Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව ටෝරි බෝවී

ලන්ඩන්හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේ  කාන්තා මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඇමෙරිකාවේ ටෝරි බෝවී (තත්. 10.85) සමත් වූ අතර, රිදී පදක්කම අයිවරි කෝස්ට්හි මාරි ජොසීටද (10.86), ලෝකඩ පදක්කම නෙදර්ලන්තයේ ඩැෆ්නි ස්පිචර්ස්ට ද (10.96) හිමි වූහ.

මෙවර තරගාවලියේ මැරතන් ඉසව්වලදී ශ්‍රී ලංකාවේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහ හිරුණි විජේරත්න යන දෙදෙනාම අතරමගදී තරගයෙන් ඉවත් වී තිබේ.

අනුරාධ ඉන්ද්‍රජිත් පිරිමි මැරතන් තරගයේදී මිනිත්තු 31.53.63ක කාලයකදී කිලෝ මීටර් 10ක දුරක් ධාවනයේ යෙදී ඇති අතර, පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

ක්‍රීඩකයන් 71 දෙනකු පිරිමි මැරතන් තරගය අවසන් කර ඇති අතර, ක්‍රීඩකයන් 29 දෙනකු තරගය අතරමගදී ඉවත් වී තිබේ.

කෙන්යාවේ ජියොෆ්රි කිප්කොරි (පැය 2.08.27) පිරිමි මැරතන් රන් පදක්කම දිනාගත් අතර, රිදී පදක්කම ඉතියෝපියාවටද, ලෝකඩ පදක්කම ටැන්සානියාවටද හිමි විය.

කාන්තා මැරතන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ හිරුණි කේසරා විජේරත්න පැය 1.23.11ක කාලයකින් කිලෝ මීටර් 21ක දුර ප්‍රමාණයක් දිව යාමෙන් පසු තරගයෙන් ඉවත් වී තිබේ.

මෙම කාන්තා මැරතන් තරගයේදී ක්‍රීඩිකාවන් 78 දෙනකු තරගය නිමා කළ අතර, 14 දෙනකු අතරමගදී ඉවත් වූහ.

පැය 2.27.11ක කාලයකින් තරගය නිමා කළ රෝස් චෙලිමෝ (බහරේන්) රන් පදක්කම දිනා ගත් අතර, හිටපු ලෝක ශූරියක් වන කෙන්යාවේ එඩ්නා කිප්ලගාට්ට මෙවර රිදී පදක්කමෙන් (පැය 2.27.18) සෑහීමට පත්වන්නට සිදුවිය. මෙහි ලෝකඩ පදක්කම ඇමෙරිකාවේ ඇමී කේ‍ර්ග්ට (2.27.18) හිමි වූවාය.

කාන්තා රිටි පැනීම ඉසව්වේදී මීටර් 4.91ක දුරක් පනිමින් රන් පදක්කම දිනා ගැනීමට ඇමෙරිකාවේ කැතරින් ස්ටෙෆානිඩි සමත් වූ අතර, පිරිමි යගුලිය විසිකිරීම ඉසව්වේ රන් පදක්කම නවසීලන්තයට දිනා දීමට තෝමස් වෝල්ෂ් (මී. 22.03) සමත් විය.

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1489

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1765

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3025

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1613

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1938

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3509

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click