 2015 දී අපි විවාහ වුණා...
කෙනෙකුගේ සාර්ථකත්වය දැකලා සතුටුවුණ අය අතර ඉදිරියෙන්ම ඉන්නේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, සැමියා හෝ බිරිඳයි. ක්‍රීඩාවෙන් ජය ලබද්දී ඒ සතුට බෙදාහදාගන්න අම්මයි තාත්තයි ළඟ නැතිවීම ගැන නම් රොෂේන් කථා කළේ හරිම දුකෙන්. තාත්තා නැතිවුණේ 2003 දී. අම්මා නැතිවුණේ 2012 දී. තාත්තට මගේ ක්‍රීකට් ගැසීම නම් බලන්න ලැබුනේම නැහැ. 19න් පහළ ක්‍රීඩකයෙක් විදියට මම දස්කම්  පෙන්වනවා අම්මා නම් දැක්කා. මට ආරොෂි මුණ ගැහුනේ 2012 දී අම්මා නැතිවුණත් ඒ අවුරුද්දේ මට අම්මට  අරොෂිව මුණ ගස්සන්න බැරි වුණා. අම්මගේ අභාවය සිදුවුණේ හදිසියේමයි..
ක්‍රිකට් ක්‍රීඩාව ගැන රොෂේන් තුළ බලා‍පොරොත්තු ගොඩක් තියෙනවා. ක්‍රිකට් ලෝලීන්ටත් රොෂේන් ගැන ඒ තරමටම බලා ‍පොරොත්තු තියෙනවා. ඒ හැම බලා‍පොරොත්තුවක්ම ඉටුවේවා කියලා පතමින් අපි ඔහුගෙන් සමුගත්තා. සමුගන්න කලින් තමන්ගේ ගමන් මගට උදව් කළ හැමෝටම ස්තූති කරන්න ඔහු අමතක කළේ නැහැ.
මගේ ලොකු අයියා රොෂාන් තමයි මගෙ ක්‍රිකට් ජීවිතේ මූලාරම්භය. මගේ පවු‍ලේ  අයයි. බිරිඳයි බිරිඳගේ පවු‍ලේ හැමෝමයි මගෙ ගමනට ලොකු ශාක්තියක්. වුණා. බැසිලිකා විදුහ‍ලේ හා ශාන්ත ජෝශප් විදුහ‍ලේ ක්‍රිකට් පුහුණුකරුවන් වූ සංජීව හර්ෂද සිල්වා. කපිල සර් හා වසන්ත මම මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම රොජර් විජේසූරිය, රොෂාන් කළුආරච්චි, නිශාන්ත වීරසිංහ, රුවන්, මාලිංග බණ්ඩාර, මහේෂ්, ජෙරම් ජයරත්න, අවිශ්ක ගුණවර්ධන ඇතුළු නම් සඳහන් කළ නොකළ මට උදව් කරපු හැමෝම මේ වෙලාවේ මම ආදරයෙන් සිහිපත් කරන්න කැමැතියි.
 
