Coss Ear2
lakbima.lk
COSS Ear 1

ෂර්මා - බුම්රා සහ දෝනි ඉන්දීය ජය තහවුරු කරති

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (27දා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබූ ඉන්දියාව තරග 5 කින් සමන්විත තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 9 ට ලකුණු 217 ක් රැස් කළ අතර ඉන්දියාව පන්දුවාර 45.1කදී කඩුලු 4ට ලකුණු 218ක් ලබමින් ජය වාර්තා කළේය.
තරගාවලිය පුරාම අසාර්ථකවී සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් ඊයේද අසාර්ථක වූ අතර ඉන් උපරිම ප්‍රයෝජනය ගත් ජස්ප්‍රිට් බුම්රා ලකුණු 27 ට කඩුලු 5 ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ලකුණු 218 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය පෙර පෙල කඩුලු 4ක් ලකුණු 61 ක් තුළ බිඳ වැටුණද ඉනිමේ සියලු බර කරට ගනිමින් සුපිරි ශතකයක් වාර්තා කළ රෝහිත් ෂර්මා ඉන්දීය ජය තහවුරු කළේය.
ලකුණු අතර සිටින ධවාන් ලකුණු 5 කට දවා ගැනීමට මාලිංග සමත්වූ අතර නායක කෝලි ලකුණු 3 කට පිටියෙන් ඉවත් කිරීමට විශ්ව සමත් විය.
රාහුල් ලකුණු 17 කට දවාගත් අකිල ධනංජය කෙදර් ජදාව් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමෙන් ඉන්දියාව අසීරු තත්ත්වයකට පත්විය.
එහෙත් පිටියේ එක්වූ රෝහිත් ෂර්මා සහ එම්. එස්. දෝනි 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 157ක සම්බන්ධතාවක් තබමින් ඉන්දීය ජය මාවත විවර කළේය.
සිය 12 වැනි එක්දින ශතකය වාර්තා කළ රෝහිත් ෂර්මා පන්දු 145 කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 124ක් ලැබූ අතර දෝනි පන්දු 86කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 67ක් වාර්තා කළේය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවේ ප්‍රහාරක පිතිකරු දික්වැල්ල ලකුණු 13 කට දවාගත් බුම්රා අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් එක් ලකුණකට දවා ගැනීමෙන් කඩුලු 2 ක් ලකුණු 28 ක් තුළ බිඳ වැටුණි.
ඉන්පසු පිටියේ එක්වූ චන්දිමාල් සහ තිරිමාන්න බිඳ වැටුණු ඉනිම ගොඩනංවමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් තැබුවද ලකුණු ලබා ගැනීමේ වේගය දුර්වල මට්ටමක විය.
පන්දු 71 කදී හතරේ පහර 4 ක් සහිතව ලකුණු 36 ක් ලැබූ චන්දිමාල් දවා ගැනීමට හාර්දික් පාන්ඩ්යා සමත් වීමෙන් පසු මැතිව්ස් සහ තිරිමාන්න පිටියේ එක්විය.
එහෙත් අනවශ්‍ය රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට උත්සාහා කළ මැතිව්ස් ලකුණු 11 ක් ලබා කෙදර් ජදාව්ට සිය කඩුල්ල පූජා කිරීමෙන් ශ්‍රී ලංකාව අසීරු අඩියකට ඇද වැටුණි.
යළිත් බුම්රා කැඳවීමට කෝලි තීරණය කළ අතර පන්දු 105 කදී හතරේ පහර 5 ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 80 ක් ලබා සිටි ලහිරු තිරිමාන්නට ශ්‍රී ලංකාවේ 5 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
නායක කපුගෙදර ලකුණු 14 කට දවා ගැනීමට පටෙල් සමත් වීමෙන් පසු පන්දු 27 කදී හතරේ පහර 4 ක් සහිතව ලකුණු 29 ක් ලබාසිටි මිලින්ද සිරිවර්ධන දවා ගනිමින් සිය සිව්වැනි කඩුල්ල බිඳ හෙළීමට බුම්රා සමත්විය.
අකිල ධනංජය බුම්රා හමුවේ ලකුණු 2 කට දැවී ගිය අතර චමීර ලකුණු 6 කට දුවද්දී දැවී යාමකට හසුවිය. ශ්‍රී ලංකාවට අවසානයේ පන්දුවාර 50 දී ලබාගත හැකිවූයේ කඩුලු 9 ට ලකුණු 217 ක් පමණි.
බුම්රා කඩුලු 5 ක්ද, පාන්ඩ්යා, පටෙල් සහ ජදාව් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.


මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට{jcomments on}

IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 40

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2969

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6226

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5202

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3115

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3069

Please publish modules in offcanvas position.