Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දම්මිස්සර සහ ගලිගමුව මැදි විදුහල අවු. 19න් පහළ ශූරතා දිනා ගනියි

ඩී.එස්.අයි. අන්තර් පාසල් සුපර් ස්‍පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ අවුරුදු 19න් පහළ බාලක ශූරතාව දිනා ගැනීමට නාත්තන්ඩිය දම්මිස්සර විදුහල සමත් වූ අතර, බාලිකා ශූරතාව දිනා ගැනීමට ගලිගමුව මධ්‍ය මහා විදුහල සමත් විය. 
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහල සහ නාත්තණ්ඩිය දම්මිස්සර ජාතික පාසල අතර පැවැති අවු. 19න් පහළ බාලක අවසන් තරගයේදී තියුණු සටනකින් පසු තරග වට 3-2ක (21-25, 25-18, 19-25, 28-26, 15-9) ජයක් වාර්තා කළ නාත්තන්ඩිය දම්මිස්සර විදුහල බාලක ශූරතාව දිනා ගත්තේය.
හුංගම විජයබා ජාතික පාසල සහ කෑගල්ල ගලිගමුව මධ්‍ය මහා විදුහල අතර පැවැති අවු. 19න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී වට 3-0ක (25-17, 25-11, 25-15) ජයක් වාර්තා කළ ගලිගමුව මධ්‍ය මහා විදුහල බාලිකා ශූරතාව දිනා ගැනීමට සමත් විය.
ගලිගමුව මැදි විදුහ‍ලේ නිමේෂිකා සෙව්වන්දි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර, සචිනි රුවන්තිකා දක්ෂතම ප්‍රහාරිකාව ලෙසද, සුනේත්‍රා ප්‍රියදර්ශනී  දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙසද සම්මාන ලැබූහ.
මාරවිල ශා. ෂේවියර් විදුහ‍ලේ මිලින්ද නිර්මාල් දක්ෂතම ක්‍රීඩකයා ලෙසද, නවෝද් කෞෂල්‍ය දක්ෂතම පන්දු ඔසවන්නා ලෙසද, සමිත් ප්‍රමුදිත දක්ෂතම ප්‍රහාරකයා ලෙසද සම්මාන දිනා ගත්හ. 
ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ මහඋස්වැව රත්නපාල මහ විදුහල අතර පැවැති අවුරුදු 17න් පහළ බාලිකා අවසන් තරගයේදී වට 3-0ක (25-16, 25-23, 25-17) පහසු ජයක් වාර්තා කළ ගලිගමුව මධ්‍ය මහා විදුහල ශූරතාව දිනා ගත්තේය.
ගලිගමුව මැදි විදුහ‍ලේ දිලුක්ෂි හර්ෂණී දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද, රෝෂිනි ප්‍රමෝධි සෙනෙවිරත්න දක්ෂතම ඔසවන්නිය ලෙසද, රෂ්මි දිව්‍යාංජලී ලක්මාලි දක්ෂතම ප්‍රහාරිකාව ලෙසද සම්මාන දිනා ගත්හ.
අවුරුදු 15න් පහළ බාලක අවසන් තරගයේදී රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහල වට 3-1කින් පරාජය කළ මාරවිල ශා. ෂේවියර් විදුහල ශූරතාව දිනා ගත්තේය.
ශා. ෂේවියර් විදුහ‍ලේ හිරුෂ ගනිදු ලක්ෂාන් දක්ෂතම ක්‍රීඩකයා ලෙසද, කවිඳු උදයංග දක්ෂතම පන්දු ඔසවන්නා ලෙසද සම්මාන දිනාගත් අතර, රාජසිංහ විදුහ‍ලේ කවිෂ්ක මධුසංඛ දක්ෂතම ප්‍රහාරකයා ලෙස සම්මාන ලැබිය.
අවුරුදු 15න් පහළ බාලිකා අවසන් තරගයේදී හුංගම විජයබා වට 3-0කින් (25-16, 26-24, 25-20) පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට උහන තිස්සපුර විදුහල සමත් විය.
තිස්සපුර විදුහ‍ලේ අමන්දි භාග්‍යා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද, නිවන්ති මධුමාලි දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙසද සම්මාන දිනාගත් අතර, විජයබා ජාතික පාස‍ලේ සුරේඛා දිල්ෂානි දක්ෂතම ප්‍රහාරිකාව ලෙස සම්මාන ලැබුවාය.
රුවන්වැල්ල රාජසිංහ සහ මාරවිල ශා. ෂේවියර් අතර පැවැති අවුරුදු 13න් පහළ බාලක අවසන් තරගයේදී වට 2-0ක ජයක් වාර්තා කිරීමට ශා. ෂේවියර් සමත් විය.
ශා. ෂේවියර් විදුහ‍ලේ සමිත් මධුෂාන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ අතර, රාජසිංහ විදුහ‍ලේ නිම්සර අතුකෝරල 
දක්ෂතම ප්‍රහාරකයා ලෙසද, ශා. ෂේවියර් විදුහ‍ලේ දිමෙත් චමුදිත දක්ෂතම පන්දු ඔසවන්නා ලෙසද සම්මාන ලැබිය.
උහන තිස්සපුර විදුහල සහ ත්‍රිකුණාමලය රාජකීය විදුහල අතර පැවැති අවු. 13න් පහළ බාලිකා අවසන් තරගයේදී වට 2-0ක (21-12, 2-113) ජයක් වාර්තා කිරීමට තිස්සපුර මහ විදුහල සමත් විය.
තිස්සපුර මහ විදුහ‍ලේ චතුරි පූර්ණිමා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර, තිස්සපුර මහ විදුහ‍ලේ සෙනුරි තරුෂිකා දක්ෂතම ප්‍රහාරිකාව ලෙසද, ත්‍රිකුණාමලය රාජකීය විදුහ‍ලේ ජේ.ඒ.පී. සඳුනි දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙසද සම්මාන දිනා ගත්හ.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සම්මේලනය එක්ව ඩී.එස්.අයි. සමාගමේ අනුග්‍රහය ඇතිව 17 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ජාතික මට්ටමේ අවසන් ඊයේ සහ පෙරේදා (23 සහ 24දා) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ 
විදුලිබල - පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය, සීමාසහිත 
ඩී. සැම්සන් කර්මාන්ත 
සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
 
ප්‍රභාත් විදානපතිරණ
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 31

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 174

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6913

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4536

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6025

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6711

Please publish modules in offcanvas position.

X

Right Click

No right click