Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
නෙස්‍ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය මගින් පළමු වරට සංවිධානය කරන සමස්ත ලංකා රාත්‍රි අර්ධ මැරතන් තරගාවලියේ පළමු අදියර ලබන 15දා ආරම්භ කෙරේ.
දිවයිනේ පළාත් 9ම ආවරණය වන පරිදි අදියර 3ක් යටතේ තරග පැවැත්වෙන අතර, එහි ජයග්‍රාහකයින්ගේ සහභාගිත්වයෙන් අවසන් මහා තරග සිව්වැනි අදියර යටතේ කොළඹදී පැවැත්වේ. 
මේ අනුව උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් තරග 15දා යාපනය දොරෙයියප්පා ක්‍රීඩාංගණය අසලින් සවස 5.00ට ආරම්භ කෙරෙන අතර, දෙවැනි අදියර යටතේ වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත් තරග මේ මස 22දා සවස 5.00ට කෑගල්ල නගර මධ්‍යයෙන් ආරම්භ කෙරේ.
තෙවැනි අදියර යටතේ දකුණ, ඌව සහ බස්නාහිර පළාත් තරග 29දා සවස 5.00ට මාතර නගරයෙන් ආරම්භ කෙරේ.
මෙම අදියරයන්හි ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අවසන් මහා තරග සැප්තැම්බර් 16දා සවස 5.00ට කොළඹින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
තරගාවලිය සඳහා අවුරුදු 15ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි අතර, තරගය කිලෝ මීටර් 21.5ක දුරකින් යුක්තවේ.
මෙම තරගාවලියට සමගාමීව කිලෝ මීටර් 5ක දුරකින් යුත් මාර්ග දිවීමේ තරගයක්ද පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ.
 
ප්‍රභාත් විදානපතිරණ
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 57

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 210

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6928

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4545

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6032

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6721

Please publish modules in offcanvas position.

X

Right Click

No right click