ආරියවංශ කුලතිලක
ඡායා: මලිත් ගමගේ
 


ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගත් ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
පළමු තරගයේදී කිසිදු පන්දු යවන්නෙකුට සහය නොදැක්වූ තණතීරුවක් ලබාදී අයි.සී.සී.යේ දෝෂදර්ශනයට ලක්වූ බංගලිදේශය දෙවැනි තරගයට පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් ලබා දී අන්ත පරාජයකට පත් විය.
මේ අනුව තවදුරටත් බංගලිදේශයේදී ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව පරාජය කිරීමේ සිහිනයේම රැඳී සිටීමට ඔවුන්ට සිදුවී තිබේ.
බංගලිදේශය මතෛක් ශ්‍රී ලංකාව පරාජය කළ එකම ටෙස්ට් තරගයද ශ්‍රී ලංකාවේදී පැවැත්වුණි.
මෙවර තරගාවලියේදී කතාබහට ලක්වූ ක්‍රීඩකයා බවට පත්වූ
රොෂේන් සිල්වා දැක්වූ සුපිරි පිතිහරඹය හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානය හිමිවුණි.
ශ්‍රී ලංකාවේ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍ෂේත්‍රයේ දිගු කලක් පිත්තෙන් දස්කම් දැක්වූ රොෂේන් පළමු ටෙස්ට් තරගයේදී සිය පළමු ටෙස්ට් ශතකය ලබා ගත්තේය.
දෙවැනි තරගයේ පිතිකරුවන්ට අසීරු තණතීරුවේ ඉනිම දෙකේදීම අර්ධ ශතක ලබා ගනිමින් එම තරගයේද වීරයා සම්මානය දිනා ගත්තේය.
තරගයෙන් පසු රොෂේන් ගැන අදහස් දැක්වූ ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් පැවැසුවේ එම තණතීරුවේ රොෂේන් දැක්වූ දස්කම් අතිවිශිෂ්ට                            බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් වමත් පන්දු යවන්නා බවට පත්විය.
පාකිස්තානු හිටපු සුපිරි වේගපන්දු යවන්නා වන වසීම් අක්‍රම් තරග 104දී කඩුලු 414ක් ලබා තබා තිබූ වාර්තාව බිඳ හෙළමින් රංගන තරග 89කදී කඩුලු 415ක් ලබා සිටියි.
මේ අතර සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අකිල ධනංජය සිය පළමු තරගයේදීම ඉනිමක කඩුලු 5ක් දවා ගනිමින් මුළු තරගයේදී කඩුලු 8ක් බිඳ හෙළීම කැපී පෙනුණි.
දඟ පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවේ සිය උපරිම දස්කම් දැක්වූ අකිල ධනංජය තමා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට හොඳ ආයෝජනයක් බව පෙන්වා දුන්නේය.
අකිලගේ පන්දු යැවීම ඉහළින් අගය කළ රංගන හේරත් පවසන්නේ ඔහු හොඳ අනාගතයක් ඇති දඟ පන්දු යවන්නෙකු බවයි.
අවු. 19දීම ශ්‍රී ලංකා 20-20 පිල නියෝජනය කිරීමට වරම් ලැබූ අවස්ථාවේදී ඔහු සිය හැකියාව පෙන්වූ බව පවසන රංගන එය ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක වනු ඇතැයි තමා විශ්වාස කරන බවද පවසයි.
මෙම ටෙස්ට් තරගාවලියේදී පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, දිනේෂ් චන්දිමාල් මෙන්ම
නිරෝෂන් දික්වැල්ල ද සිය දස්කම් දැක්වූහ. කලකට පසු දිමුත් මෙවර තරගාවලියේදී අසාර්ථක වුවද දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී වගකීමකින් යුතු ඉනිමක් ක්‍රීඩා කළේය.
පන්දු යවන්නන් ලෙස රංගන හේරත් කඩුලු 9ක් ද, අකිල ධනංජය කඩුලු 8ක්ද ලබාගත් අතර, සුරංග ලක්මාල් සහ දිල්රුවන් පෙරේරාද සිය යුතුකම් කොටස ඉටු කළේය.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කළ බවත්, සියලුම සැලසුම්වලට අනුව ක්‍රීඩකයන් ක්‍රියාත්මක වීමෙන් මෙම ජයග්‍රහණය හිමිවූ බවත් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි රංගන හේරත් පැවැසුවේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ පැමිණීමෙන් පසු ක්‍රීඩකයන්ගේ නව ප්‍රබෝධයක් සහ කැපීපෙනෙන වෙනසක් සිදුවී ඇති බවයි.
ශ්‍රී ලංකා නවකයන් පිත්තෙන් සහ පන්දුවෙන් දක්වන දස්කම් අනුව සංගා, මහේල මෙන්ම මුරලිගේ අඩුවද පිරිමැසීමට අවශ්‍ය පසුබිම සකස් වෙමින් පවතින බවද රංගන සිය විශ්වාසය පළ කරයි.
මේ අනුව ශ්‍රී ලංකාවට නව විජයග්‍රාහී ටෙස්ට් ගමනක් ඇරඹීමට මෙම තරගාවලියත් සමගම හැකිවෙනු ඇතැයි රංගන හේරත් ප්‍රකාශ කරයි.

