Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් සටන අද ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (14දා) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.එක්දින තරගාවලිය 3-2කින් ජයගත් සිම්බාබ්වේ යහපත් මානසික තත්ත්වයකින් ටෙස්ට් සටනට පිවිසී සිටියි.සිම්බාබ්වේ පිල ග්‍රැහැම් ක්‍රීමර් විසින් මෙහෙයවනු ලබන අතර, ශ්‍රී ලංකා පිල පළමු වරට දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබයි.
ටෙස්ට් නායකයා ලෙස දිනේෂ් චන්දිමාල්ට අද විශාල වගකීමක් පැවරී ඇති අතර, බිඳ වැටුණු ගෞරවය දිනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව අද සටනට පිවිසෙයි.ශ්‍රී ලංකා ටෙස්ට් පි‍ලේ ප්‍රබලම තුරුම්පුව වන රංගන හේරත් කෙරෙහි ශ්‍රී ලංකාවේ වැඩි බලා‍පොරොත්තු රැඳවී තිබේ.
පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග ජයග්‍රහණ වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ රංගන හේරත් මෙම තරගයේදී සිම්බාබ්වේ පිතිකරුවන්ට ඇති ප්‍රබලම අභියේගය වී තිබේ.
අද තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස දිමුත්, තරංග, කුසල් මෙන්ඩිස්, චන්දිමාල්, මැතිව්ස්, දික්වැල්ල සහ අසේල ගුණරත්න ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් පවතී.දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත් සමග දිල්රුවන් පෙරේරා ක්‍රීඩා කරති.
වේග පන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල් සමග ලහිරු කුමාර හෝ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක තිබේ.
තරගය පිළිබඳව අදහස් දක්වන නායක දිනේෂ් චන්දිමාල් පවසන්නේ යහපත් මානසික තත්ත්වයකින් තරගයට මුහුණ දීමට ක්‍රීඩකයන් සූදානමින් පසුවන බවයි.
මෙම තරගයේදී පිතිකරුවන් 7ක් සහ පන්දු යවන්නන් 4 දෙනකුගෙන් තරග වදින බවත්, පන්දු යවන්නන් සිව්දෙනා දඟ පන්දු යවන්නන් 2ක් සහ වේග පන්දු යවන්නන් 2ක් ලෙස විය හැකි බවත් පවසයි.
රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා අත්දැකීම් පිරි දඟ පන්දු යවන්නන් බැවින් සිම්බාබ්වේ පිතිකරුවන්ට එරෙහිව හොඳ සැලසුමක් සකස් කර ඇති බවත්, චන්දිමාල් මෙහිදී පැවැසීය.
එක්දින තරගාවලියේදී සිම්බාබ්වේ දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමේදී ඇතිවූ අසීරුතා මගහරවා ගැනීමටද සැලසුමක් සකස් කර ඇති බව පැවසූ චන්දිමාල් පන්දු රැකීම දියුණු කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පවසයි.
ටෙස්ට් ශ්‍රේණියේ 8 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ගෙන යාම මෙම තරගයේ සිට ආරම්භ කිරීම තමාගේ බලා‍පොරොත්තුව බවද චන්දිමාල් පැවැසීය.
අද තරගයේදී සිම්බාබ්වේ පිල දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිමට නියමිත බව වාර්තා වන අතර, ක්‍රීමර් සමග රාසා, විලියම්සන් සහ වොලර්ට එම වගකීම පැවරී තිබේ.
සිම්බාබ්වේ පිතිකරණ අංශයේ වගකීම මසකඩ්සා, මුසකන්ඩා සහ කේ‍ර්ග් අර්වින් වෙත පැවරී තිබේ.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මතෛක් ටෙස්ට් තරග 17ක් පවත්වා ඇති අතර, ඉන් තරග 12ක ජය ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර, තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 7ක් පවත්වා ඇති අතර, එම තරග 7ම ශ්‍රී ලංකාව ජයගෙන තිබේ.

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක.

සිම්බාබ්වේ සංචිතය

ග්‍රැහැම් ක්‍රීමර් (නායක), කේ‍ර්ග් අර්වින්, හැමිල්ටන් මසකඩ්සා, නේතන් වොලර්, කාල් මුම්බා, පීටර් මුවර්, ක්‍රිස් මෝෆු, කෙනත් මුසකන්ඩා, නිට්සාල් මෂම්වේ, ඩොනල්ඩ් ටිරිපානෝ, මැල්කම් වොලර්, ෂෝන් විලියම්ස්, රෙගිස් චකබ්වා, ෂිකන්දර් රාසා, රයන් බර්ල්, ටෙන්ඩායි චටාරා

මංගල ධර්මප්‍රේම

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2003

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1094

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5100

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2934

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5014

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6239

Please publish modules in offcanvas position.