Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු 3 ක ජයක් ලැබූ ඉන්දියාව තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඊයේ (24දා) සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 8 ට ලකුණු 236 ක් රැස්කළ අතර වර්ෂාව හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට පන්දුවාර 47 දී ලකුණු 231 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 44.2 දී කඩුලු 7 ට ලකුණු 231 ක් ලබමින් ජය ගත්තේය.
අකිල ධනංජයගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉන්දියාවේ කඩුලු 7 ක් ලකුණු 131 ක් තුළ බිඳ වැටුණද එම්.එස්. දෝනි සහ බුවන‍ෂේවර් කුමාර් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 100 ක සම්බන්ධතාවයක් තබමින් ඉන්දීය ජය තහවුරු කළහ.
සිය පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 80 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 53 ක් රැස් කිරීමට බුවන‍ෂේවර් කුමාර් සමත්වූ අතර වගකීමකින් යුතුව පන්දුවට පහරදුන් දෝනි පන්දු 68 දී එක් හතරේ පහරක් සහිතව නොදැවී ලකුණු 45 ක් ලැබිය.
සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අකිල ධනංජය ලකුණු 54 ට කඩුලු 6 ක් බිඳ දමා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තද සෙසු පන්දු යවන්නන්ගේ දුර්වලතාවයෙන්  ශ්‍රී ලංකාවට පරාජය වීමට සිදුවිය.
ලකුණු හඹා යාමේදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන ෂිකර් ධවාන් සහ රෝහිත් ෂර්මා සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු අකිල ධනංජය ක්‍රියාත්මක වීමෙන් පන්දු 45 දී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සහිතව ලකුණු 54 ක් ලබා සිටි රෝහිත්
ෂර්මාට ක්‍රීඩාගාරයට යෑමට සිදුවිය.
පන්දු 50 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 49 ක් ලබාසිටි ෂිකර් ධවාන් පිටියෙන් ඉවත් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් විශිෂ්ට ගණයේ උඩ පන්දු රැකීමක නිරත වීමෙන් මිලින්ද සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ ලකුණු 113 දී දෙවැනි කඩුල්ල බිඳ වැටුණි.
ඉන් පසු ක්‍රියාත්මක වූ අකිල ධනංජය එකම පන්දු වාරයකදී කඩුලු 3 ක් දවා ගැනීමෙන් ඉන්දයාවේ කඩුලු 5 ක් ලකුණු 119 ක් තුළ බිඳ වැටුණි.
පිතිකරු ලැයිස්තුව වෙනස් කරමින් කෝලිට පෙර එවූ කෙදර් ජදාව් (1) දවාගත් අකිල ඉන් පන්දු 2 කට පසු කෝලි ලකුණු 4 කට දවාගත් අතර අවසන් පන්දුවේදී රාහුල් (4) දවා ගැනීමෙන් ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයකට පත්විය.
සිය 5 වැනි කඩුල්ල ලෙස හාර්දික් පාන්ඩ්යා ලකුණු ලබා ගැනීමට පෙර දවාගත් අකිල තුන් ඉරියව් ක්‍රීඩක අක්ෂාර් පටෙල් ලකුණු 6 කට දවා ගැනීමෙන් ඉන්දියාවේ 7 වැනි කඩුල්ල ලකුණු 131 දී දවා ගත්තේ දෝනි එක් අන්තයක තනි කරවමිනි.
එහෙත් ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු සුන් කරමින් දෝනි සහ බුවන‍ෂේවර් ඉන්දියාවට නොතිබූ ජයක් හිමිකර දුන්හ.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දික්වැල්ල සහ ධනුෂ්ක ලකුණු 41 ක සම්බන්ධතාවයක් තැබූ අතර බුම්රාගේ පන්දුවක් හමුවේ දික්වැල්ල ලකුණු 31 කට දැවී යාමෙන් පසු ධනුෂ්ක (19) සහ කුසල් (19) පිටියෙන් ඉවත් කිරීමට චහාල් සමත්විය.
නායක තරංග ලකුණු 9 කට පිටියෙන් ඉවත් කිරීමට පාන්ඩ්යා සමත්වීමෙන් පසු මැතිව්ස් ලකුණු 20 කට පිටියෙන් ඉවත් කිරීමට අක්ෂාර් පටෙල් සමත්වීමෙන් කඩුලු 5 ක් ලකුණු 121 ක් තුළ බිඳ වැටුණි.
ඉන් පසු පිටියේ එක්වූ මිලින්ද සිරිවර්ධන සහ චාමර කපුගෙදර එක්ව බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනංවමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් තැබිමට සමත් වූහ.
පන්දු 58 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 58 ක් ලැබූ මිලින්ද සිරිවර්ධන පිටියෙන් ඉවත් කිරීමට බුවන‍ෂේවර් කුමාර් සමත්වූ අතර පන්දු 61 දී හතරේ පහර 2 ක් සහිතව ලකුණු 40 ක් ලැබූ කපුගෙදර දවා ගැනීමට බුම්රා සමත් විය.
පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ බුම්රා අවසානයේ අකිල ධනංජයගේ කඩුල්ල සහිතව ලකුණු 43 ට කඩුලු 4 ක් බිඳ හෙලීය. චහාල් ලකුණු 43 ට කඩුලු 2 ක්ද පාන්ඩ්යා සහ පටෙල් එක් කඩුල්ල බැගින්ද බිඳ හෙලූහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවැනි එක්දින තරගය ලබන 27 දා පල්ලෙකැ‍ලේදී පැවැත්වේ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව

නිරෝෂන් දික්වැල්ල ඇ. ධවාන් ප. බුම්රා31ධනුෂ්ක ගුණතිලක ස්ට. දෝනි ප. චහාල් 19
කුසල් මෙන්ඩිස් ක.මු.ක. ප. චහාල් 19
උපුල් තරංග ඇ. කෝලි ප. පාන්ඩ්යා  9
ඇන්ජලෝ මැතිව්ස් ක.මු.ක. ප. පටෙල්20
මිලින්ද සිරිවර්ධන ඇ. ෂර්මා ප. බුම්රා58
චාමර කපුගෙදර ප. බුම්රා40
අකිල ධනන්ජය ඇ. පටෙල් ප. බුම්රා9
දුෂ්මන්ත චමීර (නොදැවී)6
විශ්ව ප්‍රනාන්දු (නොදැවී)3
අතිරේක 22
මුළු ලකුණු (පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී)236
කඩුලු බිඳ වැටීම :- 1-41, 2-70, 3-81, 4-99, 5-121, 6-212, 7-221,
8-230
පන්දු යැවීම :- බුවන‍ෂේවර් කුමාර් 10-0-53-0, ජස්ප්‍රිට් බුම්රා 10-2-43-4, යස්වෙන්ද්‍ර චහාල් 10-1-43-2, හර්දික් පාන්ඩ්යා 5.2-0-24-1, අක්ෂාර් පටෙල් 10-0-30-1, කෙදර් ජදාව් 4.4-0-32-0

ඉන්දියාව

රෝහිත් ෂර්මා ක.මු.ක. ප. ධනංජය54ෂිකර් ධවාන් ඇ. මැතිව්ස් ප. සිරිවර්ධන 49
ලොකේශ් රාහුල් ප. ධනංජය 4
කෙදර් ජදාව් ප. ධනංජය1
විරාත් කෝලි ප. ධනංජය4
එම්.එස්. දෝනි (නොදැවී)45
හාර්දික් පාන්ඩ්යා ස්ට. දික්වැල්ල ප. ධනංජය0
අක්ෂාර් පටෙල් ක.මු.ක. ප. ධනංජය6
බුවන‍ෂේවර් කුමාර් (නොදැවී)53
අතිරේක 15
මුළු ලකුණු (පන්දුවාර 44.2කදී කඩුලු 7දැවී)231
කඩුලු බිඳ වැටීම :- 1-109, 2-113, 3-114, 4-118, 5-119, 6-121, 7-131
පන්දු යැවීම :- ලසිත් මාලිංග 8-0-49-0, විශ්ව ප්‍රනාන්දු 6.2-0-32-0, ඇන්ජලෝ මැතිව්ස් 3-0-11-0, දුෂ්මන්ත චමීර 7-0-45-0, අකිල ධනංජය 10-0-54-6, මිලින්ද සිරිවර්ධන 10-0-39-1

මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3967

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3710

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6782

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4190

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2612

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3419

Please publish modules in offcanvas position.

Web Analytics