මංගල ධර්මප්‍රේම

 

නවසීලන්තය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියා තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ වෙලින්ටන්හිදී පැවැති නවසීලන්තය සහ එංගලන්තය අතර තරගයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.
නවසීලන්තය මෙම තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණය මෙය වන අතර, එංගලන්තය ලැබූ තෙවැනි පරාජය වෙයි. ඕස්ට්‍රේලියාව සහභාගි වූ තරග 3ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර, ලකුණු 2ක් ලැබූ නවසීලන්තය දෙවැනි ස්ථානයේ පසුවෙයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 196ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 184ක් පමණි.
නවසීලන්ත නායක කේන් විලියම්සන් පන්දු 46කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 72ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්වූ අතර, මාටින් ගප්ටිල් පන්දු 40කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 65ක් රැස් කළේය.
නවසීලන්තය වෙනුවෙන් ටේ‍රන්ට් බෝල්ට්, මිචෙල් සැන්ට්නර් සහ ඉෂ් සෝඩි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :-
නවසීලන්තය පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 196යි
ගප්ටිල් 65, විලියම්සන් 72, චැප්මන් 20, වුඩ් 51/2, රෂීඩ් 36/2
එංගලන්තය පන්දුවාර 20දී කඩුලු 9ට ලකුණු 184යි
හේල්ස් 47, මලන් 59, විලී 21, බෝල්ට් 46/2, සැන්ට්නර් 29/2, සෝඩි 49/2
 
 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 215ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ ලකුණු 226ක් රැස් කළ අතර ලකුණු 338ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ ලකුණු 123ක් පමණි.
මේ අනුව නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මුහුණදුන් පළමු ටෙස්ට් තරගාවලියම ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම දෙකේදීම අර්ධ ශතක ලැබූ රොෂේන් සිල්වා තරගයේ වීරයා ලෙස නම් කළ අතර තරගාවලිය පුරා දැක්වූ දස්කම් හේතුවෙන් ඔහු තරගාවලියේ වීරයා ලෙසද නම් කෙරුණි.
මෙම තරගයේදී ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් වමතින් පන්දු යවන්නා ලෙස පාකිස්තානයේ වසීම් අක්රම් කඩුලු 414ක් ලබා තබා තිබූ වාර්තාව බිඳ හෙළමින් කඩුලු 415ක් ලබා ගැනීමට රංගන සමත්විය.
මේ අතර සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අකිල ධනංජය පළමු තරගයේදීම ඉනිමක කඩුලු 5 ක් දවාගැනීම සනිටුහන් කළ අතර මුළු තරගයේදීම කඩුලු 8ක් ලබා වාර්තා ‍පොතට එක්විය.
බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී කිසිදු පිතිකරුවෙකුට සාර්ථකවීමට ඉඩ ලබා නොදුන් රංගන හේරත් සහ අකිල ධනංජය ඉනිම බිඳ දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූහ.
බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 123කට සීමාවූ අතර අකිල ධනංජය ලකුණු 24ට කඩුලු 5ක්ද රංගන හේරත් ලකුණු 49ට කඩුලු 4ක්ද බිඳ හෙළීය.
 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීම දිනේෂ් චන්දිමාල්ට පවරා තිබේ.
ශ්‍රී ලංකා 20-20 නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ අතර, ඒ වෙනුවට මෙම පත් කිරීම සිදු කර තිබේ.
මේ අතර තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නම්කර ඇති අතර, කලකට පසු ජීවන් මෙන්ඩිස් සහ අමිල අ‍පොන්සු කණ්ඩායමට කැඳවා තිබේ.
නවක වේගපන්දු යවන්නෙකු වන අසිත ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානයක් හිමිවී ඇති අතර, ෂෙහාන් මධුෂංකද කණ්ඩායමට නම්කර තිබේ.
 
ශ්‍රී ලංකා 20-20 සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, 
නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අ‍පොන්සු, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු

Page 1 of 27

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 268

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 503

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 451

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 393

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5022

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3299

Please publish modules in offcanvas position.