Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පළමු 20-20 තරගයෙන් ඉන්දියාවට ලකුණු 93ක ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කටක්හි පැවැති පළමු 20-20 තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
මේ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී සිටියි. 
ඊයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 20දී කඩුලු 3ට ලකුණු 180ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාවට පන්දුවාර 16කදී ලබාගත හැකිවූයේ ලකුණු 87ක් පමණි.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ යස්වෙන්දර් චහාල් ලකුණු 23ට කඩුලු 4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. 
පිතිකරණයේදී ඉන්දීය ඉනිම ගොඩනැංවූ ලෝකේශ් රාහුල් පන්දු 48කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 61ක් වාර්තා කළ අතර, දෝනි නොදැවී ලකුණු 39ක්ද, මනිෂ් පාන්ඩේ නොදැවී ලකුණු 32ක්ද රැස් කළහ.
ලෝකේෂ් රාහුල් සහ ශ්‍රියාස් අයියර් (24) අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර, එම්.එස්. දෝනි සහ මනිෂ් පාන්ඩේ අතර ලකුණු 68ක නොබිඳුණු සම්බන්ධතාවක් වාර්තා විය. 
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ නුවන් ප්‍රදීප් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. 
ලකුණු හඹායාමේදී යළිත් වරක් ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ තත්ත්වයකට පත් වූ අතර, කිසිදු පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් ක්‍රීඩාකරගත නොහැකි විය.
ආරම්භක පිතිකරු දික්වැල්ල (13) දවා ගැනීමට උනඩ්කට් සමත් වීමෙන් පසු ක්‍රියාත්මක වූ චහාල් තරංග (23), මැතිව්ස් (1), අසේල ගුණරත්න (4) දවා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ කඩුලු 4ක් ලකුණු 55ක් තුළ බිඳ වැටුණි. 
දසුන් ශානක එක් ලකුණකට දවා ගැනීමට කුල්දීප් යදාව් සමත් වූ අතර, සිය සිව්වැනි කඩුල්ල ලෙස නායක තිසර පෙරේරා (3) පිටියෙන් ඉවත් කිරීමට චහාල් සමත් වීමෙන් ශ්‍රී ලංකාවේ අවසන් බලා‍පොරොත්තුවද බිඳ වැටුණි. කලකට පසු 20-20 පිටියට පිවිසි කුසල් ජනිත් ලකුණු 19ක් ලබා කුල්දීප් යදාව්ගේ දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වීමෙන් පසු හාර්දික් පාන්ඩ්යා ශ්‍රී ලංකා පසුපෙළ බිඳ දැමීය. 
අකිල ධනන්ජය (7) දවාගත් පාන්ඩ්යා දුෂ්මන්ත චමීර (12) සහ විශ්ව ප්‍රනාන්දු (2) දවා ගැනීමෙන් පන්දුවාර 16දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 87කට අවසන් විය. ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ යස්වෙන්දර් චහාල් ලකුණු 23ට කඩුලු 4ක්ද, හාර්දික් පාන්ඩ්යා ලකුණු 29ට කඩුලු 3ක්ද, කුල්දීප් යදාව් ලකුණු 18ට කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 137

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 173

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 278

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 430

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7044

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4626

Please publish modules in offcanvas position.

X

Right Click

No right click