Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     


සංචාරක බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි 20-20 ක්‍රිකට් තරගයේදී ඩේවිඩ් මිලර්ගේ වාර්තාගත ශතකය හේතුවෙන් ලකුණු 83ක ජයක් ලැබූ දකුණු අප්‍රිකාව තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
මෙම තරගයේදී ඩේවිඩ් මිලර් පන්දු 35කදී ශතකයක් රැස් කරමින් 20-20 තරග ඉතිහාසයේ වේගවත්ම ශතකයේ ලෝක වාර්තාවේ හිමිකරුවා බවට පත්විය.
මීට පෙර පන්දු 45කදී ශතකයක් රැස් කරමින් මෙම වාර්තාවේ හිමිකරුවා වූ නවසීලන්තයේ රිචඩ් ලෙවී දෙවැනි තැනට පත්වූ අතර, පන්දු 46කදී ශතකයක් වාර්තා කළ දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩුප්ලෙසිස් තෙවැනි ස්ථානයේ පසුවෙයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20දී කඩුලු 4ට ලකුණු 224ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 141ක් පමණි.
ඩේවිඩ් මිලර් පන්දු 35කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 9ක් සමගින් ශතකය වාර්තා කළ අතර, ඉනිම අවසන් වන විට පන්දු 36කදී නොදැවී ලකුණු 101ක් වාර්තා කළේය.
මිලර්ට අනගි සහයක් ලබාදුන් හෂීම් අම්ලා පන්දු 51කදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 85ක් වාර්තා කළේය.
බංග්ලාදේශය වෙනුවෙන් ෂකිබ් අල් හසන් සහ මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු හඹායාමේදී සෞම්‍ය සර්කාර්  පන්දු 27කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 44ක් රැස් කළ අතර, මහමදුල්ලා ලකුණු 24ක්ද, සයිෆුඩීන් ලකුණු 23ක්ද වාර්තා කළහ.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩුමිනි සහ පන්ගීසෝ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු තත්ත්වය :-
දකුණු අප්‍රිකාව පන්දුවාර 20දී - 224/4යි
අම්ලා 85, ඩිවිලියර්ස් 20, මිලර් (නොදැවී) 101, ෂකිබ් අල් හසන් 22/2, සයිෆුඩීන් 53/2
බංග්ලාදේශය පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී 141යි
සෞම්‍ය සර්කාර් 44, මහමදුල්ලා 24, සයිෆුඩීන් 23, ඩුමිනි 23/2, පන්ගීසෝ 31/2

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3830

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2936

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4406

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5039

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5826

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3512

Please publish modules in offcanvas position.

X

Right Click

No right click