Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (13දා) මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 487 ක්  ලබාගත් ඉන්දියාව ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 135 කට සීමා කරමින් ප්‍රබල තත්ත්වයක පසුවිය.
ලකුණු 352 ක් පසු පසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ඇරඹූ ශ්‍රී ලංකාව දිනය  අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 19 ක් ලබා සිටියේය. උපුල් තරංග ලකුණු 7 කට දැවී ගිය අතර දිමුත් කරුණාරත්න සහ මලින්ද පුෂ්පකුමාර කඩුල්‍ලේ රැඳී සිටියහ.
පළමු දිනයේ ෂිකර් ධවාන් වාර්තා කළ ශතකයත් ඊයේ හාර්දික් පාන්ඩ්යා වාර්තා කළ ප්‍රහාරාත්මක ශතකයත් හේතුවෙන් ඉන්දියාව ලකුණු 487 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත්විය.
කඩුලු එකපිට එක බිඳ වැටෙද්දී හුදෙකලා සටනක නිරත වූ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 48 ක් වාර්තා කළද ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවීය.
මොහොමඩ් ෂමීගේ පන්දු හමුවේ උපුල් තරංග (4) සහ දිමුත් කරුණාරත්න (5) අසාර්ථක වීමෙන් ලකුණු 23 ක් තුළ කඩුලු 2 ක් බි¼ඳ වැටුණි.
ලකුණු 18 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යාමකට හසු වූ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබාම පාන්ඩ්යාට ගොදුරු වීමෙන් ලකුණු 38 ක් තුළ කඩුලු 4 ක් බිඳ වැටුණි.
දික්වැල්ල සහ චන්දිමාල් එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු ටෙස්ට් තරගය එක්දින තරගයක් කිරීමට ඉදිරියට පැන පහරදුන් දික්වැල්ල ලකුණු 29 ක් ලබා සිය කඩුල්ල පූජා කළේය.
කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී හයේ පහරක් එල්ල කිරීමට ගිය දිල්රුවන් (00) කුල්දිප්ගේ දෙවැනි කඩුල්ල බවට පත්වෙද්දී ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 107 ක් ලෙස සටහන් විය.
මුළු ලකුණු සංඛ්‍යාව 125 ක්ව තිබියදී චන්දිමාල් ලකුණු 48 කට පිටියෙන් ඉවත් කිරීමට අෂ්වින් සමත් වීමෙන් 7 වැනි කඩුල්ල බිඳ වැටුණි.
පුෂ්පකුමාර (10) සහ විශ්ව ප්‍රනාන්දු (00) දවා ගැනීමට කුල්දීප් සමත් වූ අතර සඳකැන් ලකුණු 10 කට දවා ගැනීමට අෂ්වින් සමත් වීමෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 135 කට අවසන් විය.
කුල්දීප් යදාව් ලකුණු 40 කට කඩුලු 4 ක්ද, අෂ්වින් සහ ෂමී කඩුලු 2 බැගින්ද බිඳ හෙලූ අතර පාන්ඩ්යා එක් කඩුල්ලක් දවා ගත්තේය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් ෂිකර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් ලකුණු 188 ක සම්බන්ධතාවක් තැබූ අතර පන්දුවාර 40 ක් යැවීමෙන් පසු පන්දු යැවීමට කැඳවූ මලින්ද පුෂ්පකුමාර ලකුණු 85 ක් ලබා සිටි රාහුල් දවා ගත්තේය.
ලකුණු අතර සිටින පුජාරා (8) අසාර්ථක වූ අතර මිනිත්තු 209 ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 123 දී හතරේ පහර 17 ක් සහිතව සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ෂිකර් ධවාන් දවා ගැනීමට පුෂ්පකුමාර සමත්වීමෙන් ලකුණු 229 දී තෙවැනි කඩුල්ල බිඳ වැටුණි.
කෝලි සහ රහානේ අතර සම්බන්ධතාවය බිඳ දමමින් රහානේ ලකුණු 17 කට පිටියෙන් ඉවත් කිරීමට පුෂ්පකුමාර සමත් වීමෙන් පසු ලකුණු 42 ක් ලබා සිටි කෝලි දවා ගැනීමට සඳකැන් සමත්විය.
දෙවැනි නව පන්දුව ලබා ගැනීමෙන් පසු අෂ්වින් ලකුණු 31 කට දවාගත් විශ්ව ප්‍රනාන්දු ලකුණු 16 ක් ලබාසිටි විදිමන් සහා දවා ගැනීමෙන් ඉන්දියාවේ 7 වැනි කඩුල්ල ලකුණු 339 දී බිඳ වැටුණි.
හාර්දික් පාන්ඩ්යා සහ කුල්දීප් යදාව් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක වටිනා සම්බන්ධතාවක් තැබිමෙන් ඉන්දියාව ලකුණු 400 සීමාව පසු කළේය.
ලකුණු 26 ක් ලබා සිටි යදාව් පිටියෙන් ඉවත් කළ සඳකැන් නව පිතිකරු ෂමී ලකුණු 8 කට දවා ගැනීමෙන් ලකුණු 421 ට කඩුලු 9 ක් බිඳ වැටුණි.
ඉන් පසු තරගයේ පාලනය සියතට ගත් පාන්ඩ්යා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිය පළමු ශතකය වාර්තා කළ අතර අවසන් කඩුල්‍ලේ සම්බන්ධතාව ලකුණු 66 ක් විය.
පළමු අර්ධ ශතකය පන්දු 61 කින් වාර්තා කළ පාන්ඩ්යා ඉන් පසු පුෂ්පකුමාරගේ එක් පන්දු වාරයකදී ලකුණු 26 ක්ද සමගින් දෙවැනි අර්ධ ශතකය පන්දු 25 කදී වාර්තා කළේය.
පාන්ඩ්යා අවසානයේ සඳකැන්ට පළමු කඩුලු 5 ක් දවා ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් දැවී ගියේ පන්දු 96 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 6 ක් සහිතව ලකුණු 108 ක් වාර්තා කරමිනි.
පන්දුවෙන් දස්කම් දැක්වූ සඳකැන් ලකුණු 132 ට කඩුලු 5 ක්ද, පුෂ්පකුමාර ලකුණු 82 ට කඩුලු 3 ක්ද, විශ්ව ප්‍රනාන්දු ලකුණු 87 ට කඩුලු 2 ක්ද ලබා ගත්තේය.
අද තරගයේ තෙවැනි දිනයයි.      
 
මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 195

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 217

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 316

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 466

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7070

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4639

Please publish modules in offcanvas position.

X

Right Click

No right click